Practicals.

.

Field Works.

පහසුකම් සපිරි දේශන ශාලා.

BST උගන්වන පංතිය.

Sunday, December 29, 2019

බීජ සුප්තතාව සහ එය මඟහැරීම

බීජ සුප්තතාව
පරිණත සජීවී බීජයකට ප්‍රරෝහණයට අවශ්‍ය තෙතමනය, උෂ්ණත්වය, ඔක්සිජන් වැනි සාධක ලබා දුන්න ද ජීව්‍යතාවෙන් යුතු බීජ ප්‍රරෝහණය නොවීම බීජ සුප්තතාව ලෙස හැඳින්වේ.

බීජ සුප්තතාවෙහි වැදගත්කම්

  • අධික වර්ෂා කාලවල දී මේරූ බීජ ඵල තුළ ම ප්‍රරෝහණය වීම වැළකීම
  • අහිතකර කාල මග හරවා ඉදිරි කාලවල සිටුවීමට ගබඩා කර තබා ගත හැකි වීම
  • සිටු වීම සඳහා යෝග්‍ය බීජ දුර බැහැර ප්‍රදේශවලට ද ප්‍රවාහනය කිරීමට හැකි වීම
  • අනාගත ප්‍රයෝජනය සඳහා සංරක්ෂණය කර තබා ගත හැකි වීම (බීජ අභිජනන ක්‍රියාවලිය සඳහා පසු කාලීන ව අවශ්‍ය බීජ ගබඩා කර තබා ගත හැකි ය)

බීජ සුප්තතවෙහි අවාසි
සුප්ත ව පවතින බීජ කිසිදු ප්‍රතිකාරයක් නොකර ක්ෂේත්‍රයේ සිටුවීම කළ හොත් වගාවේ පාළු ඇති වීම, වරින් වර පැළ හට ගැනීම නිසා ඒකාකාර වගාවක් නොලැබීම වැනි අවාසිදායක තත්ත්ව ඇති වේ. එලෙස ම වල් පැළෑටි බීජවල සුප්තතාව කෘෂිකාර්මික ව ඉතාමත් අවාසිදායක තත්ව ගෙන එයි. මේ නිසා ක්ෂේත්‍රයේ වල් මර්දනය කළ ද, සුප්ත වූ වල් බීජ මගින් පසු කාලීන ව නැවත වල් පැළ මතු වේ.

සුප්තතාවෙහි ආකාර
සුප්තතාව පහත අයුරු ප්‍රධාන ආකාර 3කට වර්ගීකරණය කළ හැකි ය.

1. ප්‍රේරිත සුප්තතාව (induced dormancy)
බොහෝ විට ශාකයේ වර්ධක කොටස්වල දක්නට ඇත. ශාකයක අග්‍රස්ථ ප්‍රමුඛතාව නිසා පාර්ශ්වික අංකුර වර්ධනය අඩු වීම ප්‍රේරිත සුප්තතාවකි.

2. පැවරූ සුප්තාව (imposed dormancy)
බීජ ප්‍රරෝහණයට අවශ්‍ය තත්ව ලබා නොදීම නිසා බීජ ප්‍රරෝහණය නොවීම පැවරූ සුප්තතාව වේ. පරිසරයෙන් ප්‍රරෝහණයට ඇති වන බාධා ඉවත් කළ විට මෙම සුප්තතාව බිඳී යයි.

3. සහජ/සත්‍ය සුප්තතාව (true dormancy)
බීජවල ස්වභාව ධර්මය විසින් ලබා දී ඇති කාල තරණ සත්‍ය සුප්තතාවට අයත් වේ.
සහජ සුප්තතාව පහත ආකාරයට නැවතත් වර්ගීකරණය කළ හැකි ය.

  • භෞතික සුප්තතාව - 

භෞතික බාධකයක් (තද පොත්ත) නිසා කලලයේ වර්ධනයට අවශ්‍ය ජලය හා ඔක්සිජන් නොලැබීම නිසා ඇති වන සුප්තතාව භෞතික සුප්තතාව වේ.

  • රසායනික සුප්තතාව - 

වර්ධක නිෂේධක හා හෝර්මෝන වැනි රසායනික ද්‍රව්‍ය හේතු කොට ගෙන බීජ සුප්ත වීම රසායනික සුප්තතාව වේ.

  • රූපානු විද්‍යාත්මක සුප්තතාව - 

කලලය රූපානු විද්‍යාත්මක ව හෝ කායික විද්‍යාත්මක ව පරිණත නොවීම නිසා ඇති වන සුප්තතාව යි.

සුප්තතාව ඇතිවීමට හේතු
1. බීජාවරණයේ ලක්ෂණ
(අ) ඝනකම් බීජාවරණය
මෙහි දී කලලය තුළට ජලය, වාතය විසරණයට බාධා ඇති වීමෙන් කලලයේ වර්ධනයට බාධා ඇති විය හැකි ය. 
උදා: අඹ, තේක්ක, ලූණු මිදෙල්ල වැනි බීජ
(ආ) දිලිසෙන බීජාවරණය
මෙහිදී බීජාවරණයේ දිලිසීම හේතුවෙන් ජලය හා ගැටීම වැළකීම නිසා බීජය තුළට ජලය ඇතුල් නොවේ. එවිට කලලයේ වැඩීමට බාධා ඇති වේ. උදා: ඇකේසියා, සියඹලා, මදටිය

2. බීජාවරණයේ හෝ බීජයේ විවිධ කොටස්වල ඇති රසායනික ද්‍රව්‍යවල ස්වභාවය
සමහර බීජවල බීජාවරණයේ හෝ බීජ තුළ කුමරන්, කැෆලින් අම්ලය වැනි වර්ධක නිෂේධක අඩංගු වේ. එවිට බීජ ප්‍රරෝහණය සිදු නොවේ. උදා: වැල්දොඩම්, ගස් ලබු, තක්කාලි

3. අල්ප විකසිත කලලය
මෙහි දී බීජය පරිණත ව පැවතුණ ද කලලය නිසි ලෙස පරිණත ව නොපවතී. එවැනි බීජ සිටුවූ විට කලලය පරිණත වන තුරු ප්‍රරෝහණය වීම සිදු නොවේ.
උදා: පොල්, තල්

4. අක්‍රිය කලලය
මෙහි දී බීජ පරිණත ව පැවතුණ ද කලලය අක්‍රිය ව පවතින බැවින් ප්‍රරෝහණය නොවේ.
උදා: වී බීජ

5. ආලෝක සංවේදී වීම
බොහොමයක් බීජ ආලෝකයට උදාසීන වුව ද සමහර බීජ ප්‍රරෝහණයට ආලෝකය අවශ්‍ය වේ. ආලෝක සංවේදී බීජ ආලෝකය (විශේෂයෙන් රතු ආලෝකය) නොමැති විට සුප්ත ව පවතී. 
උදා: සලාද බීජ

බීජවල සහජ සුප්තතාව ඉවත් කළ හැකි ක්‍රම

1. බීජාවරණය ඉවත් කිරීම හෝ කැපීම
ඝනකම් බීජාවරණ පවතින බීජවල බීජාවරණය කැපීම හෝ ඉවත් කිරීම මගින් ජලය සහ වාතය විසරණයට පවතින බාධකය ඉවත් වීම නිසා ප්‍රරෝහණය වේ. මෙහි දී කලලය හසු නොවන ආකාරයට බීජාවරණයේ කොටසක් ඉවත් කළ යුතු ය.
උදා : බීජාවරණය පිපිරවීම       - කරවිල
         බීජාවරණය ඉවත් කිරීම  - අඹ

2. බීජාවරණය සීරීම
දිලිසෙන බීජාවරණ පවතින බීජවල බීජාවරණය වැලි කඩදාසියකින් සීරීමෙන් දිලිසෙන ස්වභාවය ඉවත් වී ජලයට, වාතයට පාරගම්‍ය වේ. එමගින් බීජ ප්‍රරෝහණය වේ.
උදා: සියඹලා බීජ, දඹල බීජ

3. බීජාවරණය පිළිස්සීම
තේක්ක, ලුණු මිදෙල්ල වැනි බීජවල ඝනකම් බීජාවරණය මඳ වශයෙන් පිළිස්සීමෙන් ජලයට පාරගම්‍ය වී බීජ ප්‍රරෝහණය වේ.

4. වැඩි උෂ්ණත්වයක තැබීම හෝ උෂ්ණත්වය වෙනස් කිරීම
සමහර බීජ මාරුවෙන් මාරුවට අඩු හෝ වැඩි උෂ්ණත්වවලට භාජනය කිරීමෙන් සුප්තතාව ඉවත් කළ හැකි ය.

5. උණු ජල ප්‍රතිකාර කිරීම
දිලිසෙන බීජාවරණය පවතින බීජ උණු (45 - 50०C) ජලයේ ඉතා සුළු කාලයක් ගිල්වීමෙන් බීජාවරණය පිපිරී ජලයට හා වාතයට පාරගම්‍ය වීම නිසා ප්‍රරෝහණය වේ. ජලයේ උෂ්ණත්වය හා ගිල්වා තබන කාලය බීජ විශේෂය අනුව වෙනස් වේ.
උදා: ඇකේෂියා, ඉපිල් ඉපිල්, ඇහැළ

6 රසායනික ද්‍රව්‍ය යෙදීම
(i) 0.2%පොටෑසියම් නයිටේ්‍රට් ද්‍රාවණයක ගිල්වීම. 
    උදා: වී, කුරක්කන්, තක්කාලි
(ii) තනුක සල්ෆියුරික් අම්ලයේ මිනිත්තු 5-15 අතර ගිල්වීම
මේවා මගින් ඝනකම් බීජාවරණ මෘදු කර ගැනීමෙන් කලල සක්‍රිය කිරීමක් සිදු කළ හැකි ය. 
    උදා: තිරිඟු

7. ආලෝකය ලබා දීම
සලාද වැනි බීජවලට රතු ආලෝකය ලබා දීමෙන් ප්‍රරෝහණය උත්තේජනය කර ගත හැකි ය. මිලි මයික්‍රෝන 660 තරංග ආයාමයෙන් යුතු ආලෝකය සලාද බීජවල ප්‍රරෝහණයට ඉතා සුදුසු බව සොයා ගෙන ඇත.

