Practicals.

.

Field Works.

පහසුකම් සපිරි දේශන ශාලා.

BST උගන්වන පංතිය.

Sunday, April 5, 2020

විසිතුරු මත්ස්‍ය වගාව


විසිතුරු මත්ස්‍ය වගාව සම්බන්ධ Presentation එකක් ඔබට දෙනවා. ජල ජීවී වගාව ඒකකයට අදාළ විසිතුරු මසුන් ගැන තෙරතුරු සමූහයක් රූපසටහන් එක්කම මෙහි තියෙනවා. 
මේ Presentation එක මම නිර්මාණය කරපු එකක් නෙවෙයි. ජල ජීවී වගා සංවර්ධන අධිකාරියේ පුහුණුවකදී මට ලැබුණු එකක්. ඒ නිසා මෙය නිර්මාණය කිරීමේ ගෞරවය අදාළ නිළධාරී මහතාට හිමි විය යුතුයි. 

මෙතනින් ගන්න.

Thursday, April 2, 2020

සිද්ධාන්ත සටහන් - ගොවිපළ යාන්ත්‍රිකරණය


මෙන්න ගොවිපළ යාන්ත්‍රිකරණය ඒකකයට අදාළ පූර්ණ සිද්ධාන්ත සටහන. මේ නිබන්ධන අපේ පන්ති වලට සහභාගී වන සිසුන්ට නොමිලේ ලබා දීලා තියෙනවා. නමුත් Online පන්ති සඳහා සහභාගී වීමට බලාපොරොත්තු වන අනෙක් අයට අවශ්‍ය වෙන නිසා දැම්මා. අවශ්‍ය අය Download කරගන්න.
මේ නිබන්ධන එකක්වත් නිකම් පහළ වුණේ නැහැ. ඔලුව රිදෙනකම් ඇස් කකියනකම් පරිගණකය දිහා බලාගෙන මම නිර්මාණය කරපුවා. මේ නිබන්ධන නිර්මාණය කරන්න එකදිගට පැය පහ හය පරිගණකයත් එක්ක ඔට්ටු වෙනවා සමහ දවස් වලට. Download කරගෙන නිකන්ම යන්නෙ නැතිව යටින් පොඩි comment එකක්වත් දැම්මනම් ගොඩක් වටිනවා.

නිබන්ධනය මෙතනින් ගන්න.


Wednesday, April 1, 2020

සිද්ධාන්ත සටහන් - ජල ජීවී වගාව



ජලජීවී වගාව ඒකකයට අදාළ සිද්ධාන්ත සටහන මෙන්න. පහළ තියෙන Link එකෙන් Download කරගන්න.


මෙයින් ඔබ යම් ප්‍රෙයා්ජනයක් ලබනවානම් යටින් Comment එකක් දාලා යන්න. එය මට ලොකු ශක්තියක් වේවි.

සිද්ධාන්ත සටහන් - දැව සහ දැව නොවන වනජ නිෂ්පාදන



කොරෝනා වසංගතය නිසා ගෙදරට වෙලා ඉන්න දරුවන්ට Online ක්‍රමයට පාඩම් උගන්නන්න තීරණය කළා. උසස් පෙළ ජෛව පද්ධති තාක්ෂණවේදයට අදාළ පාඩම් සියල්ල සඳහා සම්පූර්ණ සිද්ධාන්ත සටහන් මම අද සිට මෙම බ්ලොග් අඩවියට දානවා. 
ඒ යටතේ මෙන්න දැව සහ දැව නොවන වනජ නිෂ්පාදන ඒකකයට අදාළ සිද්ධාන්ත සටහන
පහළින් දාලා තියෙන Link එකෙන් Download කරගන්න.

මෙතනින් ගන්න.




Tuesday, March 10, 2020

ජෛව පද්ධති තාක්ෂණවේදය පසුගිය විභාග ප්‍රශ්න පත්‍ර


ජෛව පද්ධති තාක්ෂණවේදය විෂයේ පසුගිය විභාග ප්‍රශ්න පත්‍ර බාගන්න අවශ්‍ය අයට පහත සබැඳි වලින් බාගන්න පුළුවන්. අදාළ වසර මත ක්ලික් කරන්න.

2015
2016 
2017
2018
2019 පැරණි විෂය නිර්දේශය
2019 නව විෂය නිර්දේශය

Monday, March 2, 2020

කුරුඳු නිෂ්පාදනය

අතීතයේ සිට ශ්‍රී ලංකාවේ කුරුඳුවලට ලෝකය පුරා විශාල ඉල්ලුමක් නිර්මාණය වී තිබුණි. වර්තමානයේ ද  ශ්‍රී ලංකාවේ කුරුඳු සඳහා හොඳ ඉල්ලුමක් ලොව පුරා පවතී. කුරුඳු සකස් කරන ආකාරය පිළිබඳව විස්තරයක්  පහතින් දැක්වේ.
  • පොත්ත සීරීම

කුරුඳු ගසෙන් වෙන් කරගත් කුරුඳු කෝටු මතු පිට ඇති දුඹුරු පැහැති සුඹුළ සූරා පිරිසිදු කිරීම සිදු කරයි.
  • පොත්ත තැළීම

පිත්තල කූරකින් හෝ උපකරණයක් මගින් පොත්ත තැළීම සිදු කළ හැකි ය.
  • පොත්ත කැපීම හා කඳින් වෙන් කර ගැලවීම

