මෙන්න ටිකක් වෙනස් වැඩක්. ජෛව පද්ධති තාක්ෂණවේදය විෂයේ විභාගයට එන්න පුළුවන් ගණිත ගැටළු ආකාර ගණනාවක් සහිත නිබන්ධනයක් ඔබට අද මම දෙනවා. කරලා බලන්න. මේකේ උත්තර ඕන නම් මේ post එකට comment එකක් දාන්න.
මෙතනින් ගන්න
ජෛව පද්ධති තාක්ෂණවේදය හදාරන දරුවන්ට අත්වැලක්
මෙන්න ටිකක් වෙනස් වැඩක්. ජෛව පද්ධති තාක්ෂණවේදය විෂයේ විභාගයට එන්න පුළුවන් ගණිත ගැටළු ආකාර ගණනාවක් සහිත නිබන්ධනයක් ඔබට අද මම දෙනවා. කරලා බලන්න. මේකේ උත්තර ඕන නම් මේ post එකට comment එකක් දාන්න.
මෙතනින් ගන්න
ව්‍යාපාර සැලැස්ම යනු
ව්‍යාපාරයක දැක්ම, මෙහෙවර, අරමුණු හා පරමාර්ථ මෙන්ම ඒවා ඉටුකර ගැනීමට කටයුතු කරන්නේ කෙසේද යන්න පැහැදිලිව විස්තර කෙරෙන ලියවිල්ලකි.
හෝ
ව්‍යාපාරයක දැක්ම, මෙහෙවර, ඉලක්ක, පරමාර්ථ, උපාය මාර්ග, ක්‍රියාකාරී සැලසුම්, පරිසරය, අලෙවිකරණ උපාය මාර්ග සමඟ මූල්‍යමය පුරෝථකන විස්තර කරන ලිඛිත ලියවිල්ලයි.
හෝ
පවතින හෝ නව ව්‍යාපාරයක් පිළිබඳව ඇල්මැති පාර්ශවයන්ට හෝ මූල්‍ය සපයන්නන්ට ව්‍යාපාරයේ අනාගත වැඩ පිළිවෙල පිළිබඳව ඉදිරිපත් කරන ලිඛිත ලියවිල්ලයි.
හෝ
විභව බැංකුකරුවන්ට හෝ ඇල්මැති පාර්ශවයකට ව්‍යාපාරය පිළිබඳ පොරොන්දු හා විශ්මිතයන් අලෙවිකරණ ලියවිල්ලකි.
ව්‍යාපාර සැලැස්මක් පිළියෙල කිරීමේ ඇති වැදගත්කම
1. වඩා හොඳ තීරණ ගැනීමට උපකාරී වීම
තොරතුරු සහිත වීම නිසා වඩා නිවැරදි තීරණ ගැනීමට හැකි වේ. එසේම අනාගතයේ දී ඇතිවිය හැකි ගැටලු හඳුනා ගෙන විකල්ප විසඳුම් කල්තියා තීරණය කළ හැකිවීම.
2. ව්‍යාපාරය යා යුතු මඟ නිවැරදිව හඳුනාගත හැකිවිම
දැක්ම, නිෂ්ඨාව, ඉලක්ක, හා පරමාර්ථ සැලැස්ම තුළින් පෙන්නුම්කරන නිසා ව්‍යාපාරයේ ගමන් මග හදුනාගත හැකිවීම.
3. ව්‍යාපාර සැලැස්ම ව්‍යාපාරයේ හදවත හා ආත්මය වීම
සමස්ථ ව්‍යාපාරයේම වැදගත්ම ලියවිල්ල ව්‍යාපාර සැලැස්මයි.
4. ව්‍යාපාරිකයාගේ ව්‍යවසායකත්ව ජීවිතය සැලැස්මෙන් විද්‍යාමාන වීම
ඔහුගේ උනන්දුව, උද්යෝගය, ධෛර්යය, එයට කදිම සාක්‍ෂියකි. ඔහුට ශක්තියක් ඇති බව දැක්මක් ඇති බව, ඉලක්කයක් ඇති බව, සැලැස්මෙන් තහවුරු කරයි. ගැටලු විසඳා ගැනීමට අවසාන ඉලක්කයක් කරා ගෙන යාමට එය උදව් වේ. ඔහුගේ දැනුමේ පදනම සැලැස්මයි. මුදුන් කණුව එයයි. ඔහුගේ අදහස් යථාර්ථයක් බවට පත්කිරීමට උදව් වන ව්‍යුහය සැලැස්මයි.