8. ස්තරීභවනය (stratification)
මෙහි දී බීජ සහ තෙත වැලි ස්තර ලෙස ගබඩා කර තබයි. මෙහි දී බීජ ගබඩා කර තබන කාලය සුප්තතාවෙහි ප්‍රමාණය අනුව වෙනස් වේ. බීජ අඩු හෝ වැඩි උෂ්ණත්වයකට භාජනය කිරීමෙන් ද සුප්තතාව බිඳිය හැකි ය. කලල සුප්තතාව ඉවත් කිරීමට මෙම ක්‍රමය භාවිත කරයි.
උදා: රාබු, සලාද 20०C හි පැය 16 ක් තබා 30०C උෂ්ණත්වයෙහි පැය 8 ක් තැබීමෙන් සුප්තතාව බිඳිය හැකි ය.

9. නිෂේධක ද්‍රව්‍ය සෝදා ඉවත් කිරීම
බීජාවරණයේ නිෂේධක රසායනික ද්‍රව්‍ය පවතින විට ඒවා අළු හෝ වැලි සමග මිශ්‍ර කර පොඩි කර ජලයෙන් සෝදා හැරිම කළ හැකි ය. 
උදා: පැපොල්, වැල් දොඩම්, තක්කාලි

Sunday, December 22, 2019

දිසිඳි පොල් නිෂ්පාදනය (Desiccated coconut production)


උසස් මට්ටමේ ප්‍රමිතීන් පවත්වා ගනිමින් පොල් ගෙඩියේ කුරුට්ට ප්‍රවේශමෙන් ඉවත් කිරීමෙන් පසු කැබලි කර, යන්ත්‍රානුසාරයෙන් මනාව වියළා ඇසිරීමෙන් පිරිසුදු ආහාර ද්‍රව්‍යක් ලෙසට නිපදවන දිසිඳි පොල් , පැහැයෙන් පොල් මදයේ සුදට සමානය. කිරි රසය සමඟ මඳක් පැණි රසය මුසු වු ප්‍රණිත ආහාරයකි. චොක්ලට් , කේක්, බිස්කට්, රසකැවිලි හා ක්ෂණික ආහාර නිෂ්පාදනය සඳහා දිසිඳි පොල් යොදා ගන්නා අතර දිසිඳි පොල් මෙ.ටො. 01ක් නිෂ්පාදනය කිරීම සඳහා සාමාන්‍යයෙන් පොල් ගෙඩි 7,797 ක් පමණ අවශ්‍ය වේ. අමෙරිකා එක්සත් ජනපදය, ඉරානය හා ඊජිප්තුව යන රටවල් ශ්‍රී ලංකාවේ ප්‍රධාන දිසිඳි පොල් මිලදී ගන්නා රටවල්වේ.

දිසිඳී පොල් නිෂ්පාදන කි‍්‍රයාවලියේ පියවර

පොල් ගෙඩි පදම් කිරීම (Seasoning)
පැසුණු පොල් ගෙඩි තෝරා, ඒවා 50 -60 cm ක් පමණ උසට ගොඩ ගසා පදම් වීම පිණිස මාස දෙකක් පමණ පොල් අතුවලින් වසා තැබීම

පොල් ලෙල්ල ඉවත් කිරීම (Dehusking)
පදම් කරගත් පොල් ගෙඩි පොල් උලක් මගින් හෝ පොල්ලෙලි ඉවත්කරන යන්ත‍්‍රයක් ආධාරයෙන් ලෙලි ගසා පොල් ලෙල්ල ඉවත් කිරීම

පොල් කටුව ඉවත් කිරීම (Hatchetting)
පහුණු  කම්කරුවන් ලවා විශේෂිත උපකරණයක (hatchet) ආධාරයෙන් පොල් මදයට හානි නොවන ලෙස පොල් කටුව කුඩා කැබලිවලට කඩා ඉවත් කර ගැනීම

පොල් කුරුට්ට ඉවත් කිරීම (Pairing)
පොල් මදය වටා ඇති දුඹුරු ආවරණය විශේෂිත පිහියක් ආධාරයෙන් කුරුටු ගෑම. මෙහි දී තේරීමක් සිදු කර ප‍්‍රරෝහණය වූ හා හානි වූ පොල් මද ඉවත් කරයි.

කැපීම හා සේදීම
කුරුට්ට ඉවත් කළ පොල් මදය කපා පිරිසිදු වතුරින් හො`දින් සෝදා ගැනීම (පඵදු වූ කොටස් ඇත්නම් මෙම අවස්ථාවේ දී ඉවත් කිරීම සිදු කරයි.)

ජීවාණුහරණය කිරීම (Sterilization)
කපාගත් පොල් මද කැබලි නටන උණු ජලයේ මිනිත්තු 1 1/2 පමණ ගිල්වා තබා ජීවානුහරණය කර ගැනීම. නටන උණු ජලයට අමතර ව 88-93 C ක්‍ අතර උෂ්ණත්වයේ පවතින වාෂ්පවලට මිනිත්තු 5ක පමණ කාලයක් නිරාවරණය කිරීමෙන් Salmonella වැනි අහිතකර බැක්ටීරියාවල කි‍්‍රයාකාරිත්වය නිෂේධනය කළ හැකි ය.

කුඩා කැබලිවලට වෙන් කිරීම (Shredding)
ජීවාණුහරණය කරන ලද පොල් මද කැබලි යන්ත‍්‍රානුසාරයෙන් අවශ්‍ය ප‍්‍රමාණයට හා හැඩයන්ට කපා ගැනීම.
උදා - සියුම් (fine), රළු (coarse), මධ්‍යම (medium) ආදිය

වියළීම
කුඩා කැබලිවලට වෙන්කර ගත් පොල් මද කැබලි වියළනයක තබා ප‍්‍රශස්ත උෂ්ණත්වයට හා කාලයට නිරාවරණය කර රත් වූ වාතයෙන් තෙතමන ප‍්‍රතිශතය 3% ක් පමණ වන තෙක් වියළා ගැනීම.

ඇසුරුම් කිරීම හා ගබඩා කිරීම
වියළන ලද දිසිඳි පොල් ඒවායේ කොටස්වල ප‍්‍රමාණ අනුව හළා ඇසුරුම් කිරීම. අසුරන ලද දිසිඳි පොල් සිසිල් වියළි තත්ත්ව යටතේ ගබඩා කර තැබීම.


මෙහි දී ඉවත් කරන පොල් කුරුට්ට කුරුටු තෙල් (Crude Oil) නිෂ්පාදනයට යොදා ගත හැකි අතර, ඉවත් වන පොල් කටු ජීවාණුහරණ කි‍්‍රයාවලියට අවශ්‍ය උණු ජලය සකසා ගැනීමට භාවිත කළ හැකිය.




Saturday, December 21, 2019

ජලය

මෙන්න ජලය සම්බන්ධ හොද ලේඛනයක්. ජලය ගැන තොරතුරු ගොඩක් තියෙනවා. ජෛව පද්ධති තාක්ෂණවේදය හදාරන දරුවන්ට අතිරේක කියැවීමක් ලෙස මේක ගොඩක් ප්‍රෙයා්ජනවත් වේවි. මෙය ජලසම්පාදන සහ ජලාපවහන මණ්ඩලයේ ප්‍රකාශනයක්.

මෙතන ක්ලික් කරලා බාගන්න.

Wednesday, December 11, 2019

විදුලි පාහනය (Electric Soldering Iron)

පෑස්සුම් ද්‍රව්‍ය මගින් පෑස්සීම සිදු කිරීමට නම් පෑස්සුම් ද්‍රව්‍යයට තාපය ලබා දී ද්‍රව කර ගත යුතු ය. මේ සඳහා විදුලි පාහනය (බවුත්) භාවිත කරයි. මෙය සෘජුවම 230v මගින් ක්‍රියාකරවිය හැකි ය. විදුලි පාහනය තුළ තාපය ඉපදවීම සඳහා අවශ්‍ය නික්‍රෝම් කම්බි දඟරයක් යොදා ඇත. මෙම උපකරණ අතට අල්ලන කොටස හෙවත් මිට ප්ලාස්ටික් හෝ ලී වැනි විද්‍යුත් හෝ තාප පරිවාරක ද්‍රව්‍යයකින් තනා ඇත. නික්‍රෝම් දඟරය මගින් රත් වනු ලබන්නේ පාහනයේ තුඩ යි.

පාහනයේ තුඩ අවශ්‍යතාව අනුව විවිධ හැඩ යොදා සදා ඇත.

විවිධ බවුත් වර්ග


විදුලි පාහනය සඳහා ඇති තුඩ තඹ හෝ සෙරමික් තුඩු වේ. තඹවලට වඩා සෙරමික් තුඩු වඩා යෝග්‍ය වේ. එයට හේතුව නම් තඹ තුඩු භාවිතයේ දී ක්ෂය වී හැඩය වෙනස් වන නමුත් සෙරමික් තුඩු එසේ නොවන බැවිනි.
විදුලි පාහනයේ රත් වීමේ ප්‍රමාණය එහි ජව අගය මත රඳා පවති. ඒ අනුව 30W, 40W, 60W, 100W ආදී ජව ප්‍රමාණයෙන් යුත් විදුලි පාහන ලබාගත හැකි ය. සාමාන්‍යයෙන් ඉලෙක්ට්‍රොනික උපාංග එකලස් කිරීම සඳහා 30W හා 40W විදුලි පාහන යෝග්‍ය වේ.
සමහර ඉලෙක්ට්‍රොනික උපාංග පෑස්සීම සඳහා 230V ප්‍රත්‍යවර්ත ධාරාවෙන් ක්‍රියා කරන පාහන සුදුසු නො වේ. ඒ සඳහා සරල ධාරා විදුලියෙන් ක්‍රියා කරන විදුලි පාහන භාවිත කළ යුතු වේ.

