තැනිතලා ප‍්‍රදේශවල අඩු විෂමතාවක් දක්නට ලැබුණ ද ඇතැම් විට තැනිතලාවේ උස් ස්ථාන ද තිබිය හැකි ය. එවැනි ස්ථාන තැන් උස මඟින් දැක්වේ. සිතියමක තැනිතලා බිමක් හඳුනා ගත හැක්කේ සමෝච්ච රේඛා නොමැති වීම හෝ සමෝච්ච රේඛා කීපයකට පමණක් සීමා වීම මඟිනි. මෙවැනි ප‍්‍රදේශවල උස දැන ගත හැක්කේ තැනින් තැන දක්වා ඇති තැන් උස ආධාරයෙනි.
රැලි බිම
කැපී පෙනෙන භූ ලක්ෂණ නොමැති නමුත් සම්පූර්ණයෙන් ම තැනිතලා බිමක ස්වරූපයක් නොගන්නා ප‍්‍රදේශයකි. තැනිතලා බිමෙහි තැනින් තැන මදක් උස්බිම් ද දැකිය හැකි ය.
උත්තල බෑවුම සහ අවතල බෑවුම
කඳුවැටියක මුදුනේ දී දළ බෑවුමකුත් කඳු පාමුල මද බෑවුමකුත් ඇති කඳුවැටි ඔබ දැක තිබෙන්නට පුඵවන. එබඳු කඳු වැටියක් සිතියම් ගත කිරීමේ දී කන්ද පාමුල දී සමෝච්ච රේඛා ඈතින් ද (මද බෑවුම) කන්ද මුදුනේ දී සමෝච්ච රේඛා ළංව ද (දළ බෑවුම) අඳිනු ලැබේ. එය අවතල බෑවුමකි. එමෙන් ම කන්ද පාමුල දී සමෝච්ච රේඛා ළංව ද කඳු මුදුනේ දී සමෝච්ච රේඛා ඈතින් ද විහි දී ඇත්නම් එය උත්තල බෑවුමකි.
A- B - අවතල බෑවුම
B- C - උත්තල බෑවුම
මොහොර බෑවුම
භූ තලයේ එක් මට්ටමක සිට තවත් මට්ටමක් යා කරන දළ බෑවුමකි. සමෝච්ච රේඛා ඉතා ළං ව පිහිටා ඇත. සමහර අවස්ථාවල සමෝච්ච රේඛා එක පිට එක වැටෙන තරමට ළං වේ. බොහෝ දුරට ශ්‍රී ලංකාවේ එක් අඩතැන්නක සිට අනෙක් අඩතැන්න යා කෙරෙනුයේ මොහොර බෑවුම්වලිනි.
සානුව
උස් සම භූමිය සානුවකි. මෙම භූමිය පහත් බිමින් වෙන් වන්නේ බොහෝ දුරට දළ බෑවුම්වලිනි. සිතියමක සානුවක් පහසුවෙන් හඳුනා ගත හැක්කේ බොහෝ දුරට සානුව මතුපිට සමෝච්ච රේඛා මද වශයෙනුත් පැතිවල සමෝච්ච රේඛා ළං ව පිහිටීමෙනුත් ය.
ආයතගාමී නිම්නය හා තීර්යක් නිම්නය
කඳුවැටි විහිදෙන දිශාවට සමාන්තර ව විහිදෙන නිම්න ලක්ෂණයන් හඳුන්වන්නේ ආයතගාමී නිම්න වශයෙනි. කඳුවැටි විහිදෙන දිශාවට ප‍්‍රතිවිරුද්ධ ව විහිදෙන නිම්න තීර්යක් නිම්න වේ. ගංගා ආයතගාමී සහ තීර්යක් නිම්න දිගේ ගලා බැසීම නිසා ජාලාකාර ජලවහන රටා සෑදේ.
කපොල්ල
කඳුවැටි දෙකක් අතර පිහිටි පහත් ප‍්‍රදේශය කපොල්ලකි. කපොල්ලක් හරහා ගංගාවක් වැනි දියපාරක් විහි දී තිබේ නම් එය ජල කපොල්ල නමින් ද ගංගා ගැලීමක් හෝ ජලවහනයක් හෝ නොමැති කුඩා කපොල්ල සුළං කපොල්ල නමින් ද හැඳින්වේ.
සර්ට ස්තුතියි පස පාඩමේ note එකත් ඩාන් නකො සර්
ReplyDelete❤️
ReplyDeleteමම දැකමු පැහැදිළිම ඉගැන්වීම. බොහොම ස්තූතියි ගුරුතුමණි
ReplyDelete