5. සම්පත් කාර්යක්‍ෂමව හා සඵලදායීව භාවිත කළ හැකිවිම.
සැලසුම අනුව සම්පත් නිසි ලෙස භාවිත කළ හැකිවීම, නැතහොත් සම්පත්වලින් උපරිම ප්‍රයෝජන ගත හැකිවීම.
6. සංයුක්ත මඟ පෙන්වීම සඳහා වූ මාර්ග සිතියම (Road Map) වීම.
ව්‍යාපාරයක් අද සිටින තැන සිට අනාගතයේ යා යුතුවූ ඉම දක්වා වූ සියලුම කටයුතු මෙහි ඇතුළත් ය. එනම් ව්‍යාපාර කටයුතු කවරේද? කවදා කළ යුතුද ? මෙහෙයවිය යුත්තේ කෙසේද? යනාදී කරුණු.
7. ව්‍යාපාරයේ දැක්ම හා නිෂ්ඨාව වෙත ලගාවීම පහසුවීම.
අනාගත දැක්ම හා නිෂ්ඨාව ලිඛිතව ඉදිරිපත් කිරීම නිසා ඒ ඔස්සේ හඹා යාමට උනන්දුව ඇති කිරීම.
8. ව්‍යාපාරයේ ඉලක්ක, ගමන් මඟ, කාර්යයන් සෙසු සාමාජිකයින්ට සන්නිවේදනය කිරිමට උදව් වීම.
ව්‍යාපාර කටයුතු දියත් කිරිමේ දී සෙසු සාමාජිකයින් දැනුවත් කිරිමට, මෙහෙයවීමට, මඟ පෙන්වීමට, පාලනයට ව්‍යාපාර සැලැස්ම අත්‍යාවශය වේ. ව්‍යාපාරයේ කාර්ය සාධනය පියවරෙන් පියවරට පෙන්නුම් කෙරෙන න්‍යාය පත්‍රය සැලැස්මෙන් පෙන්නුම් කරයි.
9. මූල්‍ය සම්පාදනය පහසුවීම / ව්‍යාපාරයට අරමුදල් සපයන්නන් ආකර්ෂණය කර ගැනීමට සැලැස්ම උපකාරී වීම
ව්‍යාපාරයට අවශය අරමුදල් ආකර්ෂණය කර ගැනීමට ව්‍යාපාර සැලැස්ම අත්‍යවශ්‍යයයි.
10. ව්‍යාපාර පිලිබඳ ඇති විශ්වාසය හා අවබෝධය වර්ධනය විම.
ව්‍යාපාර සැලැස්ම අංකිත එකක්ම නොවේ. ව්‍යාපාරය ගැන ඔබගේ විශ්වාසය, අවබෝධය, වෙළෙඳ පොළ පිලිබඳ අවබෝධය මින් තහවුරු කරයි.
11. ආයෝජකයන් වෙත ඉදිරිපත් කිරීමට, අලුතින් බඳවා ගන්නා විධායක නිලධාරීන් වෙත ඉදිරිපත් කිරීමට වැදගත් වීම.
ව්‍යාපාර සැලැස්මක් නොමැතිව ව්‍යාපාරයක් කිරීම අසාර්ථකභාවය සැලසුම් කිරීමකි. එම නිසා ව්‍යාපාරයක් සාර්ථකව පවත්වා ගෙන යාමට නම් ව්‍යාපාරයක් සැලැස්මක් අවශ්‍ය වේ. ව්‍යාපාර සැලැස්මක් තිබේ නම්,
ව්‍යාපාර සැලැස්මක් නොමැතිව ව්‍යාපාරයේ ඉලක්ක හා පරමාර්ථ ළඟා කරගත නො හැක. ව්‍යාපාර සැලැස්මෙහි ව්‍යාපාර ක්‍රියාකාරීත්වය පියවරෙන් පියවරට ඉදිරිපත් කෙරේ. මානව හා භෞතික සම්පත් සැලසුම් කෙරේ. ව්‍යාපාරයට මඟ පෙන්වීමක් සිදු කෙරේ. අරමුදල් සම්පාදනය කෙරේ. එබැවින් සැලැස්මක් නොමැතිව ව්‍යාපාර කිරීම ඥානාන්විත නොවේ.