ඊයම් උරවනය (De Soldering Pump)
පාස්සන ලද ස්ථානයක ඇති ඊයම්, විදුලි පාහනය මගින් ද්‍රව කොට ඉවත් කිරීමට මෙම උපකරණය භාවිත කරයි. මෙම උපකරණය භාවිත කිරීමෙන් පෑස්සූ උපාංගයට හා පරිපථ පුවරුවට හානියක් නො වන ලෙස උපාංග ගලවා ඉවත් කළ හැකි ය.

පෑස්සීම
මෘදු පෑස්සීමේ දී ප්‍රථමයෙන් පාස්සනු ලබන ස්ථානය හෝ වයර පිරිසිදු කර ගත යුතු ය. තෙල්, මල, දූවිලි ආදිය ඇත්නම් ඒවා ඉවත් කර ගත යුතු වේ. 
පෑස්සුම් ඊයම් ස්වල්පයක් රත් වූ පාහන තුඩට ගෙන පෑස්සිය යුතු ස්ථානයට තබන්න. අනතුරු ව පෑස්සිය යුතු ස්ථානයේ හොඳින් රත් වූ පාහන තුඩ තබා ඊයම් ද්‍රව වන උෂ්ණත්වයට ඉහළ ගිය වහාම පෑස්සුම් ඊයම් පෑස්සුම් තුඩට ස්පර්ශවන සේ තැබිය යුතු ය. එවිට පෑස්සුම් ද්‍රව්‍ය ක්ෂණික ද්‍රව වී අවශ්‍ය ස්ථානයේ ගලා යයි. ඒ විගස ම ඊයම් කම්බිය ඉවත් කොට තවත් මොහොතකින් පාහන තුඩ ද ඉවතට ගත යුතු වේ. එවිට මනාව පෑස්සුම් ක්‍රියාවලියක් සිදු කර ගත හැකි ය. විදුලි පාහනය හා ස්ථානය හොඳින් රත් නොවීමෙන් වියළි පෑස්සුමක් (Dry joint) ලැබෙන අතර එය ශක්තිමත් නො වේ. පාස්සන ක්‍රියා පිළිවෙළ  රූපයේ දක්වා ඇත.

නිවැරදිව පාස්සන ආකාරය


Saturday, December 7, 2019

වී වගාව


මෙන්න වී වගාව ගැන විස්තර ඇතුළත් පොතක්ම. කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ ප්‍රකාශනයක්. බාගෙන කියවලා බලන්න. පසු අස්වනු තාක්ෂණය යටතේ එන වී වල පසු අස්වනු තාක්ෂණය කොටසට අදාළ කරුණුත් මෙහි අන්තර්ගතයි. 

මෙතනින් බාගන්න.

Tuesday, December 3, 2019

මත්ස්‍ය පසු අස්වනු තාක්ෂණය


සත්ව ප්‍රෝටීන ප්‍රභවයක්‌ ලෙස මත්ස්‍ය ආහාර ප්‍රමුඛ ස්ථානයක්‌ හිමි කර ගන්නා නමුත්‌ එහි පවතින නරක්‌ වන සුලු ස්වභාවය නිසා මසුන්‌ නෙළා ගත්‌ විගස හොඳ තත්ත්වයෙන්‌ පවත්චා ගැනීමට කටයුතු කළ යුතු ය. නිවැරදි පරිහරණය මගින්‌ විවිධ අවස්ථාවල දී සිදුවන හානි අවම කර ගත හැකි වන අතර ගුණාත්මක තත්ත්වයෙන්‌ ඉහළ මසුන්‌ පාරිභෝගිකයින්ට ලබා දීමට හැකි වේ. නෙළා ගත්‌ මත්ස්‍යයා මැරුණු පසු නරක්‌ වීම සම්පූර්ණයෙන්‌ ම නතර කිරීමට නොහැකි ය. නරක්‌ වීමේ වේගය පාලනය කිරීම පමණක්‌ කළ හැකි ය.


මසුන්‌ නරක්‌ වීම ක්‍රම 3 කට සිදු වේ.

  1. මත්ස්‍යයා ජීවත්‌ ව සිටිය දී ආහාර ජීර්ණය සඳහා වැදගත්‌ වූ එන්සයිම මත්ස්‍යයා මියගිය පසු ක්‍රියා කිරිම නිසා (ස්වයංජීර්ණය වීම නිසා )
  2. මත්ස්‍යයාගේ සම, කරමල්‌, ආහාර මාර්ගය ආදි ස්ථානවල ජීවත්‌ වන ක්‍ෂුද්‍රජිවීන්‌ මත්ස්‍යයා මියගිය පසු දේහය තුළ ක්‍රියාත්මක වීම නිසා
  3. මත්ස්‍යයාගේ දේහයේ ඇති ලිපිඩ ඔක්සිකරණය හා ස්වයංජීර්ණය යන රසායනික ක්‍රියාකාරිත්වයට ලක්වීම නිසා


නමුත්‌ නෙළා ගත්‌ විගස ම නිවැරදි ආකාරයට පරිහරණය කිරීමෙන්‌ මසුන්‌ නරක්‌ නොවී ආරක්ෂා කිරීමට හැකි වේ.

ඉහත ක්‍රියාවලිවලට බලපෑම්‌ ඇතිකරන ප්‍රධාන සාධක කිහිපයක්‌ ඇත.

  • පරිසරයේ හෝ මත්ස්‍යයා ගබඩා කර තබන පරිසරයේ උෂ්ණත්වය මත්ස්‍යයාට සිදු විය හැකි තැලීම, සීරිම්‌, පොඩිවීම්‌ චැනි ශාරීරික හානි
  • මත්ස්‍යයා ගබඩා කරන ස්ථානවල හා උපකරණවල පවිත්‍රතාව
  • පරිහරණය කරන්නාගේ සනීපාරක්ෂක තත්ත්වය
  • මත්ස්‍යයා සිසිල්‌ කිරීම සඳහා භාචිත කරන අයිස්‌ ප්‍රමාණය හා අයිස්වල පිරිසිදු භාවය
  • මාලුවා නෙළා ගත්‌ පසු අයිස්‌ දුමීම සඳහා ගත වූ කාලය


ඉහත සියලු සාධක මසුන්ගේ නරක්වීම, තත්ත්චය බාලවීම හා ගුණාත්මක භාවය පිරිහීම කෙරේ බලපායි. .
මත්ස්‍යයකු මැරුණු විගස ම නැවුම්‌ මුහුදු පාසිවල මෙන්‌ සුවදක්‌ දූනෙන නමුදු, මසුන්‌ නරක්‌ වන විට ක්‍රමයෙන්‌ ඇමෝනියා රසය, කටකාරවන රසය, මුඩු රසය වැනි රස බවට පත්‌ වේ. නරක්‌ වූ මසුන්‌ ස්වභාවයෙන්‌, ගන්ධයෙන්‌, වයනයෙන්‌, පෙනුමෙන්‌, රසයෙන්‌ ඉතා පහසුවෙන්‌ හඳුනා ගත හැකි ය. මාලුවාගේ පාරිභෝගික ඉල්ලුම ද සම්පූර්ණයෙන්‌ ම පහළ යයි. මිල ද පහත වැටේ.

මත්ස්‍ය අස්වනු නිවැරදිව පරිහරණය කළ යුතු අවස්ථා

01. අස්වනු නෙළීම

එක්‌ දින ධීවර යාත්‍රාචලින්‌ ධීචර කර්මාන්තයේ යෙදෙන ධීවරයෝ පැය 6-12 පමණ ධීවර කටයුතුවල නියැලෙන අතර නෙළා ගත්‌ අස්වැන්න ගොඩබිම වෙත ගෙන ඒමට තවත්‌ පැය 3-4 පමණ කාලයක්‌ ගත කරති. මොවහු එම යාත්‍රාවල අයිස්‌ ප්‍රවාහනය සිදු නොකරන අතර ගොඩබිම වෙත ළඟා වූ පසු මසුන්‌ තේරීමකට ලක්‌ කර, ප්‍රවාහණ කටයුතු හා අලෙවිය සිදු කරති. මෙහි දී මසුන්‌ තැලීම්‌, සීරීම්වලට ලක්‌ වීම බොහෝ විට සිදු වේ. 
තව ද මෙවැනි යාත්‍රාවල බොහෝ විට භාවිත කරනුයේ කරමල්‌ දැල්‌, හැඹිලි දැල්‌, බිළී බෑම වැනි පන්න ක්‍රමයන්‌ ය. නෙළා ගත්‌ මසුන්‌ දැල්වචලින්‌ ඉවත්‌ නොකරන අතර, දැල පිටින්‌ ම යාත්‍රාව තුළට දමයි. මේ සඳහා යාත්‍රාව තුළ නිශ්චිත ස්ථානයක්‌ නොමැත. එබැවින්‌ මසුන්ගේ දේහය මත අපද්‍රව්‍ය තැවරීමට ඇති හැකියාව වැඩි ය. පිරිසිදු කළාලයක්‌ මත යාත්‍රාව තුළට අදින ලද දැල්‌ දැමීම මගින්‌ ඉහත හානිය වළක්වා ගත හැකි ය. 
නෙළා ගත්‌ මත්ස්‍ය අස්වැන්න හැකි ඉක්මනින්‌ ගොඩබිම වෙත ප්‍රවාහණය කිරීම හා මසුන්‌ ප්‍රවේශමෙන්‌ යාත්‍රාව තුළ දී පරිහරණය කිරීමෙන්‌ මෙවැනි යාත්‍රාවල දී සිදුවිය හැකි හානි අවම කරගත හැකි ය.
නමුත්‌ බහු දින යාත්‍රා මගින්‌ බොහෝ විට විශාල මසුන්‌ අල්ලා ගනු ලබන අතර එවැනි ධීවරයෝ දින 30-45 අතර කාල සීමාවක්‌ මුහුදු ගමනක යෙදෙමින්‌ ධීවර කටයුතුවල යෙදී සිටිති. එබැවින්‌ එක්‌ දින යාත්‍රාවල මෙන්‌ නොව බහු දින යාත්‍රාවල දී මත්ස්‍ය අස්වැන්න නෙළා ගත්‌ අවස්ථාවේ පටන්‌ අලෙවිය දක්වා ඉතා සැලසුම්‌ සහගත ව කටයුතු කළ යුතු ය.