කෝටුවේ එක් කෙළවරක සිට අනෙක් කෙළවරට පොත්ත දිග අතට පළා පොත්ත හා දණ්ඩ අතරින් පිහිතුඩ ඇතුළු කර 1/2 පමණ ඉහළට පොත්ත ඔසවා ලිහිල් කර බාග දෙකක් ලෙස හෝ තනි පොත්තක් ලෙස ගලවා ගැනීමට හැකි ය.
  • කූරු පිරවීම

ගැලවූ පොතු එක මත එක වන සේ සන්ධි කර කූර පුරවනු ලැබේ. මෙහි දී එම කූරු වර්ගයේ ම සුඹුළ ඉවත් කරන ලද පොතුවලින් පිරවීම සිදු කරයි.
  • කූරු දෙකෙළවර කැපීම

සකසා ගත් කූරුවලින් 106.7cm පමණ දිග කූරු සකස් කර නෙරා ඇති කොටස් කපා ඉවත් කරයි.
  • වියළීම

සකසා ගත් කුරුඳු කූරු මඳ පවනේ දින 4-7 පමණ වියළීම සිදු කරයි.
  • ඇසිරීම

ඉහතින් විස්තර කරන ලද පියවරයන් පහත දැක්වෙන වීඩියෝවෙන් නැරඹිය හැක.

කුරුඳු ආශ‍්‍රිත නිෂ්පාදන 
  • කුරුඳු තෙල්

  • කුරුඳු තේ

  • කුරුඳු කුඩු



Saturday, February 22, 2020

ආගන්තුක ආක්‍රමණශීලී ජීවී විශේෂ


 ආක‍්‍රමණික ආගන්තුක ජීවී විශේෂ




අතීතයේ හෝ වර්තමානයේ ස්වභාවිකව පැතිරී ඇති ප‍්‍රදේශයෙන්/රටින් පිටත වෙනත් පරිසරයකට හඳුන්වා දී ඇති හෝ පැතිරී ඇති ජෛව විවිධත්වයට තර්ජනයක් ඇති කරන ජීවීන් ආගන්තුක ආක‍්‍රමණශීලී ජීවීන්
ලෙස හඳුන්වයි.
මෙම ආක‍්‍රමණික ආගන්තුක විශේෂ ගෝලීය ආර්ථිකය කෙරෙහි අහිතකර බලපෑම් ඇති කරයි. සමහර රටවල කෘෂිකාර්මික නිෂ්පාදනයට එම`ගින් සිදුවන හානිය අති විශාලය. තවද මෙවැනි විශේෂ හේතුවෙන් වාර්ෂිකව ලොව පුරා සිදුවන පරිසර හානිය කෙසේවත් මිල කළ නොහැක.

ජෛව විවිධත්ව ලේකම් කාර්යාලය
මහවැලි සංවර්ධන හා පරිසර අමාත්‍යාංශය යටතේ ශ‍්‍රී ලංකාවේ ජෛව විවිධත්වය සුරැකීම සඳහා ස්ථාපනය කර ඇති ලේකම් කාර්යාලය මේ නමින් හැඳින්වේ. එම`ගින් අප රටෙහි ජෛව විවිධත්වය රැක ගැනීම සඳහා පහත සඳහන් ක‍්‍රියාමාර්ග ගෙන ඇත.

  • ප‍්‍රතිපත්ති සැකසීම
  • නීති හා අණපනත් සම්පාදනය
  • ජෛව විවිධත්වය රැුක ගැනීම සඳහා ව්‍යාපෘති ක‍්‍රියාත්මක කිරීම
    • ආක‍්‍රමණික හා ආගන්තුක ජීවී විශේෂ රට තුළට, විදේශීය රට වලින් ඇතුළු වන ස්ථාන වලින් පාලනය කිරීම (එනම් වරාය සහ ගුවන් තොටුපල මඟින්)
    • රට තුළ පවතින ආගන්තුක ආක‍්‍රමණශීලී ජීවී විශේෂ කළමණාකරනය සහ පාලනය.
    • ජාතික සම්බන්ධීකරණ යාන්ත‍්‍රණයක් ඇති කිරීම. මේ සඳහා පළාත් මට්ටමින් සියලූම අදාළ ආයතන සහ දෙපාර්තමේන්තු එකතු කර කවයක් (Cell එකක්) සාදනු ලැබේ.
    • පුහුණු කිරීමේ හා දැනුවත් කිරීමේ වැඩසටහන් ක‍්‍රියාත්මක කිරීම.


ආක‍්‍රමණික ආගන්තුක ජීවී විශේෂ වල බලපෑම
කෘෂිකර්මයට

  • බෝග හානිය - 

පාංශු පෝෂක, ජලය හා ඉඩකඩ සඳහා දැඩි තරගයක් දෙමින් බෝග වගාවන්හි වර්ධනය හා අස්වැන්න සැලකිය යුතු ලෙස අඩු කරයි.

  • තණ බිම්/ගොවිබිම්වල අගය හීන වීම - 

මේනිසා තණ බිම්වල සත්ත්ව ආහාර අගය අඩුවීමෙන් සහ ගොවිබිම්වල ඵලදායී භූමි ප‍්‍රමාණය අඩු වීමෙන් මෙම විශේෂ සත්ත්ව පාලනය සහ කෘෂිකර්මය කෙරෙහි බලපෑම් ඇති කරයි.