ව්‍යාපාරයක් අද සිටින තැන සිට අනාගතයේ යා යුතු ඉම දක්වා වූ සියලු කටයුතු මෙහි ඇතුළත්ය. එනම් ව්‍යාපාර කටයුතු කවරේද? කවදා කළ යුතුද? මෙහෙයවිය යුත්තේ කෙසේද? අවශය මානව හා භෞතික සම්පත් කවරේද? යනාදිය පෙන්නුම් කරයි. මේ නිසා ව්‍යාපාර සැලැස්ම මාර්ග සිතියමක් ලෙස හඳුනාගත හැක.
මෙය හුදෙක් මුල්‍ය ආයතනවල ඉදිරිපත් කරන ලියවිල්ලක් පමණක් නොව වෙනත් අවශ්‍යතා සඳහාද වැදගත් වේ. එනම්, මෙය ව්‍යාපාරයේ ගමන් මඟ පෙන්නුම් කරන මාර්ග සිතියමයි. මෙහි මෙහෙයුම් හා අලෙවිකරණ යනාදී සැලසුම් ඇතුළත් වේ. මෙය කළමනාකරුවන්ට, සේවකයින්ට, ආයෝජකයන්ට, මෙන්ම අනෙකුත් ඇල්මැති පාර්ශවයන්ට ද වැදගත් වේ.
ව්‍යාපාර සැලැස්මක් ලිඛිතව තබා ගන්නේ ඇයි?
ව්‍යාපාර සැලැස්මක් අවශ්‍යයෙන්ම ඇතුළත් කෙරෙන මූලික කොටස්
01. විධායක සාරාංශය (Executive Summary)
ව්‍යාපාර සැලැස්මේ ඉදිරිපත් කර ඇති සමස්ත තොරතුරු පිළිබඳ සාරාංශයයි. සැලැස්මේ සියලුම කොටස් සකස් කර අවසාන කිරීමෙන් පසු විධායක සාරංශය සකස් කරයි. කියවන්නන් ආකර්ශණය වන ආකාරයට මෙය සකස් විය යුත අතර හොඳින් භාෂාව හැසිරවිය යුතුය. මෙය කෙටි එහෙත් ගලා යන ආකාරයට නිශ්චිතව හා හොඳින් ලිවිය යු.තුය. ව්‍යාපාරයේ සා්ර්ථකත්වයටන බලපාන සාධක ඉස්මතු කළ යුතුය. සමස්ත සැලැස්ම පිළිබඳ අවබෝධයක් මෙය කියවන්නාට ලැබෙනු ඇත. සැලැස්ම තවදුරටත් කියවන්නේ ද නැද්ද යන්න විධායක සාරාංශය මත බොහෝ විට තීරණය වේ. විධායක සාරාංශය පිටු දෙකක් පමණ වීම සුදුසුය.
මෙය ව්‍යාපාර සැලැස්මක අඩංගු මාතෘකා පිළිබඳ ලැයිස්තුවක් නොවන අතර සැලැස්ම කියවන්නාට සමස්ත සැලැස්ම පිලිබඳ දළ අවබෝධයක් ලබා දෙන්නක් වේ. ව්‍යාපාර සැලැස්මක අතිශය වැදගත් කොටස විධායක සාරාංශය යි.
විධායක සාරාංශයේ මුලික ඉලක්කය සැලැස්මේ වැදගත් කොටස් සාරාංශ කර දැක්වීමත්, ව්‍යාපාරය පිළිබඳ සංක්‍ෂිප්ත ඡායාරූපයක් (Brief Snapshot) ඉදිරිපත් කිරීමත් තුළින් බාහිර පාර්ශව තව දුරටත් ව්‍යාපාරය පිලිබඳ සොයා බැලීමට පෙළඹවීමයි.
විධායක සාරාංශය මගින්
යන කරුණු සිදු කරයි.
විධායක සාරාංශය ලිවීමේදී......
02. ව්‍යාපාර විස්තරය / සමාගම් සාරාංශය (Business description / company summary)
ව්‍යාපාරයේ ස්වභාවය පිළිබඳ සාමාන්‍ය මෙන්ම සමස්ත විවරණයක් මින් සිදු කෙරේ. එනම් ව්‍යාපාරය කුමක්ද යන්න හා ව්‍යාපාරය සපයනු ලබන භාණ්ඩය හෝ සේවාව පිළිබඳ විස්තර, එමගින් ගනුදෙනුකරුවන්ට ලැබෙන ප්‍රතිලාභ, ව්‍යාපාරයේ සුවිශේෂිත්වය විස්තර කෙරෙන කොටසයි. සාමාන්‍යයෙන් කළ දේට වඩා ඉදිරියට කරන දේ විස්තර විය යුතුයි.