බහුදින ධීවර යාත්‍රාවක්


යාත්‍රා මගින්‌ භාවිත කරන ප්‍රධාන පන්න ක්‍රමයක්‌ වනුයේ කරමල්‌ දැල්‌ ය. මෙම යාත්‍රාවල දැල්‌ එළීම සවස්‌ කාලයේ සිදු කරන අතර අලුයම 2-3 අතර කාලයේ එම දැල්‌ බෝට්ටුව චෙත අදිනු ලබයි. දැල්‌ අදින අවස්ථාව වන විට මසුන්‌ මැරී පැය කීපයක්‌ ගත වී ඇති බැවින්‌ බොහෝ විට මසුන්‌ නරක්‌ වීමට භාජන චී ඇත.

මේ තත්ත්වය මග හැරීමට දැල්‌ වතුරේ එළා තිබෙන පැය ගණන අඩු කිරීම හා හිරු නැඟීමට පෙර මසුන්‌ අල්ලා යාත්‍රාවලට දැමීම කළ හැකි ය. කෙසේ වුවත්‌ දැල්‌ වලින්‌ මසුන්‌ ඉවත්‌ කිරීමේ දී ද මත්ස්‍යයාට සිදුවිය හැකි හානි අවම වන පරිදි මසුන්‌ ඉවත්‌ කළ යුතු ය. .

මරුවැල්‌ පන්නය, පුඩු පන්නය වැනි පන්න ක්‍රම මඟින්‌ අස්වැන්න නෙළීමෙන්‌ ඉහත ආකාරයෙන්‌ සිදුවිය හැකි හානි අවම කර ගත හැකි ය. මෙවැනි පන්නවලට හසුවන විශාල මසුන්‌ නෙළා ගන්නා විට හිසෙහි පිටුපස ප්‍රදේශයට ආසන්න ව තදින්‌ පහරක්‌ ගැසීමෙන්‌ “සිහිසුන්‌ කළ යුතු ය. මත්ස්‍යයා පන්නයට හසුවීමෙන්‌ ලක්‌ ව ඇති තදබල ආතතිය නිසා දේහයේ සිදුවිය හැකි කායික විද්‍යාත්මක ක්‍රියාවලීන්‌, එලෙස සිහිසුන්‌ කිරීමෙන්‌ නවතා ගත හැකි ය. මේ සඳහා ධීවරයාට මනා පළපුරුද්දක්‌ තිබිය යුතු ය.


මරුවැල්‌ පන්නය, පුඩු පන්නය වැනි පන්න ක්‍රම මඟින්‌ අස්වැන්න නෙළීමෙන්‌ ඉහත ආකාරයෙන්‌ සිදුවිය හැකි හානි අවම කර ගත හැකි ය. මෙවැනි පන්නවලට හසුවන විශාල මසුන්‌ නෙළා ගන්නා විට හිසෙහි පිටුපස ප්‍රදේශයට ආසන්න ව තදින්‌ පහරක්‌ ගැසීමෙන්‌ “සිහිසුන්‌ කළ යුතු ය. මත්ස්‍යයා පන්නයට හසුවීමෙන්‌ ලක්‌ ව ඇති තදබල ආතතිය නිසා දේහයේ සිදුවිය හැකි කායික විද්‍යාත්මක ක්‍රියාවලීන්‌, එලෙස සිහිසුන්‌ කිරීමෙන්‌ නවතා ගත හැකි ය. මේ සඳහා ධීවරයාට මනා පළපුරුද්දක්‌ තිබිය යුතු ය. 

02. යාත්‍රාව තුළ ගබඩා කිරීම

නෙළා ගත්‌ අස්වැන්න හැකි ඉක්මනින්‌ පහත්‌ උෂ්ණත්ව තත්ව යටතේ ගබඩා කළ යුතු ය. බහුෙ දින ධීවර යාත්‍රාවල මේ සඳහා ගබඩා පහසුකම්‌ පවතී. මෙම ගබඩං නිරන්තරයෙන්‌ ම පිරිසිදු තත්ත්වයෙන්‌ පවත්වා ගත යුතු වන අතර නෙළා ගත්‌ මසුන්‌ ගබඩා කිරීමේ දී අයිස්‌ හා මාළු ස්තර වශයෙන්‌ ක්‍රමානුකූල ව අඇඅසිරිය යුතු ය. එබැවින්‌ ප්‍රමාණවත්‌ තරම්‌
අයිස්‌ මෙම යාත්‍රාවල ප්‍රවාහණය කිරීම අවශ්‍ය චේ. යාත්‍රා තුළ මසුන්‌ ගබඩා කිරීම ක්‍රම කිහිපයකින්‌ සිදු කළ හැකි ය. '

01. තට්ටු ගැසීම
මෙහි දී ගබඩාව තට්ටුවලට වෙන්‌ කරනු ලබයි. එක්‌ තට්ටුවක්‌ අඟල්‌ 18 පමණ උසින්‌ යුක්ත ය. තට්ටුව පතුලේ ඝනකම්‌ අයිස්‌ තට්ටුවක්‌ අතුරා ඒ මත මාළු තට්ටුවක්‌ අතුරයි. මතු පිටින්‌ නැවත අයිස්‌ තට්ටුවක්‌ අතුරයි.

02. රාක්ක මත ඇසිරීම
මෙහි දී සකස්‌ කරගත්‌ රාක්ක තුළ මසුන්‌ අසුරනු ලැබේ. අයිස්‌ හා මසුන්‌ ස්ථර ලෙස මාරුවෙන්‌ මාරුවට ඇසිරීම කළ යුතු වේ. මෙම රාක්ක දෙක අතර උස සාමාන්‍යයෙන්‌ සෙ.මී. 23 පමණ වේ.

03. පෙට්ටි තුළ ඇසිරීම
ප්ලාස්ටික්‌, ෆයිබර්‌ චැනි ද්‍රව්‍යවලින්‌ සාදන ලද සුමට පෘෂ්ඨ සහිත පෙට්ටි මේ සඳහා යොදා ගනී. ඉතා ම හොඳ තත්ත්වයේ ඇති පෙට්ටි ශක්තිමත්‌ භාවයෙන්‌ යුක්ත චන අතර පහසුවෙන්‌ එසවිය හැකි වේ. අවශ්‍ය විටෙක ජීවාණහරණයට ද ලක්‌ කළ හැකි වේ. මාළු හා අයිස්‌ ස්තර ලෙස මාරවෙන්‌ මාරුවට අතුරනු ලබයි.

මත්ස්‍යයන්‌ ගබඩා කිරීමේ දී රාක්කවල හෝ පෙට්ටිවල, එම මත්ස්‍ය අස්වැන්න නෙළා ගත්‌ දිනය සටහන්‌ කිරීම වැදගත්‌ වේ. එචිට ප්‍රථමයෙන්‌ නෙළා ගත්‌ අස්වැන්න ප්‍රථමයෙන්‌ පරිභෝජනයට යොදා ගැනීමට හැකි වනු ඇත.

03. මත්ස්‍ය අස්වනු ගොඩබෑම
දින ගණනාවක්‌ යාත්‍රාවේ ගබඩාව තුළ ගබඩා කරගත්‌ මත්ස්‍ය අස්වැන්න ගොඩබිම වෙත ගෙන ආ පසු ව යාත්‍රාවෙන්‌ ඉවත්‌ කිරීමේ දීද නිවැරදි පරිහරණ ක්‍රම භාවිත කළ යුතූ වේ.
  • ජැටිය හෝ වැල්ල මත, හොඳ න්‌ පිරිසිදු කරගත්‌ වේදිකාවක්‌ තබා ඒ මත මත්ස්‍යයන්‌ තැබීම
  • මත්ස්‍යයන්‌ ඇදගෙන යාමෙන්‌ වැළකීම
  •  හැකි ඉක්මනින්‌ මසුන්‌ යාත්‍රාවෙන්‌ ඉවත්‌ කිරීම
  • මසුන්‌ එක මත එක සිටින පරිදි ඉවත්‌ කිරීමෙන්‌ වැළකීම
  • හිරු එළියට ආචරණය වීමෙන්‌ වළක්වා ගැනීම .