  • ජල සම්පත් හීන වීම - 

ආක‍්‍රමණික ආගන්තුක විශේෂ (ජපන් ජබර වැනි) ජලයෙහි ගුණාත්මකභාවය සහ ජලය ගලායාම අඩු කරන අතරම ජලාශ වල ඇති ජලය අඩු වීම වේගවත් කරයි. එමෙන්ම මසුන් සහ විවිධ ජලජ ජීවීන්ගේ ගහන ඉතා අඩු මට්ටමකට පත්කරයි.

ආර්ථිකයට
ආක්‍රමණශ්‍රීලි ආගන්තුක විශේෂ පාලනය කිරීමට සහ කළමනාකරණය කිරීමට අධික පිරිවැයක් සහ විශාල ප්‍රයත්නයක් දැරීමට සිදු වේ. එමෙන් ම බොහෝවිට ඒ සඳහා විශාල කම්කරු ශ්‍රමයක් ද අවශ්‍ය වේ. කෘෂිකාර්මික නිෂ්පාදනය සඳහා යොදා ගත හැකි ඉඩම් ප්‍රමාණය අඩු වේ. ස්වභාවිකව වැවෙන, ආහාරයට ගතහැකි ශාක වර්ග මේ නිසා වඳ වී යයි.

සෞඛ්‍යය සහ සමාජ ගැටලු
ආක්‍රමණශ්‍රීලි ආගන්තුක විශේෂ සෞඛ්‍යමය ගැටලුු ඇති කරයි. සමහර ආක්‍රමණශ්‍රීලි ආගන්තුක විශේෂ හේතුවෙන් පෙර වාර්තා නොවූ රෝග පැතිර යාමේ අවධානමක් ඇත.
ඖෂධීය වටිනාකමක් ඇති දේශීය පැළෑටි ආක්‍රමණශීලී ආගන්තුක විශේෂ නිසා තර්ජනයට පාත්‍රවිය හැකිය. බොහෝ ආක්‍රමණික ශාක ඒවා වැවෙන ප්‍රදේශයේ සුන්දරභාවයට හානි සිදු කරයි. බොහෝවිට මේවායේ ඇති විෂ ද්‍රව්‍ය, බූව, කටු, අධික වර්ධනය ආදිය මගින් ප්‍රදේශවාසි ජනතාවගේ ජීවන පැවැත්මට බාධාවන් ඇති කරයි.

ජෛව විවිධත්වය හා පරිසර පද්ධති
අනෙකුත් විශේෂ අභිබවා නැගී සිටීම නිසා ආක්‍රමණික ආගන්තුක විශේෂවලට පාරිසරික පද්ධති වල ව්‍යුහය සහ විශේෂයන්ගේ සංයුතිය වෙනස් කළ හැක. ගඳපාන (Lantana camara) පඳුරු අසල ඇති අනෙක් පැළෑටි යටපත් කිරීමට විෂ සහිත රසායන ද්‍රව්‍ය පසට වෑස්සීමට සැලැස්වීම උදාහරණයක් ලෙස දැක්විය හැක.
එම ශාක ආහාරයට ගන්නා අලි ඇතුන් වැනි සතුන්ට පවා එමඟින් අහිතකර බලපෑම් ඇති වේ.

ආක්‍රමණශීලී ආගන්තුක ජීවී විශේෂ වල ලක්ෂණ
ඔවුන්ගේ ස්වභාවික පරිසරයෙන් පිටත ද ආක්‍රමණශීලී වන බවට දිගු ඉතිහාසයක් ඇත. විවිධ පරිසර පද්ධති වල විශාල ලෙස ව්‍යාප්ත වී ඇත.
මෙවැනි ජීවීන් ඉතා ශීඝ්‍රයෙන් වර්ධනය හා ප්‍රජනනය වන අතර ඉක්මනින් පරිණතභාවයට ද පත් වේ.
ඔවුන් ඉතා කාර්යක්‍ෂමව තම වර්ගයා බෝ කරන අතර ඉතාමත් සාර්ථක පැතිරීමක් පෙන්වයි.
ඔවුන්ට කටුක තත්ත්වයන් දරාගත හැක. උදා: ජලය නොමැතිව දිගු කාලයක් සිටීමට හැකිවීම හා කටුක පරිසර තත්ත්වයනට ඔරොත්තු දීම සඳහා විවිධ අනුවර්තන තිබීම.
එසේම අනෙකුත් ශාක වර්ධනය අඩාල කරන රසායනික ද්‍රව්‍ය නිපදවීමේ හැකියාවක් ද මෙවැනි ශාක වලට ඇත.