ව්‍යාපාරයේ අරමුණු, ව්‍යාපරයේ ස්වභාවය හා ව්‍යාපාර ව්‍යුහය, පිහිටා ඇති ස්ථානය, සංවිධාන ක්‍රමය, හිමිකරුවන් යනාදිය පිළිබඳ මූලික අවබෝධයක් ලබාගත හැකි ය.
විස්තරය තුළ පහත සඳහන් තොරතුරු අඩංගු විය යුතුය.
දැනට පවතින ව්‍යාපාරයක් නම් එම තත්ත්වයට පත් වූ ආකාරය පිළිබඳව සංක්ක්‍ෂිප්තයක් සහ ව්‍යාපාරය පසුකළ වැදගත් සංධිස්ථාන (ඉතිහාසය, වර්තමානය, හා අනාගත ගමන් මඟ)
03. මෙහෙයුම් සැලැස්ම (Operational Plan)
අපේක්‍ෂිත භාණ්ඩය හෝ සේවාව නිෂ්පාදනය කිරීමට අදාල තොරතුරු ඇසුරින් සකස් කරන සැලැස්මයි. එනම් භාණ්ඩය හෝ සේවාව සත්‍ය වශයෙන්ම නිපදවන්නේ කෙසේද යන්න විස්තර කෙරෙන කොටසයි. කර්මාන්ත ශාලාව ස්ථානගත කිරීම, නිෂ්පාදනය ක්‍රියාවලිය, යන්ත්‍රෝපකරණ, පිරියත, නිෂ්පාදිත ප්‍රමාණය, නිෂ්පාදනයේදී අනුගමනය කරන ජාතික හා අන්තර්ජාතික ප්‍රමිති යනාදි විස්තර ඇතුළත් කෙරෙන කොටස මෙහෙයුම් සැලැස්ම ලෙස හැඳින්වේ.
ව්‍යාපාර සැලැස්මක් සඳහා මෙහෙයුම සැලැස්මක වැදගත්කම් පහත පරිදි දැක්විය හැක.
මෙහෙයුම් සැලැස්මේ අන්තර්ගත කරුණු පහත පරිදි දැක්විය හැක.
04. අලෙවිකරණ සැලැස්ම (Marketing plan)
අලෙවි කිරීමට අපේක්‍ෂිත නිෂ්පාදිතය පිලිබඳව කරන ලද සමීක්‍ෂණයේ තොරතුරු ඇසුරින් පිලියෙල කරන සැලැස්මයි. වෙළෙඳ පොලෙහි ස්වභාවය, අලෙවිකරණ උපාය මාර්ග, වෙළෙඳ පොළ, තරඟකාරීත්වය, විකුණූම් පුරෝකථනය යනාදී තොරතුරු සවිස්තරව ඉදිරිපත් කරන කොටස අලෙවිකරණ සැලැස්මයි.
අලෙවිකරණ සැලැස්මක වැදගත්කම පහත පරිදි දැක්විය හැක
අලෙවිකරණ සැලැස්ම තුළ ඇතුළත් කළ යුතු වැදගත් තොරතුරු පහත පරිදි වේ.
05. මානව සම්පත් සැලැස්ම (කලමණාකරන සැලැස්ම) (Human Resource / Management plan)
ඉලක්ක හා පරමාර්ථ ඉටු කරගැනීම පිණිස අනාගත මානව සම්පත් අවශ්‍යතා නිශ්චය කිරීමත් එකී අවශ්‍යතා ඉටුකර ගන්නා ආකාරයත් ඇතුළත් කෙරෙන කොටස මානව සම්පත් සැලැස්මයි. සේවක අවශ්‍යතාව, සේවකයින් බඳවා ගන්නා ආකාරය, කළමනාකරීත්වයේ ශක්තිය හා විශේෂත්වය මෙහි විස්තර කෙරේ.
මෙහි පහත සඳහන් තොරතුරු අඩංගු විය යුතුය.
අවශ්‍ය සේවකයින් සංඛ්‍යාව, වර්ග යනාදී තොරතුරු දැක්වේ.
ප්‍රධාන කළමනාකරුවන්ගේ කවුරුන්ද, ඔවුන්ගේ සුදුසුකම්,පළපුරුද්ද, ඔවුන්ගේ ශක්තීන් පිළිබඳ විස්තර දැක්වේ.