වැනි පරිහරණ ක්‍රම අනුගමනය කිරීමෙන්‌ මත්ස්‍ය අස්වැන්න යාක්‍රාවෙන්‌ ඉවත්‌ කිරීමේ දී සිදුවිය හැකි හානි අවම කර ගත හැකි ය. ඇතැම්‌ විට යාත්‍රාවෙන්‌ ඉවත්‌ කිරීමේ දී සේදීම ද සිදු කරන අවස්ථා අ(ත. සේදීමේ දී පිරිසිදු ජලය භාවිත කළ යුතු අතර ලවණ මිශ්‍ර ජලය භාවිත කරන්නේ නම්‌ වරාය අවට ඈති ජලය කිසිවිටකත්‌ භැවිතයට ගැනීමෙන්‌ වැළකිය යුතු ය. පොම්ප කරන ලද පිරිසිදු මුහුදු ජලය සේදීම සඳහා භාවිත කළ හෑකි ය. ඉන්පසු හෑනි ඉක්මනින්‌ ඊළඟ පරිහරණ අවස්ථාව වෙන යොමු කළ යුතු

ය,

04. මත්ස්‍ය අස්වනු තේරීම
යාත්‍රාවෙන්‌ ඉවත්‌ කළ මසුන්‌ ගොඩබිම තුළ ගබඩා කිරීමට ප්‍රථම තේරීමකට ලක්‌ කිරීම අවශ්‍ය වේ. එමගින්‌ මත්ස්‍යයන්‌ පහසුවෙන්‌ චෙන්‌ කර ගත හැකි ය,
අස්වැන්න තේරීමේ දී

මත්ස්‍ය විශේෂය
මත්ස්‍යයාගේ චිශාලත්වය
මත්ස්‍යයාගේ නැවුම්‌ භාවය

යන කරුණු සැලකිල්ලට ගත හැකි ය.

තත්ත්වයෙන්‌ බාල මත්ස්‍යයන්‌ වෙනත්‌ අතූරු නිෂ්පාදන සඳහා යොදා ගත හැකිය.
තේරීමේ දී ද විවිධ හානිවලට ලක්‌ වේ. තෙරීිම්‌ සිදු කරන්නා පිරිසිදු ව සිටිය යුතු ය. සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රම අනුගමනය කළ යුතු ය. අත්මේස්‌ පැළඳ සිටීම වඩාත්‌ සුදුසුය. තෝරන ස්ථානය පිරිසිදු චිය යුතු ය. 
නරක්‌ වූ මසුන්‌ හා විෂ මසුන්‌, හොද මසුන්‌ සමඟ මිශ්‍ර කිරීම සුදුසු නැත. තේරීමෙන්‌ පසු ව ද අවශ්‍ය නම්‌ පිරිසිදු ජලයෙන්‌ මසුන්‌ සේදිය යුතු ය. ඉස්සන්‌ වැනි ජීවීන්‌ කුඩා බැවින්‌ තේරීමට ද වැඩි කාලයක්‌ ගත වේ.
කර්මාන්ත ශාලා තුළ නම්‌ වඩා සිසිල්‌ පරිසර තුළ තේරීම කළ යුතු ය. අයිස්‌ සමඟ මිශ්‍ර කොට තිබිය දී තේරීම කළ යුතු ය. තේරීමට ගන්නා උපකරණ ද පිරිසිදු වීම වැදගත්‌ වේ.
තේරිමේ දී මසුන්‌ තැළීමට ඇති හැකියාව වැඩි ය. 

තෝරන ලද මසුන්‌

  • දේශීය වෙළඳ පොළට
  •  විදේශීය වෙළඳ පොළට
  •  වෙනුත්‌ නිෂ්පාදන සැකසීමට 
                                         භාවිත කරනු ලැබේ.

මේ අනුව
  • හැකි ඉක්මනින්‌ මසුන්‌ තේරීම
  • උසස්‌ තත්ත්වයේ මසුන්‌ හා තත්ත්වයෙන්‌ බාල මසුන්‌ වෙන්‌ කිරිම
  • ප්‍රථමයෙන්‌ අස්වනු නෙළා ගත්‌ මසුන්‌, පසු ච නෙළා ගත්‌ මසුන්‌ සමඟ මිශ්‍ර නොකිරීම

යන පරිහරණ ක්‍රම සිදු කිරිමෙන්‌ තේරීමේ දී සිදුවිය හැකි හානි අව ම කරගත හැකි ය.

05. ගබඩා කිරීම
තේරිමකට ලක්කර වෙන්‌ කර ගත්‌ මසුන්‌ ප්‍රවාහණය කිරීමට පෙර ගොඩබිම තූළ ගබඩා කිරීම සිදු කරයි. එසේ ගබඩා කිරීමට පෙර මසුන්‌ පිරිසිදු ජලයෙන්‌ සේදීම විශාල මසුන්‌ නම්‌ කරමල්‌, අන්ත්‍ර කොටස්‌ ඉවත්‌ කර පිරිසිදු ජලයෙන්‌ සේදීම (ඉවත්‌ කරන මත්ස්‍ය කොටස්‌ ක්‍රමවත්‌ ව ඉවත්‌ කිරීමේ පහසුකම්‌ සලසා ගතයුතු ය.)
හැකි ඉක්මනින්‌ සිසිලන කුටීර තුළ ගබඩා කිරීම මෙන්‌ ම ගොඩබිම තුළ තාවකාලික ව ගබඩා කරන්නේ නම්‌, ඉහත පරිහරණ ක්‍රම සිදු කිරීමෙන්‌ පසු සූර්යාලෝකය පතිත නොවන, සෝදා පිරිසිදු කර ගත හැකි වේදිකාවක්‌ මත ගබඩා කිරීම සහ හැකි ඉක්මනින්‌ ප්‍රවාහන මාධ්‍ය වෙත යොමු කිරීම මඟින්‌ ගොඩබිම තුළ ගබඩා කිරීමේ දී සිදුවිය හැකි හානි අවම කර ගත හැකි ය. 

06. ප්‍රවාහන මාධ්‍ය වෙත යොමු කිරීම සහ ප්‍රවාහනය
විවිධ වූ අරමුණු උදෙසා මත්සා අස්වැන්න ප්‍රවාහණ මාධ්‍ය වෙත යොමු කරයි.
උදාහරණ :-
  • අලෙවිය සඳහා අලෙවි මධ්‍යස්ථානයකට 
  • සැකසීම සඳහා කර්මාන්ත ශාලාවකට 
  • ගබඩා කිරීම සඳහා වෙනත්‌ ගබඩාවකට


විවිධ ප්‍රවාහණ මාධ්‍ය මේ සඳහා සොඳුා ගනු ලබන අතර සෑම ප්‍රවාහණ මාධ්‍යයක දී ම පිළිපැදිය යුතු පරිහරණ ක්‍රම පවතී.

ඒවා නම්‌,
  • හැකි ඉක්මනින්‌ ප්‍රවාහණ මාධ්‍යය වෙත යොමු කිරීම
  • මාළුවා සීරීම්‌, තැලීම්වලට භාජන නොකිරීම
  • මත්ස්‍යයන්‌ ප්‍රවාහණ මාධයෙ තුළ පවතින පිරිසිදු පෘෂ්ඨ මත තැබීම
  • හැකි ඉක්මනින්‌ අයිස්‌ දමීම
  • අයිස්‌ දැමීමේ දී මත්ස්‍ය දේහය සැම පැත්තකින්‌ ම අයිස්වලින්‌ ආවරණය කිරීම
  • පෙට්ටිවල අසුරන්නේ නම්‌ භාවිත කරන පෙට්ටි සිනිඳු පෘෂ්ඨ සහිත හොඳින්‌ පිරිසිදු කර ගත හැකි ඒවා වීම
  • ප්‍රවාහණය සඳහා හොඳින්‌ ආවරණය කරන ලද තාප පරිවාරක ට්‍රක රථ භාවිත කිරීම
  • දිශූ ගම්නාන්තයක්‌ නම්‌ අවශ්‍ය විට නැවත අයිස්‌ යෙදීම. ඒ සඳහා අවශ්‍ය වන අයිස්‌ වෙන ම ගබඩා කර ගැනීම
  • බයිසිකල්‌ මගින්‌ ප්‍රවාහණ කටයුතු සිදු කරන්නේ නම්‌.
  1. භාවිත කරන පෙට්ටි හොඳින්‌ සෝදා පිරිසිදු තත්ත්වයෙන්‌ පවත්වා ගැනීම
  2. එම පෙට්ටි මතුපිට හොඳින්‌ ආවරණය කිරීම
  3. ප්‍රමාණවත්‌ තරම්‌ අයිස්‌ යෙදීම

07. වෙළදපළ
මත්ස්‍ය අස්වැන්න පාරිභෝගිකයා චෙතට අලෙවි කරන ස්ථානය මත්ස්‍ය වෙළඳ පොළ බැවින්‌ එම ස්ථානය තුළ දී ද නිවැරදි පරිහරණ ක්‍රම භාවිත කිරීම මත්ස්‍ය ගුණ හානිය අවම කිරීම කෙරෙහි බලපානු ඇත.

අලෙවි පරිශ්‍රය

  • නිරන්තරයෙන්‌ ම පිරිසිදු ස්ථානයක්‌ විය යුතු ය.
  • තද සූර්යාලෝකයට නිරාවරණය නොවන ස්ථානයක්‌ විය යුතු ය.
  • පාරිභෝගිකයාට පහසුවෙන්‌ ළඟා විය හැකි ස්ථානයක්‌ විය යුතු ය.
  • අයාලේ යන සතුන්ගෙන්‌ හා කෘමීන්ගෙන්‌ තොර වූ ස්ථානයක්‌ විය යුතු ය.
  • මසුන්‌ හොඳින්‌ ප්‍රදර්ශනය කළ යුතු ය.
  • මසුන්‌ ආසන්නයෙන්‌ බල්බ දැල්වීමෙන්‌ වැළකිය යුතු ය.
  • මසුන්‌ ප්‍රදර්ශනය කරන තට්ටු නිරන්තරයෙන්‌ ම සොදා පිරිසිදු කරගත
  • හැකි පරිඳි පිඟන්‌ ගඩොල්‌ හෝ ඇඳඉලුමිනියම්වලින්‌ සාදා තිබිය යුතු ය.
  • කැපීම සඳහා භාවිත කරන ලෑලි හා උපකරණ නිතර ම පිරිසිදු ජලයෙන්‌ සෝදා ගත යුතු ය. 
  • පිරිසිදු ජලය ගබඩා කර තබා ගත යුතු ය.
  • ප්‍රමාණවත්‌ තරම්‌ අයිස්‌ භාවිත කළ යුතු ය.
  • මසුන්‌ අලෙවි කරන්නා ද සැම චිට ම පෞද්ගලික සනීපාරක්ෂක ක්‍රම
  • අනුගමනය කළ යුතු ය.