ශ‍්‍රී ලංකාවට ආගන්තුක සහ ආක‍්‍රමණශීලී ශාක විශේෂ
01. කලපු අන්දර (Prosopis juliflora) 
      කුලය -  Fabaceae

02. සැල්වීනියා (Salvinia molesta)
      කුලය - Salviniaceae

03. ජබන් ජබර (Eichhornia crassipes)
      කුලය - Pontederiaceae

04. ගිනිතණ (Panicum maximum)
      කුලය - Poaceae

05. ගල් ගොරකා (Clusia rosea)
      කුලය - Clusiaceae

06. හම්බු පන් /පොතු කොළ (Typha angustifolia)
      කුලය - Typhaceae

07. ගඳපාන (Lantana camara)
      කුලය - Verbenaceae

08. වෙල් ආත (Annona glabra)
      කුලය - Annonaceae

09. පතන් පාලූ (Austroeupatorium inulifolium)
      කුලය - Asteraceae

10. දියපර (Dillenia suffruticosa)
      කුලය - Dilleniaceae

11. අග මුල නැති වැල (Cuscuta campestris)
      කුලය - Convolvulaceae

12. ගිනිකූරු ගස් (Alstonia macrophylla)
      කුලය - Apocynaceae

13. ඉපිල් ඉපිල් (Leucaena leucocephala)
       කුලය - Fabaceae

14. කටකළු බෝවිටියා (Clidemia hirta)
      කුලය - Melastomataceae

15. පාතීනියම් (Parthenium hysterophorus)
      කුලය - Asteraceae

16. යෝධ නිදිකුම්බා (Mimosa pigra)
      කුලය - Asteraceae

17. කටු පතොක් (Opuntia dillenii)
      කුලය - Cactaceae

18. යුලෙක්ස් (Ulex europaeus)
      කුලය - Fabaceae

19. අරුණාදේවී (Sphagneticola trilobata / Wedelia trilobata)
      කුලය - Asteraceae

20. පිච්ච බටු (Cestrum aurantiacum)
      කුලය - Solanaceae

ශ‍්‍රී ලංකාවට ආගන්තුක සහ ආක‍්‍රමණශීලී සත්ත්ව විශේෂ
01. ට‍්‍රවුට් (Oncorhynchus mykiss)

02. ස්කැවෙන්ජර් (Pterygoplichthys disjunctivus)

03. ඹන්නයා (Chitala ornate)

04. පුල්ලි මගුරා (Clarias batrachus)

05. රෝහු (Labeo rohita)

06. තිලාපියා (Oreochromis mossambicus)

07. තිලාපියා (Oreochromis niloticus)

08. රත්කන් ඉබ්බා (Trachemys scripta)

09. රන්වන් ඇපල් ගොලූබෙල්ලා (Pomacea diffusa)

10. කලූතර ගොඩබෙල්ලා (Lissachatina fulica)

ආක‍්‍රමණික ආගන්තුක විශේෂ වෙනත් පළිබෝධ සහ වල්පැළෑටි වලින් වෙනස් වන අයුරු


ආක‍්‍රමණශීලී ආගන්තුක ජීවී විශේෂ පාලනය කිරීමට ඔබට දායක විය හැකි ආකාර
කළයුතු දේ

  • ශී‍්‍ර ලංකාව තුළ තිබෙන ආක‍්‍රමණශීලී ආගන්තුක ජීවී විශේෂ නිවැරැුදිව හඳුනාගැනීමටත්, එමගින් සිදුකරනු ලබන විනාශය පිළිබඳ අධ්‍යයනයටත් පෙළඹෙන්න. ඔබ ගෙවත්තේ හ`දුනාගත් ආක‍්‍රමණශීලී ආගන්තුක ජීවී වෙනත් ප‍්‍රදේශ වලට ව්‍යාප්ත වීමට පෙර විනාශ කරන්න.
  • ආක‍්‍රමණශීලී ආගන්තුක ජීවීන් හ`දුනාගැනීමේ අවිනිශ්චිතතාවයක්, ඉවත් කිරීමට හෝ කළමනාකරණය පිළිබඳ ගැටලූුවක් ඇත්නම් අදාළ ආයතන හෝ බලධාරීන්ගෙන් උපදෙස් ලබාගන්න.
  • ඔබගේ ප‍්‍රදේශයෙහි අසාමාන්‍ය වේගයෙන් වල්පැළෑටි පැතිරීමක් නිරීක්ෂණය කළේ නම් අදාල ආයතන හෝ බලධාරීන්ට වාර්තා කරන්න.
  • ප‍්‍රාදේශීය හා ජාතික වශයෙන් ආක‍්‍රමණශීලී ආගන්තුක ජීවී පාලනය කිරීමට සහ කළමනාකරණ වැඩ සටහන් වලට නොමදව සහය වන්න.

නොකළ යුතු දේ

  • අදාල බලයලත් ආයතන හරහා මූලික පරීක්ෂා කිරීමකින් තොරව විවිධ පැළෑටි වර්ග විදේශ රටවලින් ගේන්න එපා.
  • ආක‍්‍රමණශීලී ආගන්තුක ජීවී විශේෂ වර්ධනය, වගා කිරීම හෝ ප‍්‍රවාහනය කරන්න එපා.
  • ඔබගේ ගෙවත්තෙන් හෝ අවටින් ඉවත් කරන ලද ආක‍්‍රමණශීලී ආගන්තුක ජීවී විශේෂ, මාර්ග අසල වෙනත් භූමි ප‍්‍රදේශ වල හෝ කසළ බැහැර කරන ප‍්‍රදේශ වලට දමන්න එපා.
  • විවෘත බිම් ප‍්‍රදේශ වල හෝ ස්වාභාවික පරිසරවල තිබෙන ආක‍්‍රමණශීලී ආගන්තුක ජීවී විශේෂ මර්දනය කිරීම සඳහා වල් පැළෑටිනාශක, පළිබෝධනාශක, දිලීරනාශක සහ වෙනත් විෂ වර්ග නියමිත මඟ පෙන්වීමකින් හා අවසරයකින් තොරව භාවිතා කරන්න එපා.