බාහිර, අභ්‍යන්තර ආකර්ෂණ ක්‍රම හා පවුලේ ශ්‍රම දායකත්වය පිළිබඳව
ව්‍යාපාරයේ විවිධ අංශ, තනතුරු, බලතල, බෙදී ඇති ආකාරය මෙන්ම එය රූප සටහනක් මගින් ඉදිරිපත් කිරීම.
ආයතනයේ විවිධ කාර්යයන්ට අදාළව නිර්මාණය කර ඇති තනතුරු සහ එම තනතුරුවලට අදාළ වගකිම් ද පැහැදිලිව දැක්වීමයි.
මානව සම්පත් වෙනුවෙන් දැරීමට අපේක්‍ෂිත වාර්ෂික මුළු ශ්‍රම වියදම සහ එය සෘජු හා වක්‍ර වියදම් වශයෙන් වෙන් කර හඳුනා ගැනීමයි. එයට ආයතනයේ සමස්ත කලමනාකරණ වියදම්ද ඇතුළත් කෙරේ.
06. මූල්‍ය සැලැස්ම (Financial Plan)
ව්‍යාපාරය ආරම්භ කිරීමට අර මුදල් සපයා ගන්නා ආකාරයත් (මූල්‍ය සම්පාදන මාර්ග) අරමුදල් යොදවන ආකාරයත් (ආයෝජන මාර්ග) ඇතුළත්කර සකස් කරන සැලැස්මයි. ව්‍යාපාරයක සියලුම ඇස්තමේන්තු ගත මූල්‍ය තොරතුරු ඇතුළත් වන කොටස මූල්‍ය සැලැස්මයි. මෙම කොටස සැලැස්මේ පහළ සීමාවට (bottom line) ඇතුළත් වේ.
සැලැස්මේ ඉහළින් ඇති සෑම කොටසක්ම අරමුදල් අවශ්‍යතා සඳහා පදනමක් වේ. මෙම කොටසේ ඇතුළත් විය යුත්තේ සත්‍ය වශයෙන්ම අවශ්‍ය වන මුල්‍ය අයෝජනයයි. එසේම කවදා කෙසේ ඒවා ආපසු ගෙවන්නේද යන්න පැහැදිලි කළ යුතුය. කොපමණ මුදලක් ආයෝජනය කළ යුතු ද එමගින් ලැබෙන ප්‍රතිලාභ කවරේද එම මුදල ආපසු ලැබීමට ගතවන කාලය කොපමණද යන්න ආයෝජකයින්ට මෙමගින් පැහැදිලි වේ.
මූල්‍ය සැලැස්මක් සකස් කිරීමෙන් අත්වන ප්‍රතිලාභ පහත පරිදි දැක්විය හැක.
ව්‍යාපාර සැලැස්මක අවශ්‍යයෙන්ම ඇතුලත්විය යුතු මූල්‍ය ප්‍රකාශන ලෙස
දැක්විය හැකිය.
මුල්‍ය සැලැස්ම තුළින් පහත දැක්වෙන වැදගත් තොරතුරු අනාවරණය වේ.
ව්‍යාපාරයක සැලැස්මේ අඩංගු අලෙවි, මෙහෙයුම්, මානව සම්පත් සැළසුම් වලට ඇතුලත් කරුණු
ව්‍යාපාර සැලැස්මක් තුළින් ආකර්ෂණය කර ගැනීමට අපේක්‍ෂා කරන ප්‍රධාන පාර්ශව
ඇල්මැති පාර්ශව ආකර්ෂණය කෙරේ.
ව්‍යාපාර සැලැස්මක් පිළියෙල කරගත යුතු අවස්ථා
සරල, චාම් හා ආකර්ශනීය වූ අඩුවියදම් සහිත පිට කවරයක් (Cover Page) පළමුව ඇතුළත් කෙරේ.
භාවිතයේ පහසුව සඳහා විධායක සාරාංශයට ප්‍රථමයෙන් ඊට පටුනක් (Table Of Content) එක් කළ යුතුය.
ව්‍යාපාර සැලැස්මෙහි ප්‍රධාන අංග යටතේ සාරාංශව දක්වා ඇති තොරතුරු සඳහා විස්තරාත්මක තොරතුරු ලෙස උප ග්‍රන්ථය (Appendix) අවසානයේ දී එක් කරනු ලැබේ.
මෙන්න විසිතුරු මල් වගාව සහ භූමි අලංකරණය ඒකකයට අදාල සිද්ධාන්ත සටහනක්
පහළ ලින්ක් එකෙන් ඩවුන්ලෝඩ් කරගන්න
මෙතනින් ගන්න