අස්වැන්න නෙළා ගත්‌ අවස්ථාවේ සිට අලෙවිය දක්වා ම චිචිධාකාර වූ නිවැරදි පරිහරණයන්‌ තුළින්‌ පාරිභෝගිකයාට තත්ත්වයෙන්‌ ඉහළ මත්ස්‍ය අස්වැන්නක්‌ ලබා දිය හැකි ය. වර්තමානයේ පාරිභෝගිකයා ද මසුන්‌ පිළිබඳ ව්‌ හොඳින්‌ දෘනුවත්‌ වීම නිසා වඩා උසස්‌ තත්ත්වයේ මසුන්‌ මිලට ගැනීමට පෙලඹෙන බැවින්‌ අලෙවි කරන්නෙන්‌ ද සැම විට ම පාරිභෝගික අවශ්‍යතා ඉටු කිරීමට උත්සාහ කරනු ලබති. .

08. පාරිභෝගික නිවෙස තුළදී පරිහරණය
අලෙවි මධ්‍යස්ථානයෙන්‌ මිලට ගන්නා මසුන්‌ නිවසට රැගෙන යාමේ දී එහි ගුණාත්මක භාවයට සිදුවන හානිය අවම චන පරිදි ප්‍රවාහණය සිදු කළ යුතු ය. හැකි ඉක්මනින්‌ ප්‍රවාහණය කළ යුතු ය.

නිවසට ගෙන ආ විගස පිසීම සිදු නොකරන්නේ නම්‌,

  • කරමල්‌ හා අන්ත්‍ර කොටස්‌ ඉවත්‌ කර නොමැති නම්‌ එම කොටස්‌ ඉවත්‌ කර
  • අවශ්‍ය නම්‌ කුට්ටිවලට චෙන්කර |
  • පිරිසිදු ජලයෙන්‌ සොදා
  • වරකට භාවිත කළ හැකි ප්‍රමාණ වෙන්‌ කර  

                                     අධි ගීතකරණයක තැන්පත්‌ කළ යුතුය.













Sunday, December 1, 2019

යහපත් කෘෂිකාර්මික පිළිවෙත් (GAP)


යහපත් කෘෂිකාර්මික පිළිවෙත් ගැන සිංහලෙන්ම කියලා දෙන වීඩියෝවක් ලැබුණා. ජෛව පද්ධති තාක්ෂණවේදය හදාරන දරුවන්ට ආහාර විද්‍යාව ඒකකයට වැදගත් වෙයි. පහළින් දීලා තියෙන ලින්ක් එක ක්ලික් කරලා වීඩියෝව නරඹන්න.

මෙතනින් ගිහින් බලන්න.

පළිබෝධනාශක දියර ඉසින යන්ත්‍ර



ගොවිපළ යාන්ත්‍රීකරණය පාඩමට ඉතාමත්ම වැදගත් වන වීඩියෝ දෙකක් මෙන්න. පළමු වීඩියෝවේ තියෙන්නේ කෘෂි රසායන දියර ඉසින යන්ත්‍රයක කොටස් ගැන විස්තරයක්. දෙවන වීඩියෝවේ තියෙන්නේ දියර ඉසින යන්ත්‍රයක් නඩත්තු කරන ආකාරය. අනිවාර්යයෙන් මේ වීඩියෝ දෙක බලන්න. මොකද දියර ඉසිනයේ ක්‍රියාකාරීත්වය සහ කොටස් ගැන අවබෝධය අපේ විෂයට අත්‍යාවශ්‍යයි. අමු හිංගලෙන්ම තියෙනවා. අදාළ මාතෘකාව ක්ලික් කරලා වීඩියෝ නරඹන්න.






එළවළු වගාවේ පසු අස්වනු කළමණාකරණය

එළවළු වගාවේ පසු අස්වනු කළමණාකරණය සම්බන්ධ පොතක්ම මෙන්න. මෙම පොත කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ ප්‍රකාශනයක්. ජෛව පද්ධති තාක්ෂණවේදය විෂය හදාරන දරැවන්ට අතිරේක කියැවීමක් විදිහට මේක බොහොම වටිනවා. එහෙනම් ඉතින් බලන් ඉන්නෙ නැතුව ඩවුන්ලෝඩ් කරගෙන කියවලා බලන්න.

මෙතනින් ගන්න

පස


පසක් යනු 
පසක් යනු ඛනිජ, කාබනික ද්‍රව්‍ය, විවිධ ජීවී ආකාර, වාතය හා ජලයෙන් සමන්විත, පෘථිවිය මතුපිට පිහිටා ඇති ගොඩබිම ශාක වර්ධනයට අවශ්‍ය මාධ්‍යයක් සපයන, ගතික වූ දේහයකි.

පස නිර්මාණය වීම
විවිධ සාධක හේතුවෙන් පාෂාණ ජීර්ණය වී පාංශු මාතෘ ද්‍රව්‍ය ලබා දෙන අතර, එම පාංශු මාතෘ ද්‍රව්‍ය තවදුරටත් ජීර්ණය වීම හා ව්‍යුහාත්මක ඒකක ඇති වීමේ ප්‍රතිඵලයක් ලෙස පස නිර්මාණය වේ.



ඒ අනුව, පසක් නිර්මාණය වීම පියවර 2 කින් සිදු වේ. එනම්,

1. පාෂාණ ජීර්ණය 
2. පාංශු ජනනය


පාංශු සංඝටක

පස ප්‍රධාන වශයෙන් සංඝටක හතරකින් සමන්විත වේ.
1. පාංශු ඝන ද්‍රව්‍ය
2. පාංශු වාතය
3. පාංශු ජලය
4. පාංශු ජීවීන්


පාංශු ඝන ද්‍රව්‍ය

මේ යටතට

  • පාංශු ඛනිජ/ අකාබනික ද්‍රව්‍ය
  • පාංශු කාබනික ද්‍රව්‍ය 

අයත් වේ.


පාංශු ඛනිජ


පාංශු ඛනිජයක් යනු නිශ්චිත රසායනික සංයුතියක් සහිත සමජාතීය අකාබනික ද්‍රව්‍ය වේ.
පසේ ඛනිජ ද්‍රව්‍ය හෙවත් අකාබනික ද්‍රව්‍ය වැලි, රොන් මඩ හා මැටි යන ප්‍රාථමික අංශූන්ගෙන් සමන්විත ය. මෙම ඛනිජ පසට ලැබෙන්නේ පාෂාණ හා පාංශු මාතෘ ද්‍රව්‍ය ජීරණය වීමෙනි. බොහෝ විට පාෂාණ ජීර්ණය වී ඉතිරි වන අවශේෂ ලෙස මැටි, වැලි හා රොන් මඩ දැක්විය
හැකි ය. වැලි හා රොන් මඩ පසේ භෞතික ගුණාංග කෙරෙහි ප්‍රධාන වශයෙන් බලපායි. 
උදා:
ජලය රඳවා ගැනීමේ හැකියාව. නමුත් මේවා පසේ රසායනික ලක්ෂණ කෙරෙහි දක්වන බලපෑම අල්ප ය.


පසේ වූ සියලු ම ඛනිජ පහත පරිදි වර්ගීකරණය කළ හැකි ය.



ප්‍රාථමික ඛනිජ


ද්‍රව මැග්මා සිසිල් වී ඝනීභවනය වීමේ දී සෑදෙන ආග්නේය පාෂාණවල අන්තර්ගත වන, ආග්නේය පාෂාණ ජීර්ණය වීමෙන් පසට ලැබෙන ඛනිජ ප්‍රාථමික ඛනිජ ලෙස හැඳින් වේ.
පසේ වැලි කොටසේ බහුල වශයෙන් අන්තර්ගත වන්නේ ප්‍රාථමික ඛනිජ යි. ඒවා තවදුරටත් ජීර්ණයට ප්‍රතිරෝධී දෘඪභාවයෙන් වැඩි ඛනිජ යි. පසේ බහුලව ම පවතින ප්‍රාථමික ඛනිජ වන්නේ ක්වෝට්ස් සහ පෙල්ස්පාර් ය. ඒවායේ සංයුතිය තුළ වැඩිපුර ම  Si අඩංගු වන නිසා සිලිකේට්
ඛනිජ ලෙස හඳුන්ව යි.

ද්විතීයික ඛනිජ


යම්කිසි ද්‍රාවණයක වූ සංයෝගයන් අවක්ෂේප වීමෙන් හෝ අවසාදනය වීමෙන්, නැතහොත් ඛනිජ පුනර්ස්ඵටිකීකරණය වීමෙන් සෑදෙන්නා වූ ඛනිජ ද්විතීයික ඛනිජ ලෙස හැඳින් වේ. එනම් ද්විතීයික ඛනිජ ලෙස හඳුන්වන්නේ අවසාදිත හෝ විපරිත පාෂාණවල තිබී ඒවා ජීර්ණය වීමෙන්
පසට ලැබෙන්නා වූ ඛනිජයන් ය.