උපුටා ගැනීම - කෘෂ්කර්ම දෙපාර්තමේන්තුවේ ප්‍රකාශනයකිනි.

Monday, February 10, 2020

සගන්ධ තෙල් නිෂ්පාදනය


සගන්ධ තෙල්
ශාක ද්‍රව්‍යවලින් නිස්සාරණය කරනු ලබන ජලයේ අද්‍රාව්‍ය වාෂ්පශීලි ද්‍රව සගන්ධ තෙල් වශයෙන් හඳුන්වනු ලැබේ. විවිධ සගන්ධ තෙල්වල ඒවාට ම ලාක්ෂණික වූ ගන්ධයක් ඇත. සගන්ධ තෙල් මඟින් ආහාර වර්ග සුවඳවත් කිරීමෙන් ආහාර රුචිය වැඩි වේ. එසේ ම සුවඳ විලවුන් නිපදවීම
සඳහා ද සගන්ධ තෙල් යොදා ගැනේ. අද ලෝකයේ වාණිජ ක්ෂේත‍්‍රය තුළ සුවඳ විලවුන් සහ රසකාරක සඳහා අධික ඉල්ලූමක් පවතී. අතීත කාලයේ රජවරුන් පවා සුවඳ වර්ග ගැල්වූ බව ඉතිහාසයේ සඳහන් වේ.
කුරුඳු, කරාබු, පැඟිරි, කරදමුංගු, වින්ටගි‍්‍රන් වැනි ශාක කොටස්වලින් සගන්ධ තෙල් ලබා ගනී.
ශාකවල සගන්ධ තෙල් අඩංගු වන විශේෂ දේභ කොටස් ඇත.

සගන්ධ තෙල් නිස්සාරණය කර ගන්නා ක‍්‍රම
  • හුමාලය ආසවනය
  • ද්‍රාවක නිස්සාරණය
  • තෙරපීම

හුමාල ආසවනය
සගන්ධය තෙල් බොහෝ වර්ග තාපය නිසා වියෝජනය වීමට හෝ බහුඅවයවීකරණය වීමට ඉඩ තිබේ. එනම් ඉහළ උෂ්ණත්වවලට රත් කිරීම සුදුසු නොවේ. එබැවින් හුමාල ආසවනයට ලක් කර පහළ උෂ්ණත්වවල දී නිස්සාරණය කරනු ලැබේ. සගන්ධ තෙල් අන්තර්ගත ශාක කොටස් හා ජලය සහිත පද්ධතිය රත් කරන විට දී එම පටක හානි වී වාෂ්පශීලි සංයෝග නිදහස් වේ.

සගන්ධ තෙල් අඩංගු ශාක කොටස් ඇති භාජනයට වෙන ම හෝ හුමාල ජනකයක් මඟින් නිපදවන හුමාලය එවනු ලැබේ. මෙසේ වෙනම හෝ හුමාල ජනකයකින් හුමාලය එවන නිසා හුමාලයේ පරිමාමිතික ගැලීම පාලනය කිරීමට හැකි වීම වාසියකි. මෙසේ හුමාලය ශාක කොටස් ඇති භාජනයට පැමිණීම හේතුවෙන්, හුමාලයෙන් ලැබෙන තාපය නිසා ශාක සෛල විනාශ වෙමින් වාෂ්පශීලි සංයෝග නිදහස් වේ. වාෂ්පය ඝනීභවනය වෙමින් යම් ප්‍රමාණයකට ජලවාෂ්ප එහි එකතු වේ. දිගින් දිගට ජලවාෂ්ප පැමිණෙන විට ද්‍රව පෘෂ්ඨයට ඉහළින් ජල වාෂ්පත් සගන්ධ තෙල් වාෂ්පත් යන සංඝටකයන්ගේ වාෂ්ප පීඩන එකතුව වායුගෝලීය පීඩනයට සමාන වන විට පද්ධතිය නැටීමට පටන් ගනී. එවිට ශාක කොටස්වල ඇති සගන්ධ තෙල් ද ජලය සමඟ වාෂ්ප කලාපයට එක් වෙයි.
කෙසේ වෙතත් අඛණ්ඩව ජලවාෂ්ප ධාරාවක් ගැලීම නිසා භාජනයෙන් ඉවතට යන වාෂ්ප ධාරාවේ ජලවාෂ්පත් සගන්ධ තෙල් වාෂ්පත් අන්තර්ගත වේ. මේ වාෂ්ප කොන්ඩෙන්සරයක් තුළින් යවා සිසිලනය කළ විට ආසුතය ජලය හා සගන්ධ තෙල් යන ස්තර දෙකක් වශයෙන් ලැබේ. එය පහසුවෙන් වෙන් කර ගත හැකි වේ.
උදා - 
කුරුඳු ශාකයේ විවිධ කොටස් යොදා ගනිමින් හුමාල ආසවනය මඟින් ලබා ගත් කුරුඳු තෙල්වල අඩංගු ප්‍රධාන සංඝටක පහත පරිදි වේ.
  • පත්‍ර තෙල් - ඉයුජිනෝල්
  • පොතු තෙල් - සිනමැල්ඩිහයිඞ්
  • මුලෙහි තෙල් - කැම්පර්
පැඟිරි තෙල්වල අඩංගු ප්‍රධාන තෙල් සංඝටකය - ජෙරනියොල්


