Practicals.

.

Field Works.

පහසුකම් සපිරි දේශන ශාලා.

BST උගන්වන පංතිය.

Friday, March 5, 2021

ශාක පටක රෝපණය

 


මෙන්න පටක රෝපණය ගැන සියලුම තොරතුරු තියෙන වීඩියෝවක්. අමු හිංගලෙන්ම සියලු විස්තර කියලා දෙනවා. ශාක ප්‍රචාරණය ඒකකයට බෙහෙවින් වැදගත්. අනිවාර්යෙන් බලන්න.
මෙතනින් යන්න.


ජල සම්පාදන ක්‍රම




මෙන්න ජල සම්පාදන ක්‍රම පිළිබඳව ඉතා වටිනා වීඩියෝවක්. ගොවිපළ යාන්ත්‍රීකරණය ඒකකයට වැදගත් වේවි. මේක කෘෂිකර්ම දෙපාර්තමේන්තුවෙන් නිෂ්පාදනය කරපු එකක්.

මෙතනින් ගිහින් බලන්න.


 


දියර ඉසින යන්ත්‍ර ක්‍රමාංකනය

 




පළිබෝධනාශක යෙදීමට භාවිත කරන දියර ඉසින යන්ත්‍ර ගැන ගොවිපළ යාන්ත්‍රීකරණය ඒකකයෙදි ඉගෙනගන්නවානේ. ඔන්න දියර ඉසින යන්ත්‍ර ක්‍රමාංකනය කරන ආකාරය ගැන කෘෂිකර්ම දෙපාර්තමේන්තුවෙන් නිකුත් කරපු ලිපියක්. කියවලා බලන්නකෝ.

මෙතනින් ගන්න.

Sunday, April 5, 2020

විසිතුරු මත්ස්‍ය වගාව


විසිතුරු මත්ස්‍ය වගාව සම්බන්ධ Presentation එකක් ඔබට දෙනවා. ජල ජීවී වගාව ඒකකයට අදාළ විසිතුරු මසුන් ගැන තෙරතුරු සමූහයක් රූපසටහන් එක්කම මෙහි තියෙනවා. 
මේ Presentation එක මම නිර්මාණය කරපු එකක් නෙවෙයි. ජල ජීවී වගා සංවර්ධන අධිකාරියේ පුහුණුවකදී මට ලැබුණු එකක්. ඒ නිසා මෙය නිර්මාණය කිරීමේ ගෞරවය අදාළ නිළධාරී මහතාට හිමි විය යුතුයි. 

මෙතනින් ගන්න.

Thursday, April 2, 2020

සිද්ධාන්ත සටහන් - ගොවිපළ යාන්ත්‍රිකරණය


මෙන්න ගොවිපළ යාන්ත්‍රිකරණය ඒකකයට අදාළ පූර්ණ සිද්ධාන්ත සටහන. මේ නිබන්ධන අපේ පන්ති වලට සහභාගී වන සිසුන්ට නොමිලේ ලබා දීලා තියෙනවා. නමුත් Online පන්ති සඳහා සහභාගී වීමට බලාපොරොත්තු වන අනෙක් අයට අවශ්‍ය වෙන නිසා දැම්මා. අවශ්‍ය අය Download කරගන්න.
මේ නිබන්ධන එකක්වත් නිකම් පහළ වුණේ නැහැ. ඔලුව රිදෙනකම් ඇස් කකියනකම් පරිගණකය දිහා බලාගෙන මම නිර්මාණය කරපුවා. මේ නිබන්ධන නිර්මාණය කරන්න එකදිගට පැය පහ හය පරිගණකයත් එක්ක ඔට්ටු වෙනවා සමහ දවස් වලට. Download කරගෙන නිකන්ම යන්නෙ නැතිව යටින් පොඩි comment එකක්වත් දැම්මනම් ගොඩක් වටිනවා.

නිබන්ධනය මෙතනින් ගන්න.


Wednesday, April 1, 2020

සිද්ධාන්ත සටහන් - ජල ජීවී වගාව



ජලජීවී වගාව ඒකකයට අදාළ සිද්ධාන්ත සටහන මෙන්න. පහළ තියෙන Link එකෙන් Download කරගන්න.


මෙයින් ඔබ යම් ප්‍රෙයා්ජනයක් ලබනවානම් යටින් Comment එකක් දාලා යන්න. එය මට ලොකු ශක්තියක් වේවි.

සිද්ධාන්ත සටහන් - දැව සහ දැව නොවන වනජ නිෂ්පාදන



කොරෝනා වසංගතය නිසා ගෙදරට වෙලා ඉන්න දරුවන්ට Online ක්‍රමයට පාඩම් උගන්නන්න තීරණය කළා. උසස් පෙළ ජෛව පද්ධති තාක්ෂණවේදයට අදාළ පාඩම් සියල්ල සඳහා සම්පූර්ණ සිද්ධාන්ත සටහන් මම අද සිට මෙම බ්ලොග් අඩවියට දානවා. 
ඒ යටතේ මෙන්න දැව සහ දැව නොවන වනජ නිෂ්පාදන ඒකකයට අදාළ සිද්ධාන්ත සටහන
පහළින් දාලා තියෙන Link එකෙන් Download කරගන්න.

මෙතනින් ගන්න.