පාංශු කාබනික ද්‍රව්‍


කාබනික ද්‍රව්‍ය, ක්ෂුද්‍ර ජීවීන් මගින් පසට එකතුවන ශාක හා සත්ව අපද්‍රව්‍ය ජීර්ණය වීමෙන් සහ රසායනික ව වෙනස් වීමෙන් සෑදෙන විෂමාකාර මිශ්‍රණයකි. 
එම මිශ්‍රණයේ පසට අලුතින් එකතුවන ශාක හා සත්ව කොටස්, ජීර්ණය වෙමින් පවතින ද්‍රව්‍ය, ජීර්ණය වූ කාබනික ද්‍රව්‍ය අඩංගු වේ. පසට එකතුවන විවිධ කාබනික ද්‍රව්‍ය පසේ දී වියෝජනය වේ. පසේ තෙතමනය ඇත්නම්, පාංශු ක්ෂුද්‍ර ජීවීන් සිටී නම් හා සුදුසු උෂ්ණත්වය පවතී නම් කාබනික ද්‍රව්‍ය වියෝජනය කාර්යක්ෂමව සිදු වේ. කාබනික ද්‍රව්‍ය (ශාක හා සත්ව කොටස්) වියෝජනයේ දී එහි මූලික ස්වරූපය වෙනස් වී තරමක් ස්ථාවර වූ හියුමස් බවට පත් වේ. හියුමස් යනු තද පැහැති, සැහැල්ලු අස්ඵටිකරූපී, නියත ව්‍යුහයක් රහිත ද්‍රව්‍යයකි.


කාබනික ද්‍රව්‍යවල වැදගත්කම

1. ශාක පෝෂක සැපයීම
ශාකවල පෝෂක සුලභතාව කෙරෙහි කාබනික ද්‍රව්‍ය වක‍්‍ර හා ඍජු බලපෑමක් දක්වයි. හියුමස්වල පෘෂ්ටය ඍණ ආරෝපිත ය. එමගින් ධන අයන අධිශෝෂණය කර තබා ගැනීමේ හැකියාව ලැබේ. එනම්, හියුමස් පස තුළ පෝෂක සංචායකයක් ලෙස ක‍්‍රියා කරයි. නයිට‍්‍රජන්, පොස්පරස් හා සල්පර් යන පෝෂක සඳහා සංචිතයක් ලෙස ක‍්‍රියා කිරීමට අමතර ව ශාකවලට ආධාරවන ප‍්‍රභවයන් සඳහා පෝෂණය සපයයි. උදා : නයිට‍්‍රජන් තිර කරන බැක්ටීරියා සඳහා කාබනික ද්‍රව්‍ය සැපයීම හා ශක්ති ප‍්‍රභවයක් ලෙස ක‍්‍රියා කරයි.

2. පසේ භෞතික තත්වය, පාංශු ඛාදනය, ස්වාරක්ෂකතාව හා කැටායන        හුවමාරුව කෙරෙහි ඇති බලපෑම
පස්වල ව්‍යූහය සැකසීම කෙරෙහි හියුමස් බලපායි. බිම් සැකසීමේ දී පසේ ව්‍යුහය බිඳ වැටීම් සිදු විය හැකි අතර කාබනික ද්‍රව්‍ය පසට එක් කිරීම මගින් එය වැළැක් වේ. පසේ වාතනය, ජලය රඳවා ගැනීමේ ධාරිතාව, පාරගම්‍යතාව ආදී සියලූ ලක්ෂණ හා ක‍්‍රියාවලි හියුමස්වලින් වැඩි කරයි. කාබනික ද්‍රව්‍ය පසට එක් කිරීම මගින් සංකීර්ණ කාබනික ද්‍රව්‍ය සෑදී ඒ මගින් පාංශු අංශු බැඳී සමූහන සෑදී පසේ ව්‍යුහය දියුණු කරයි. මෙම සමූහන මගින් පස බුරුල්, විවෘත හා කණිකාමය තත්වයක් ඇති කරයි. ජලය පස තුළට ඇතු`ඵ වී කාන්දු වී පස තුළින් වෑස්සීම ඇති කරයි. හියුමස් අංශුවකට එහි ස්කන්ධය මෙන් කීප ගුණයක ජල ප‍්‍රමාණයක් අවශෝෂණය කර ගත හැකි ය. එබැවින් පසේ ජල අවශෝෂණ ධාරිතාව වැඩි කරයි. ශාකවල මූල පද්ධතියට අවශ්‍ය ඔක්සිජන් සැපයුම සිදු වන නිසා ශාක වර්ධනය වේගවත් වේ. පසේ වාත අවකාශවල වායු හුවමාරුව සිදු වන නිසා ද ශාක වර්ධනය හිතකර තත්ව ඇති කරයි.
පසේ කැටායන හුවමාරුවෙන් 20%- 70% ක් පමණ කලිලමය හියුමස්වලින් සිදු වේ. හියුමස්වල කැටායන හුවමාරු ධාරිතාව 100-300 meq/පස් 100g ක පමණ වේ. හියුමස්වලට විශාල pHය පරාසයක් සඳහා ස්වාරක්ෂක තත්වයක් ඇති කළ හැකි ය. තවද, පසට එකතු වන විවිධ විෂ සහිත අයන (Cd, Pb) අවශෝෂණය කර ඒවායින් ශාකවලට ඇති වන අහිතකර බලපෑම් වැළැක්වීමට දායක වේ. භූලත ජල දූෂණය ද වැළැක්වේ.

3. ජෛවීය තත්ව සඳහා බලපෑම්
ක්ෂුද්‍ර ජීවීන් සඳහා කාබනික ද්‍රව්‍ය ශක්ති ප‍්‍රභවයක් ලෙස ක‍්‍රියා කරයි. පසේ ඇති බැක්ටීරියා, ඇක්ටිනෝමයිසිටිස් දිලීර ගහනය, පසේ ඇති කාබනික ද්‍රව්‍ය ප‍්‍රමාණය මත තීරණය වේ. පසේ ඇති කාබනික ද්‍රව්‍ය මගින් ශාකවල වර්ධනය සඳහා ඍජු කායික විද්‍යාත්මක බලපෑමක් ඇති කරයි. උදාහරණ ලෙස සමහර ෆීනෝලික අම්ලවලින් චයහඑදඑදංසජ ගුණාංග ඇති කරයි.
නමුත් පසේ සිටින රෝග කාරක ක්ෂුද්‍ර ජීවීන්ගේ වර්ධනය සඳහා පසේ කාබනික ද්‍රව්‍ය
ප‍්ර මාණය ඍජු ව හෝ වක‍්‍ර ව බලපාන බව සොයා ගෙන ඇත. මනා කාබනික ද්‍රව්‍ය සැපයුමක් මගින් පරපෝෂිත ක්ෂුද්‍ර ජීවීන්ට වඩා මෘතෝපජීවී ක්ෂුද්‍ර ජීවීන්ගේ වර්ධනය සඳහා සුදුසු පරිසර තත්වයක් සපයන නිසා පසුව පරපෝෂිත ක්ෂුද්‍ර ජීවීන්ගේ ගහනය අඩු වේ. පසේ තිබෙන ජීව විද්‍යාත්මක ව ක‍්‍රියාකාරී සංයෝග මගින් (උදා : ප‍්‍රතිජීවක හා සමහර ෆිනෝලික අම්ල) රෝග කාරක ක්ෂුද්‍ර ජීවීන් සඳහා ප‍්‍රතිරෝධයක් ඇති කරයි.


පාංශු ජීවීන්
පාංශු ජීවීන් වර්ගීකරණය
පාංශු ජීවීන් විවිධ ආකාරයට වර්ගීකරණය කළ හැකි ය.



ප‍්‍රමාණය (ශරීරයේ පළල) අනුව පාංශු ජීවීන් වර්ගීකරණය

මහා ජීවීන් 
පස තුළ වෙසෙන, ශරීරයේ පළල 2mm ට වඩා විශාල, එනම් පියවි ඇසට පෙනෙන ජීවීන් වේ.
උදා: 

  • හරිත ශාක 
  • සත්ත්වයන් : පෘෂ්ඨ වංශීන් (මීයන්, උරගයන්)
  • ආත‍්‍රපෝඩාවන් (කුරුමිණියන්, කුහුඹුවන්)
  • ඇනලීඩාවන් (ගැඩවිලුන්)
  • මොලූස්කාවන් (ගොළුබෙල්ලන්, හංගොල්ලන් )


මජ්ජා ජීවීන්
පස තුළ වෙසෙන, ශරීරයේ පළල 0.2 - 2 mm  අතර ජීවීන් වේ.
උදා: 

  • ශාක: ලයිකන
  • සත්වයන්: ආත‍්‍රපෝඩාවන් ( මයිටාවන්, කොලොම්බෝලා)



ක්ෂුද්‍ර ජීවීන් 
පස තුළ වෙසෙන 0.1mm ට වඩා අඩු ශරීර පළලක් සහිත, පියවි ඇසට නොපෙනෙන ජීවීන් වේ.
පාංශු ක්ෂුද්‍ර ජීවීන් නැවතත් පහත අයුරු වර්ගීකරණය කළ හැකි ය.