ද්‍රාවක මඟින් නිස්සාරණය
මෙහි මූලධර්මය නම් සගන්ධ තෙල් වඩා අධිකව ද්‍රාව්‍ය වන ද්‍රාවකයක දිය කර ගැනීමයි. සගන්ධ තෙල්හි ජලයෙහි ද්‍රාව්‍යතාව ඉතා අඩු නමුත් කාබනික ද්‍රාවකවල (උදා: පෙට්‍රෝලියම් ඊතර්, ක්ලෝරෆෝම්, ටොලුයීන්, එතනෝල්) වඩා පහසුවෙන් අධිකව ද්‍රාව්‍යය වේ.
ශාක කොටස් මෙවැනි ද්‍රාවකයක් සමඟ සෙලවූ විට සගන්ධ තෙල්වලින් වැඩි කොටසක් ද්‍රාවකය තුළට ගමන් කරයි. මේ ද්‍රාවකය වාෂ්ප කිරීමෙන් හෝ වෙන යම් ක්‍රමයකින් ඉවත් කිරීමෙන් සගන්ධ තෙල් ලබා ගත හැකි ය.

තෙරපීම
සුදුසු පීඩනයක් ශාක කොටස් මත යෙදීමෙන් ඒවායේ අඩංගු වාෂ්පශීලි තෙල් ලබා ගත හැකි ය. මෙහි දී වෙනත් අධිශෝෂක ද්‍රව්‍යයක් සහිතව තෙරපීම සිදු කිරීමෙන් සගන්ධ තෙල් ඒ ද්‍රව්‍ය මතට  අධිශෝෂණය වේ. 
උදා: ඉටි ආලේපිත වීදුරු තහඩු දෙකක් අතර ශාක කොටස් තබා තෙරපීමෙන් ඒවායේ සගන්ධ තෙල් ඉටිවලට අධිශෝෂණය වේ. 
පසුව වෙනත් ද්‍රාවකයක් (ඊතර්) යොදා ගෙන අධිශෝෂකයෙන් සගන්ධ තෙල් නිස්සාරණය කර ගනී. තෙරපුම් ක්‍රමය කාලාතුරකින් පමණක් භාවිත කෙරේ. ඊට හේතු වන්නේ,
  • ලැබෙන ඵල ප්‍රමාණය අඩු වීම
  • තෙල් වෙනත් කාබනික ද්‍රව්‍ය සමඟ මිශ්‍ර වීමත් නිසා ය.

කරදමුංගු බීජ මඟින් තෙල් නිස්සාරණයේ දී තෙරපුම් ක්‍රමය ද යොදා ගැනේ. කුරුඳු තෙල් ප්‍රධාන වශයෙන් නිස්සාරණය කරන්නේ අම්බලන්ගොඩ, හික්කඩුව සහ බද්දේගම වැනි ප්‍රදේශවල ය. මෙහි දී පළමුව කුරුඳු පත්‍ර සෙවණ ඇති ස්ථානයක දින දෙක - තුනක් පමණ පවනේ වේළණු ලැබේ. පවනේ වේළූ කුරුඳු පත්‍ර යොදා ගන්නේ අලුත් පත්‍රවලට වඩා ඒවායින් තෙල් නිස්සාරණය පහසු නිසා ය. එවිට පත්‍රවල උච්චර්ම කැඩී යෑමෙන් ආසවනයේ දී පහසුවෙන් සගන්ධ තෙල් ඉවත් කර ගත හැකි ය. වඩාත් සුදුසු වන්නේ ළපටි හෝ ඉතා මේරූ පත්‍ර නොව, මැදි වයසේ පත්‍ර බව සොයා ගෙන ඇත. කලකට පෙර ආසවනය සඳහා තඹ බොයිලේරු භාවිත කළත් තෙල්වල අඩංගු ඉයුජිනෝල් තඹ සමග ප්‍රතික්‍රියා වීමෙන් තෙල්වලට අඳුරු වර්ණයක් ලැබේ. ඒ නිසා වර්තමානයේ තඹ වෙනුවට මල නොබැඳෙන වානේ හෝ ඇලුමිනියම් භාවිතයට ගැනේ. පැඟිරි සාමාන්‍යයෙන් දක්නට ලැබෙන්නේ හම්බන්තොට දිස්ත්‍රික්කයේ ය. ප්‍රධාන පැඟිරි වර්ග 3කි.
1. හීන් පැඟිරි 
2. ලේන බටු
3. මහ පැඟිරි 
මෙයින් පළමු දෙවර්ගය ශ්‍රී ලංකාවට ආවේණික වන අතර මහ පැඟිරි පිලිපීනයෙන් හඳුන්වා දෙන ලද්දකි. ජෙරනියොල් නමින් හැඳින්වෙන සංයෝගයෙහි පැවැත්ම අනුව පැඟිරි තෙල්වල අගය රඳා පවති. ජෙරනියෝල් යනු අසන්තෘප්ත ඇලිෆැටික මධ්‍යසාරයකි. මහ පැඟිරිවල අධිකව ජෙරනියෝල් අඩංගු වන බැවින් එයට වැඩි ඉල්ලුමක් තිබේ.








