Practicals.

.

Field Works.

පහසුකම් සපිරි දේශන ශාලා.

BST උගන්වන පංතිය.

Wednesday, November 20, 2019

ජෛව පද්ධති තාක්ෂණවේදය උසස් අධ්‍යාපන අවස්ථා


උසස්පෙළට BST කරන අපට තියෙන උසස් අධ්‍යාපන අවස්ථා ගැන තාම අපේ දරුවෝ සමහරු දන්නේ නැහැ. ඒ නිසා ඒ පිළිබදව අධ්‍යාපන අමාත්‍යංශයෙන් විශේෂ දැනුවත් කිරීමක් නිකුත් කරලා තියෙනවා. බලලා අවබෝධයක් ලබා ගන්න. 

මෙතනින් ගන්න.

තාක්ෂණවේදය සදහා විද්‍යාව - Science for Technology සටහන්

මෙන්න ඹබට SFT සිද්ධාන්ත සටහන් තොගයක්ම. ඇතැම් ඒවා පැරණි විෂය නිර්දේශයට අදාළ ඒවා. නමුත් නව විෂය නිර්දේශයටත් ඒවා අදාළයි. ඩවුන්ලෝඩ් කරගෙන කියවලා බලන්න. අදාළ මාතෘකාව click කරලා ඩවුන්ලෝඩ් කරගන්න පුලුවන්.


සැ.යු.  - මෙහි තිබෙන ලිපි අන්තර්ජාලයෙන් උපුටා ගන්නා ලදී. සියළු හිමිකම් මුල් කතුවරයා සතුය.



01 - ක්ෂුද්‍රජීව විද්‍යාව

02 - රසායන විද්‍යාව 1 කොටස

03 - හෞතික විද්‍යාව 1 කොටස

04 - හෞතික විද්‍යාව 11 කොටස

05 - ගණිතය 1 කොටස

06 - ගණිතය 11 කොටස

07 - බලය

08 - තාප රසායනය

09 - රසායනික කර්මාන්ත

10 - රසායනික කර්මාන්ත

11- භ්‍රමණ චලිතය

12 - ක්ෂුද්‍රජීවීන් සහ ඔවුන්ගේ භාවිත


එන්ජිමක ප්‍රධාන සංරචක

01. සිලින්ඩර බඳ - CYLINDER BLOCK
එක ම කොටසක් ලෙස චීනට්චට්ටි ලෝහයෙන් හෝ වෙනත් මිශ්‍ර ලෝහ මගින් වාත්තු කර ඇත. වාත්තු කිරීමේ දී පිස්ටන් චලිතය සඳහා සිලින්ඩර බෝරයන් ද, දඟර කඳ භ්‍රමණය සඳහා මව්බෝරයන් ද, කැමිදණ්ඬේ ක්‍රියාකාරිත්වය සඳහා කෑම්බෝරයන් ද, ජල කුහර, තෙල් මාර්ග සහ ඇණ සවිකිරීම සඳහා සිදුරු ද අවශ්‍ය පරිදි වාත්තු කර ඇත. සිලින්ඩර බඳ, තනි සිලින්ඩර හා බහු සිලින්ඩර ලෙස පැවතිය හැකි අතර එන්ජිමේ බොහෝ බාහිර කොටස් සවි කරනු ලබන්නේ සිලින්ඩර බඳට ය.


02 සිලින්ඩර හිස - CYLINDER HEAD
සිලින්ඩර හිස ද චීනට්චට්ටි ලෝහයෙන් වාත්තු කර ඇති අතර සමහර එන්ජින් ඇලුමීනියම් මිශ්‍ර ලෝහය යොදා නිෂ්පාදනය කර ඇත. සිලින්ඩර බඳක ඉහළ කොටස ආවරණය වනුයේ මෙම සිලින්ඩර හිසෙනි. චූෂණ හා පිටාර වෑල්ව, මෙය තුළ ක්‍රියාකරනු ලබන අතර දහන කුටීර, චූෂණ හා පිටාර වායු මාර්ග, පුලිඟු පේනූ හෝ ඉන්ධන විදින, තාප පේනු, සවිකිරීමට සිදුරු ද, බඳ හා හිස සම්බන්ධ කිරීමටත් රෝකර් ආම් එකලස හා ටැපට්
කවරය සම්බන්ධ කිරීමට ඇණ තව් ද මෙහි සකස් කර ඇත.