  • බැක්ටීරියා
  • සයනොබැක්ටීරියා
  • ඇල්ගී
  • දිලීර හා ඇක්ටිනොමයිසිටීස්
  • ප්‍රෝටසෝවා

පාංශු වාතය
පාංශු පරිමාවෙන් කොටසක් පස් අංශු හා අනෙකුත් ඝන ද්‍රව්‍ය අත්පත් කර ගෙන ඇති අතර ඉතිරි කොටස ජීද්‍රාවකාශය ලෙස හැඳින්වේ. පස් අංශු අතර ඇති විශාල අවකාශ මහා අවකාශ ලෙසත් පස් අංශු තුළ ඇති කුඩා (කේශික) අවකාශ ක්ෂුද්‍ර අවකාශ ලෙසත් හැඳින්වේ. මෙම
ජිද්‍රාවකාශ පස ජලයෙන් සංතෘප්ත අවස්ථාවේ ජලයෙන් සම්පූර්ණයෙන් පිරී ඇති අතර ජලය පස් ස්තරවලින් පහළට වහනය වූ පසු එම අවකාශ වාතයෙන් පිරේ. මේ අනුව පාංශු අවකාශ තුළ පිරී ඇති වාතය පාංශු වාතය ලෙස හැඳින්වේ.
සම්මත පසක ප‍්‍රතිශතයක් ලෙස වායු පරිමාව 25% කි. මෙය 5%කට වඩා අඩු වන විට බෝග වගා කළ නොහැකි තත්ත්වයක් ඇති වේ.
පාංශු වාතයේ සංයුතිය වායුගෝලීය වාතයේ සංයුතියට වඩා වෙනස් ය. වායුගෝලීය වාතයේ නයිට‍්‍රජන් 78% ක් අඩංගු අතර ඔක්සිජන් 21% ක් ද, කාබන්ඩයොක්සයිඞ් 0.36% ක් ද අඩංගු ය. නමුත් පාංශු වාතයේ කාබන් ඩයොක්සයිඞ් ප‍්‍රමාණය මීට වඩා වැඩි අතර ඔක්සිජන් ප‍්‍රමාණය අඩු වේ. පාංශු වාතයේ කාබන් ඩයොක්සයිඞ් ප‍්‍රමාණය වැඩි වන්නේ ශාක මුල් හා ක්ෂුද්‍ර ජීවීන් ශ්වසනයෙන් කාබන් ඩයොක්සයිඞ් පිට කරන නිසා ය. පසේ ආර්ද්‍රතාව පසේ තෙතමනය සහිත අවස්ථාවල දී 100% ට ආසන්න වේ. මෙය වායුගෝලීය වාතයට වඩා විශාල වැඩි වීමකි. වායුගෝලීය වාතයේත්, පාංශු වාතයේත් අඩංගු නයිට‍්‍රජන් ප‍්‍රමාණයේ වැඩි වෙනසක් නොමැත.

පාංශු වාතනය
පසේ වාතනය යනුවෙන් අදහස් වන්නේ පාංශු වාතය, වායු ගෝලීය වාතය මගින් ප‍්‍රතිස්ථාපනය වීමයි. එනම් පස තුළ වාතය සංසරණය වීමයි

පාංශු වාතයේ සංයුතියට හා ධාරිතාවට බලපාන සාධක

1. පසේ අඩංගු ජල ප‍්‍රමාණය
පසේ අඩංගු ජල ප‍්‍රමාණය හා වායු ප‍්‍රමාණය අතර ඇත්තේ ප‍්‍රතිලෝම සමානුපාතයකි.

2. පසේ පවතින සිදුරු ප‍්‍රමාණය හෙවත් සවිවරතාව
පසේ විශාල ජිද්‍රාවකාශ ඇති විට මනා ජල වහනයක් හා වාතනයක් දක්වයි. කුඩා ජිද්‍රාවකාශ ඇති විට ජල වහනය හා වාතනය දුර්වල වේ.

3. පසේ වයනය හා ව්‍යුහය
වැලි පසේ මනා වාතනයක් හා ජල වහනයක් ඇති අතර මැටි පසේ දුර්වල ය. දියුණු ව්‍යුහයක් සහිත පසක ද මනා වාතනයක් ඇත.

4. දෘශ්‍ය ඝනත්වය
දෘශ්‍ය ඝනත්වය වැඩි වන විට වායු ධාරිතාව අඩු වේ.

5. පාංශු ගැඹුර
පසේ මතුපිට ස්තරවල වායු ධාරිතාව වැඩි අතර ගැඹුරු ස්තරවල වායු ධාරිතාව අඩු ය.

6. වගා කර ඇති බෝගය
විශාල ලෙස මූල පද්ධතිය පැතිරෙන බෝග වගා කළ පසක අඩංගු ඔක්සිජන් ප‍්‍රමාණය අඩු ය. එසේ වන්නේ මුල් ශ්වසනය කරන බැවිනි.

7. ක්ෂුද්‍ර ජීවී ක‍්‍රියාකාරීත්වය
ක්ෂුද්‍ර ජීවීන් අධික පසෙහි කාබන් ඩයොක්සයිඞ් ප‍්‍රමාණය ඉහළ යන අතර ඔක්සිජන් ප‍්‍රමාණය අඩු වේ. එසේ වන්නේ ක්ෂුද්‍ර ජීවී ශ්වසනය හා ඛනිජ ඔක්සිකරණය වීම නිසා ය.

8. ඍතුව
වර්ෂා කාලයේ දී ජල වහනය දුර්වල වීම නිසා පසේ ඇති ඔක්සිජන් ප්‍රමාණය අඩු වේ. 

පාංශු වාතයේ වැදගත්කම

  • ශාකයේ හා මූල මණ්ඩලයේ වර්ධනයට පාංශු වාතය බලපායි. දුර්වල වාතනයක් යටතේ මූල පද්ධතිවල වර්ධනය දුර්වල වීම නිසා පෝෂක හා ජලය අවශෝෂණය කරන ප‍්‍රමාණය අඩු වේ.
  • ක්ෂුද්‍ර ජීවී ගහනය හා එහි ක‍්‍රියාකාරීත්වයට පාංශු වාතය වැදගත් වේ.
  • පාංශු වාතනය දුර්වල වූ විට ෆෙරස් ඔක්සයිඞ්, හයිඩ‍්‍රජන් සල්ෆයිඞ් වායුව, කාබන් ඩයොක්සයිඞ් වැනි විෂ ද්‍රව්‍ය හා අහිතකර වායු ද සෑදේ. මේවා ශාක වර්ධනයට අහිතකර ලෙස බලපායි.
  • ජලය හා පෝෂක ශාකයට අවශෝෂණය කර ගැනීමට පාංශු වාතය බලපායි. සක‍්‍රීය අවශෝෂණයට අවශ්‍ය ශක්තිය ලබා ගැනීම සඳහා සිදු වන ශ්වසන ක‍්‍රියාවලියට පාංශු වාතය අවශ්‍ය වේ.
  • පාංශු වාතය දුර්වල වූ විට ශාකයේ රෝග ග‍්‍රාහීයතාව වැඩි වේ. මාෂ බෝගවල මැලවීමට හා සිට‍්‍රස් ශාකවල පසු මැරීමට  පාංශු වාතය බලපාන බව සොයා ගෙන ඇත.
  • පසේ වූ බීජ ප‍්‍රරෝහණයට පාංශු වාතය වැදගත් වේ.
  • නිර්වායු තත්ව යටතේ නයිටී‍්‍රහරණ ක‍්‍රියාවලිය සිදු වේ.
  • පාංශු වාතයේ ඔක්සිජන් නැති විට නිර්වායු ජීවීන්ගේ ක‍්‍රියාකාරිත්වය නිසා මීතේන්, හයිඩ‍්‍රජන් සල්ෆයිඞ් වැනි විෂ වයු ඇතිවේ.
  • බිම් සැකසීමේ දී පස බුරුල් කිරීම මගින් පසේ සවිවරතාව වැඩි වන නිසා පසේ වාතනය හා ජල අවශෝෂණ ධාරිතාව වැඩි වේ. එසේ ම ජල වහනය ද ක‍්‍රමවත් වේ.


පාංශු ජලය
පසේ ඇති ජිද්‍රාවකාශ තුළ හා පස් අංශු වටා තදින් බැඳී පවතින ජලය පාංශු ජලය ලෙස හැඳින්වේ.

පාංශු ජලයේ වැදගත්කම
  • පසේ අඩංගු ඛනිජ පෝෂක ශාක ලබා ගන්නේ පාංශු ජලයේ දිය වූ ද්‍රාවණයක් ලෙසිනි.
  • පාංශු ජීර්ණ ක‍්‍රියාවලියේ භෞතික ජීර්ණය සඳහා සහ පාංශු ජනනය සඳහා උපකාරී වේ.
  • පාංශු ජල ප‍්‍රමාණය උචිත අවස්ථාවේ ඇති විට බිම් සැකසීම මගින් බිම් සැකසීමේ කාර්යක්ෂමතාව වැඩි වේ.
  • පසේ භෞතික, රසායනික හා ජීව විද්‍යාත්මක ක‍්‍රියාකාරීත්වයන් යාමනය කිරීමට උපකාරී වේ.
  • පසේ වෙසෙන ක්ෂුද්‍ර ජීවීන්ගේ කායික ක‍්‍රියාවලීන් සඳහා අවශ්‍ය වේ.
  • බීජ ප‍්‍රරෝහණයට හා ශාක වර්ධනයට අවශ්‍ය වේ.
  • නියග වැනි තත්ත්වවල දී ශාක රැක ගැනීමට අවශ්‍ය වේ.


පාංශු ජලය වර්ගීකරණය
පාංශු ජලය ආකාර දෙකකට වර්ගීකරණය කෙරේ.

01. භෞතික වර්ගීකරණය
  • ගුරුත්වාකර්ෂණ ජලය
  • කේශාකර්ෂණ ජලය
  • ජලාකර්ෂණ ජලය


02. ජෛව විද්‍යාත්මක වර්ගීකරණය

  • ශාකයට ලබා ගත හැකි ජලය
  • ශාකයට ලබා ගත නොහැකි ජලය