Practicals.

.

Field Works.

පහසුකම් සපිරි දේශන ශාලා.

BST උගන්වන පංතිය.

Saturday, October 24, 2015

විසිතුරු මල් වගාව


විසිතුරු මල් වගාව ගැන තොරතුරු ගොඩාරියක් සිංහලෙන්ම කියලා දෙන වීඩියෝවක් හම්බ වුණා. මල් වගාව සහ භූමි අලංකරණය පාඩමට බොහෝ වැදගත් වේවි. අනිවාර්යයෙන් බලන්න.

මෙතන ක්ලික් කරන්න.

නව පුභ්ද නිෂ්පාදනය කිරීම සහ අභිජනන බීජ සහතික කිරීම


අළුත් විෂය නිර්දේශයේ ශාක ප්‍රචාරණය කොටසට නව බෝග  ප්‍රෙභ්ද නිෂ්පාදනය කිරීම, අභිජනනය සහ බීජ සහතික කිරීම යන කොටස් ඇතුළත් කරලා තියෙනවා. ඉතින් ගොඩක් දෙනෙකුගේ මේ කාරණා සම්බන්ධව තිබෙන දැනුම අඩුයි. කෘෂිකර්ම දෙපාර්තමේන්තුවෙන් සකස් කළ මේ වීඩියෝ එකේ ඒ ගැන සිංහලෙන්ම කියලා දෙනවා.


මෙතන ක්ලික් කරලා බලන්න.

Sunday, August 9, 2015

BST බහුවරණ ප්‍රශ්න

නිකන් ඉන්න ගමන් කරලා බලන්න බහුවරණ ප්‍රශ්න ටිකක් මගේ ගානේ...

මෙතනින් ගන්න.

වෘත්තීය රෝග

වෘත්තීය සෞඛ්‍ය සහ ආරක්ෂාව කියන ඒකකයට අදාළ තවත් පාඩමක් තමයි මේ දෙන්න යන්නේ.
විෂය නිර්දේශයේ තියෙන වෘත්තීය රෝග ගණනාවක් ගැන තොරතුරු මේ සටහනේ අඩංගු වෙනවා.
Download කරගෙන කියවලා දැනුම වැඩි කර ගන්නකෝ.

මෙතනින් ගන්න

වෘත්තීය සෞඛ්‍යය සහ ආරක්ෂාව

වෘත්තීය සෞඛ්‍යය සහ ආරක්ෂාව කියන්නේ ජෛව පද්ධති තාක්ෂණවේදය යටතේ අපි හදාරන්න ඕන විෂය කොටසක්.
මේ කොටසට උපකාරයක් වෙන ලිපි පෙළක් ගැන තමයි කියන්න යන්නේ.
මේක මගෙ වැඩක් නම් නෙවෙයි. ජංජාලේ කරක්ගහනකොට අහම්බෙන් වගේ දැක්ක වෙබ් අඩවියක්.
පහලින් දීලා තියෙන සබැදිය ඔස්සේ ඔයාට මේ වෙබ් අඩවියට යන්න පුළුවන්. එතන තියෙන ‘රැකියාව සහ සෞඛ්‍යය කියන ලිපි පෙළ බාගන්න. ගොඩක් ප්‍රෙයා්ජනවත් වේවි.

මෙතනින් ගිහින් බලන්න.

පැළයක් නිවැරදිව බදුන්ගත කිරීම

විශේෂයෙන්ම ප්‍රාෙයා්ගික පරීක්ෂණයේදී වැදගත් වේවි මේක. පැළයක් හරියට බදුන්ගත කරන්නෙ කොහොමද කියලා සිංහලෙන්ම මේ වීඩියෝවේ කියලා දෙනවා. මෙම වීඩියෝවත් උපුටාගත්තේ කෘෂිTV Facebook පිටුවෙන්.

මෙතන ක්ලික් කරලා බලන්න

Thursday, January 15, 2015

ගසක් කප්පාදු කරන්නේ මෙහෙමයි


මාතෘකාවෙන් දීලා තියෙන කරුණට අදාළ සිංහල වීඩියෝවක්. 

උපුටා ගැනීම - කෘෂිTV Facebook පිටුව

මෙන්න මෙතන Click කරලා බලන්නකෝ....