Wednesday, February 5, 2020

ව්‍යවසායකත්වය

ව්‍යවසායකත්වය

ව්‍යවසායකත්වය යනු පරිසරයේ ඇති ව්‍යාපාර අවස්ථා හඳුනාගෙන අවදානම් දරමින් නිර්මාණශීලිත්වය තුළින් නවෝත්පාදන බිහි කිරීමෙහි යෙදෙන මිනිස් චින්තනය හා සම්බන්ධ වූ ක්‍රියාවලියකි.
ඒ අනුව, ව්‍යවසායකත්වය යනු
  • අනාගතය වෙනස් කිරීමට පොළඹවන්නා වූ පුද්ගලයන් ගේ මානසික තත්ත්වයකි.
  • සිතන, තර්ක කරන හා ක්‍රියා කරන ආකාරයකි.
  • පුද්ගලයන්ගේ ධනාත්මක ආකල්ප, හැසිරීම් හා කුසලතා පිළිබඳ එකතුවකි.
  • මිනිස් චින්තනය හා බැඳුණකි. (මනෝ භාවයකි)
  • සහජයෙන් උරුම විය හැකි මෙන් ම අධ්‍යාපනය හා පළපුරුද්ද තුළින් සකස්කර ගත හැකි හා වර්ධනය කරගත හැකි දෙයකි.

ව්‍යවසායකත්වය පහත දැක්වෙන ආකාරයටද විග්‍රහ කළ හැක.
ව්‍යාපාර අදහසක් හඳුනා ගෙන එය යම් ප‍්‍රායෝගික ව්‍යාපාර කටයුත්තක් බවට පරිවර්තනය කිරීමේ හැකියාව ව්‍යවසායකත්වය වේ. එම හැකියාව කි‍්‍රයාවට පරිවර්තනය කිරීමේ දී නිර්මාණශීලිත්වය, නවෝත්පාදක බව, අවදානම් භාර ගැනීම යන ගති ලක්ෂණ ඉතා වැදගත් වේ.මෙහි දී ව්‍යාපාරය සාර්ථක වීම හෝ අසාර්ථක වීම සිදුවිය හැකි ය. සරල ව ගත් කල එය අවදානම ලෙස දැක්විය හැකි ය. අදහස් ක‍්‍රියාවට නැංවීමේ දී අරමුණු පිහිටුවාගෙන කිසියම් සැලසුමකට අනුව කටයුතු කළ යුතු ය. කවර බාධක කරදර පැමිණිය ද එම අරමුණ ඉටුකර ගැනීමට යොමු වීම අත් නොහැරිය යුතු ය.

ව්‍යවසායකයා
ව්‍යවසායකත්ව ක‍්‍රියාවලියේ යෙදී සිටින්නා ව්‍යවසායකයා වේ. ඔහු අදහස් ක‍්‍රියාකාරිත්වයට පරිවර්තනය කිරීම පිණිස සැලසුම් කිරීම හා නිවැරදි තීරණ ගැනීම ඔස්සේ ආර්ථික හා සමාජයීය පරිවර්තනයක් සිදු කිරීම සඳහා සැලකිය යුතු වෙනසක් සිදු කරන්නා වූ පුද්ගලයෙකි. ඔහු ව්‍යාපාර අදහසක් සංවර්ධනය කිරීමට අවශ්‍ය සම්පත් සපයාගෙන එය යෙදවීමේ ප‍්‍රතිඵලයක් ලෙස නව භාණ්ඩ හා සේවා, නව ක‍්‍රියාවලි හා නව ව්‍යාපාර උත්පාදනය කරයි.

නිෂ්පාදන සාධක 
  • භූමිය
  • ශ‍්‍රමය
  • ප‍්‍රාග්ධනය
  • ව්‍යවසායකත්වය

නිෂ්පාදනය සඳහා අවශ්‍ය කෙරෙන ස්වභාව ධර්මයෙන් ලැබී ඇති සියලූ ම ස්වාභාවික සම්පත් භූමිය ලෙස අදහස් වේ.
      නිදසුන් - අමුද්‍රව්‍ය, ඉඩම්, වනාන්තර, පස
නිෂ්පාදනය සඳහා භාවිත කෙරන කායික හෝ මානසික ශක්තිය ශ‍්‍රමය ලෙස හැඳින්වේ.
     නිදසුන් - ඉංජිනේරුවරයකුගේ ශ‍්‍රමය, ලී බඩු නිෂ්පාදනයේ                                      යෙදෙන වඩු කාර්මිකයෙකුගේ ශ‍්‍රමය
නිෂ්පාදනය සඳහා අවශ්‍ය කෙරෙන මිනිසා විසින් නිපදවා ඇති සියලූ ම සම්පත් ප‍්‍රාග්ධනය ලෙස අදහස් කෙරේ.
    නිදසුන් - ගොඩනැගිලි, යන්ත‍්‍ර සූත‍්‍ර, උපකරණ

භූමිය, ශ‍්‍රමය, ප‍්‍රාග්ධනය යන සාධක තිබූ පමණින් නිෂ්පාදනයක් සිදු නොවේ. එසේ නම් මෙම සාධක අවශ්‍ය පරිදි සංකලනය කර භාණ්ඩ හා සේවා නිෂ්පාදනය කර වෙළඳපලට ඉදිරිපත් කිරීම සඳහා ව්‍යවසායකත්වය අවශ්‍ය වේ.
එම තීරණ ගන්නා පුද්ගලයා වන්නේ ව්‍යවසායකයා ය. ඔහු නිෂ්පාදන සාධක භාවිත කර නිපදවන්නේ කවර භාණ්ඩ හෝ සේවා ද, ඒවා කොපමණ ප‍්‍රමාණයක් නිපදවා ගත යුතු ද, ඒ සඳහා නිෂ්පාදන සාධක සංයෝග කරන්නේ කෙසේ ද යනාදි තීරණ ගනියි.
මේ අනුව සෙසු නිෂ්පාදන සාධක සමඟ සැසඳීමේ දී ව්‍යවසායකත්වයේ සුවිශේෂීත්වය වටහා ගත හැකි ය. එනම් සම්පත්, මිනිස් අවශ්‍යතා සහ වුවමනා සපුරාලන භාණ්ඩ හා සේවා බවට පරිවර්තනය කිරීම සඳහා ව්‍යවසායකයන් අත්‍යවශ්‍ය වීමයි.