03. දඟර කඳ - CRANK SHAFT
ඉන්ධන දහනයෙන් නිපදවෙන බලය පිස්ටන්, පිස්ටන් අත් ඔස්සේ දඟර කඳට ලබාගෙන එම බලය පිටතට නිකුත් කිරීම සඳහා දඟර කඳ ශක්තිමත් ව තිබිය යුතු බැවින් එය මිශ්‍ර වානේවලින් නිපදවනු ලබන අතර පිස්ටන්වලට ලැබෙන රේඛීය චලිතය, භ්‍රමණ චලිතයකට පත්කිරීම දඟර කඳ මගින් සිදු කෙරේ. දඟර කඳේ ජර්නල් වර්ග දෙකක් ඇත. ඉන් ප්‍රධාන
ජර්නල සිලින්ඩර බඳට ද, මහකොන් ජර්නල් පිස්ටන් අතට ද බෙයාරින් ආධාරයෙන් සම්බන්ධව පවතී. ජර්නලව ට තෙල් සැපයීම සඳහා දඟර කඳේ තෙල් සිදුරු විද ඇත.


04. කැමි දන්ඩ - CAM SHAFT
එන්ජිමේ චූෂණ හා පිටාර වෑල්ව නියමිත වෙලාවට විවෘත කිරීම කැමි දණ්ඩ මගින් සිදු වේ. එන්ජින් බඳේ හෝ හිසේ ඇති කැමි ජර්නල තුළ ඇති බුහු මත කැමි දණ්ඩ භ්‍රමණය වේ. සමහර එන්ජින්වල කැමි දඩු දෙකක් පැවතිය හැක. කැමි දණ්ඬේ ඇති කැමි මගින් වෑල්ව් විවෘත කිරිම සිදුකරනු ලබන අතර එහි ම පවතින දැති රෝද මගින් පෙට්‍රල් එන්ජිමක ඩිස්ටි්‍රබියුටරය හෝ ස්නේහක තෙල් පොම්පය ක්‍රියා කරවනු ලබයි. කැමි දණ්ඩද ශක්තිමත් ව තිබිය යුතු බැවින් මිශ්‍ර වානේවලින් නිෂ්පාදනය කරනු ලැබේ.



05. පිස්ටනය - PISTON
පිස්ටනය, පිස්ටන් අත මගින් දඟර කඳට සම්බන්ධ ව පවතින අතර දහනයේ දි එන්ජිම තුළ නිපදවන ශක්තිය පිස්ටන හිස මතට ලබාගෙන පිස්ටන් අත හරහා දඟර කඳට ලබාදීම සිදු වේ. පිස්ටන් ඇලුමිනියම් මිශ්‍ර ලෝහයෙන් නිෂ්පාදනය කරනු ලබන අතර ප්‍රසාරණ වාසිය සැලකිල්ලට ගෙන ටේපර්-ඕවල් හැඩයකට නිර්මාණය කෙරේ. පිස්ටන් බදේ සම්පීඩන වළලු සහ තෙල් වළලු සඳහා ඇලි සකස් කර ඇත. පිස්ටනය පිස්ටන් අතට
සම්බන්ධ කිරීම සඳහා පිස්ටන් බඳ හරහා ගිය සිදුරක් තුළ ”පිස්ටන් ඇණය” නම් ලෝහ විල්ලක් ඇත. ප්‍රසාරණ වාසිය සැලකිල්ලට ගෙන පිස්ටන් බඳේ විවිධ නිර්මාණ සිදු කර
ඇති අතර පිස්ටන් හිස ද විවිධ හැඩවලට නිර්මාණය කෙරේ.

 
 06. පිස්ටන් අත - CONNECTING ROD
පිස්ටනය, දඟර කඳට පිස්ටන් අත මඟින් සම්බන්ධ කරනු ලබන අතර එහි එක් කෙළවරක් කුඩා කොන ලෙස ද අනෙක් කොන මහා කොන ලෙස හඳුන්වනු ලබන අතර කුඩා කොන පිස්ටනයේ ඇති පිස්ටන් ඇණයට ද මහකොන දඟර කඳට ද සම්බන්ධ වන අතර පිස්ටන් අත් ප්‍රබල බලයන්ට ඔරොත්තු දිය හැකි ලෙස මිශ්‍ර වානේවලින් I අකුරේ හැඩය ඇති හරස්කඩක් පිහිටන ලෙස නිපදවා ඇත.
07. වෑල්ව - VALVES
සිව්පහර එන්ජිමක සෑම සිලින්ඩරයක් සඳහා වෑල්ව දෙක බැගින් යොදා ඇති අතර ඒවා චූෂණ හා පිටාර වෑල්ව ලෙස හඳුන්වනු ලැබේ. චූෂණ වෑල්වය හරහා පෙට්‍රල් වාත මිශ්‍රණය හෝ වාතය සිලින්ඩරය තුළට ඇතු`ථ කිරීමත් පිටාර වෑල්වය හරහා දැවුණු වායු පිට කිරීමත් සිදු කෙරේ. සමහර එන්ජින්වල සිලින්ඩර තුළට වැඩි පෙට්‍රල් වාත මිශ්‍රණයක් හෝ වාත ප්‍රමාණයක් ලබා දී බලය වැඩි කර ගැනීම සඳහා චූෂණ වැල්වයේ හිස විශාල ව නිපදවා ඇති අතර සමහර එන්ජින්වල එක් සිලින්ඩරයක් සඳහා වෑල්ව 3ක් හෝ 4ක් ඇත. මෙම නිර්මාණයන් සහිත එන්ජින්වල බලය වැඩි අතර වෑල්වයන් නිකල්, ක්‍රෝමියම්, කොබෝල්ට් අඩංගු මිශ්‍ර වානේවලින් නිෂ්පාදනය කරනු ලැබේ.