ශාකයක් ලේයර් කර ගැනීම


වායව අතුබැදීමක් කරන හැටි සිංහලෙන්ම කියලා දෙන වීඩියෝ එකක් මෙන්න. මුලසිට සරලව සියල්ල තියෙනවා. බලන්ටකො ඈ....

උපුටා ගැනීම - කෘෂි TV facebook පිටුවෙන්

මෙතනින් යන්න.

Wednesday, January 14, 2015

පළිබෝධනාශක දියර ඉසින යන්ත්‍ර

ගොවිපළ යාන්ත්‍රීකරණය ඒකකයේදී පළිබෝධනාශක දියර ඉසින යන්ත්‍ර ගැන ඉගෙනගන්න වෙනවා. මෙන්න ඒකට මගෙ ගානේ පොඩි උදව්වක්. මට හම්බ වුණ ලිපියක් ඔබට දෙනවා ඔන්න. මෙය කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ ප්‍රකාශනයක්. දියර ඉසින යන්ත්‍ර ගැන වැදගත් තොරතුරු ගොඩක් මෙහි අන්තර්ගතයි.

ලිපිය බලන්න මෙතන ක්ලික් කරන්න.


කාබනික පොහොර ගැන

මේ ලිපිය දෙන්නෙත් ඔබේ අමතර දැනුමට. බෝග වගාවේදී කාබනික පොහොර භාවිතයේ වැදගත්කම් ගැන දැක්වෙන වැදගත් ලිපියක්. අනේ මම හදපු එකක්නම් නොවෙයි. ගත්තේ අන්තර්ජාලයෙන්. ඔබට වැදගත් වේවි කියලා හිතුණ නිසා දැම්මා ඔන්න.


මෙතන කොටලා බාගන්න.

Thursday, January 8, 2015

මොනාද මේ E අංක

ආහාර ඇසුරුම්කරණය ගැන ඉගෙනගන්නවා නොවැ. ආහාරයේ අන්තර්ගත වන ද්‍රව්‍ය අන්තර්ජාතික අංකන ක්‍රමයෙන්, අඩංගු ප්‍රමාණයන්ට අනුව අවරෝහණ පිළිවෙලින් සදහන් කිරීම නීතියක්. ආහාරයට යොදන ආකලන ද්‍රව්‍ය අන්තර්ජාතික අංකන ක්‍රමයෙන් දැක්විය යුතුයි. වර්තමානයේ ආහාර ආකලන ද්‍රව්‍ය බොහෝ විට එන්නේ E අක්ෂරය එක්ක අංකයකින්. මේ ගැන තොරතුරු ටිකක් තමයි මේ ලිපියේ අන්තර්ගත වෙන්නේ. අමතර දැනුමට වැදගත් වෙයි.

මෙතන ක්ලික් කරලා ඩවුන්ලෝඩ් කරගන්න.



සත්ත්ව පාලනය


මෙන්න සත්ත්ව පාලනය සම්බන්ධව වැදගත් ලිපියක්. විෂයට අදාළ කරුණු ගණනාවක් සරලව තියෙනවා.

මෙතනින් ගන්න....


ජලයේ ගුණාංග


ජලයේ භෞතික රසායනික සහ ජෛවීය ගුණාග ගැන මා විසින් පිළියෙළ කළ නිබන්ධනයක් දෙනවා ඔන්න. අපේ පන්ති වලට සහභාගී වෙන සිසුන්ට සෑම ඒකකයකටම අදාළ මේ වගේ සම්පූර්ණ සිද්ධාන්ත සටහන් නොමිලේම ලැබෙනවා. 
බාගත කරගෙන කියවලා දැනුම වැඩි කර ගන්නකෝ.

මෙතැනින් ගන්න.

පටක රෝපණය සිංහලෙන්


මෙන්න ශාක පටක රෝපණය ගැන සිංහලෙන්ම කියලා දෙන හොද වීඩියෝවක්. දකුණු පළාත් කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ නිෂ්පාදනයක්. පටක රෝපණය ඉගෙනගන්න අපේ දරුවන්ට ප්‍රෙයා්ජනවත් වෙයි.

මෙතනින් ගිහින් බලන්න.