අතීතයේ සිට ශ්‍රී ලංකාවේ කුරුඳුවලට ලෝකය පුරා විශාල ඉල්ලුමක් නිර්මාණය වී තිබුණි. වර්තමානයේ ද ශ්‍රී ලංකාවේ කුරුඳු සඳහා හොඳ ඉල්ලුමක් ලොව පුරා පවතී. කුරුඳු සකස් කරන ආකාරය පිළිබඳව විස්තරයක් පහතින් දැක්වේ.
කුරුඳු ගසෙන් වෙන් කරගත් කුරුඳු කෝටු මතු පිට ඇති දුඹුරු පැහැති සුඹුළ සූරා පිරිසිදු කිරීම සිදු කරයි.
පිත්තල කූරකින් හෝ උපකරණයක් මගින් පොත්ත තැළීම සිදු කළ හැකි ය.
- පොත්ත කැපීම හා කඳින් වෙන් කර ගැලවීම
කෝටුවේ එක් කෙළවරක සිට අනෙක් කෙළවරට පොත්ත දිග අතට පළා පොත්ත හා දණ්ඩ අතරින් පිහිතුඩ ඇතුළු කර 1/2 පමණ ඉහළට පොත්ත ඔසවා ලිහිල් කර බාග දෙකක් ලෙස හෝ තනි පොත්තක් ලෙස ගලවා ගැනීමට හැකි ය.
ගැලවූ පොතු එක මත එක වන සේ සන්ධි කර කූර පුරවනු ලැබේ. මෙහි දී එම කූරු වර්ගයේ ම සුඹුළ ඉවත් කරන ලද පොතුවලින් පිරවීම සිදු කරයි.
සකසා ගත් කූරුවලින් 106.7cm පමණ දිග කූරු සකස් කර නෙරා ඇති කොටස් කපා ඉවත් කරයි.
සකසා ගත් කුරුඳු කූරු මඳ පවනේ දින 4-7 පමණ වියළීම සිදු කරයි.
ඉහතින් විස්තර කරන ලද පියවරයන් පහත දැක්වෙන වීඩියෝවෙන් නැරඹිය හැක.
කුරුඳු ආශ‍්‍රිත නිෂ්පාදන