08. නළහමුවුව - MANIFOLD
එන්ජින් හිසට මෙම නළ හමු ඇණ සහ මුරිච්චි මගින් සම්බන්ධ ව පවතින අතර මේවා චූෂණ නළ හමු හා පිටාර නළ හමු වශයෙන් හැඳින්විය හැක. පෙට්‍රල් වාත මිශ්‍රණයේ ,වාතය චූෂණ නළ හමුව ඔස්සේ සිලින්ඩර කරා ගමන් කරනු ලබන අතර දැවුණු වායුව පිටාර නළ හමුව ඔස්සේ පිටාර නළය කරා ගමන් කෙරේ. චිනට්චට්ටි ලෝහයෙන් වාත්තු කර මෙම නළ හමු නිෂ්පාදනය කර ඇති අතර සමහර එන්ජින්වල චූෂණ නළ හමු ඇලුමිනියම් මිශ්‍ර ලෝහයෙන් ද නිෂ්පාදනය කර ඇත.










එන්ජිමක ක්‍රියාකාරීත්වය


ගොවිපළ යාන්ත්‍රීකරණය ඒකකය යටතේ එන්ජින් ක්‍රියාකාරීත්වය ඉගෙන ගන්න වෙනවනේ. ඔන්න ඒකට මගෙන් උදව්වක්. පෙට්‍රල් එන්ජින් ක්‍රියාකාරීත්වය සිංහලෙන්ම කියලා දෙන වීඩියෝ දෙකක් දෙනවා. මේවා බලන්න. බලලා අවබෝධ කරගන්න. කොටස් පිළිබද දැනුම වගේම යාන්ත්‍රණය පිළිබද දැනුමත් වැදගත්. තව


මෙම වීඩියෝ සියල්ල අන්තර්ජාලයෙන් උපුටා ගන්නා ලදී. එහි ගෞරවය නිර්මාණකරුවන්ට හිමිය.



01. සිව්පහර පෙට්‍රල් එන්ජිමක ක්‍රියාකාරීත්වය

02. සිසිලන පද්ධතිය


ඩීසල් එන්ජින් ගැන විස්තර ඉදිරියට.......

Tuesday, November 19, 2019

ජල සම්පාදන ක්‍රම


මේ පෝස්ටුවෙන් බලාපොරොත්තු වෙන්නේ ඔබට ජල සම්පාදන ක්‍රම ගැන තොරතුරු ටිකක් දෙන්නයි. විශේෂයෙන් ජෛව පද්ධති තාක්ෂණවේදය හදාරන දරුවන්ට වැදගත් වන ක්ෂුද්‍ර ජල සම්පාදනය ගැන තොරතුරු රාශියක් මෙහි අන්තර්ගතයි. එහෙනම් ඉතින් බාගෙන කියවලා බලන්න.

මෙතනින් ගන්න.

වැසි ජලය එක්රැස් කිරීම


මෙන්න වැසි ජලය එක්රැස් කිරීම සම්බන්ධ තොරතුරු ගණනාවක් අන්තර්ගත ලිපියක්. කියවලා බලන්නකෝ.

මෙතනින් ගන්න.

ජෛව අණු


තාක්ෂණවේදය සදහා විද්‍යාව විෂයට අවශ්‍ය සටහනක් දෙන්නයි. මේකේ අන්තර්ගත වෙන්නේ ජෛව අණු ගැන. අරගෙන කියවලා බලන්න.

මෙතනින් ගන්න.