ව්‍යවසායකත්ව ගති ලක්ෂණ
ව්‍යවසායකයා තම අදහස් ක‍්‍රියාකාරී බවට පත් කිරීමේ දී විවිධ ගති ලක්ෂණ ඉස්මතු කර ගනී.
  1. නිර්මාණශීලිත්වය
  2. නවෝත්පාදනය
  3. අවදානම් භාර ගැනීම
  4. අනාගත දැක්ම
  5. පරිසර සංවේදී බව හා අවස්ථා හඳුනා ගැනීම
  6. සුභවාදී වීම
  7. ස්වකීය සාර්ථකත්වය තමා අනුව තීරණය වන බව පිළිබඳ විශ්වාසය
  8. අසීරු අරමුණු ඉටුකරගැනීම කෙරෙහි ඇති නැඹුරුව
  9. ස්වාධීනත්වය
  10. නම්‍යශීලිත්වය


01. නිර්මාණශීලිත්වය
ගැටලූ හා අවස්ථා දෙස බලා ඒවාට විසඳුම් ලෙස නව අදහස් සංවර්ධනය කිරීමට හෝ නව මාර්ග සොයා ගැනීමට ඇති හැකියාව නිර්මාණශීලිත්වය යි.
නිර්මාණශීලී ව විසදුම් ඉදිරිපත් කිරීමේ දී විවිධ බාධා මතු විය හැකි ය. එවැනි බාධා කිහිපයක් පහත දැක්වේ.
  • විශ්වාස හා ආකල්ප කෙරෙහි තදබල ලෙස ගැලී සිටීම
  • යම් ගැටලූවකට එක ම විසඳුමක් පමණක් ඇතැයි සිතීම
  • ක්ෂණික ප‍්‍රතිඵල අපේක්ෂා කිරීම
  • තර්කානුකූල පදනමක පිහිටා කටයුතු නොකිරීම
  • ප‍්‍රායෝගික වීමට බාධා ඇතැයි සිතීම
  • රීති හා සම්ප‍්‍රදාය අනවබෝධයෙන් පිළිපැදීම
  • වැරදීම් හා විවේචන සඳහා ඇති බිය

බාධාකාරී සාධක හඳුනාගත හැකිනම් ඒවායේ බලපෑම් අවම කර ගැනීමට
කටයුතු කිරීමෙන් නිර්මාණශීලිත්වය වර්ධනය කරගත හැකි ය. එසේ ම පුද්ගලයන්ගේ නිර්මාණශීලිත්වය වර්ධනය කර ගැනීමට ගතහැකි ක‍්‍රියා මාර්ග කිහිපයක් පහත දැක් වේ.
  • විවිධත්ව ග‍්‍රහණය කර ගැනීම

විවිධ ආකාරයෙන් සිතීමට, දැකීමට හා ඒ අනුවඑ කටයුතු කිරීමට කැමැත්තක් දැක්වීම ය. පරිසරයේ ඇතිවන වෙනස්වීම් තුළින් විවිධත්ව ඉස්මතු වේ.
  • අසාර්ථකත්ව ඉවසීම

නිර්මාණාත්මක අදහස්වල ඵලය සාර්ථක හෝ අසාර්ථක විය හැකි ය. අසාර්ථකත්වයන් දරාගැනීමට හැකියාවක් තිබිය යුතු ය. එමෙන් ම ප‍්‍රතිඵල ලබා ගැනීමට ඉක්මන් නොවිය යුතු ය.
  • කුතුහලය දිරිමත් කිරීම

නව සොයාගැනීම්වලට මූලික හේතුව කුතුහලය යි. මෙම කුතුහලය මත පදනම් ව මිනිසුන් විසින් නව සොයාගැනීම් සහ නිර්මාණ සිදු කරනු ලැබේ.
  • ගැටලූ අභියෝග ලෙස දැකීම

සෑම ගැටලූවක් ම නවෝත්පාදනය සඳහා අවස්ථා සපයයි. මේ නිසා ගැටලූ ඉදිරියේ අධෛර්යවත් නොවී ඒවා අභියෝග ලෙස සලකා කටයුතු කළ යුතු ය.
  • නිර්මාණශීලී පුහුණු අවස්ථා

අධ්‍යාපනය හා පුහුණුව තුළින් පුද්ගලයන්ට නිර්මාණශීලිත්වය වර්ධනය කර ගැනීමට හැකියාව ලැබේ.
  • නිර්මාණශීලිත්වය අගය කිරීම තුළින්

පුද්ගලයන්ගේ නිර්මාණශීලිත්වයට මුල්‍යමය ත්‍යාග ලබා දීම, උපහාර ලබා දීම සහ අගය කිරීම ආදී ක‍්‍රම මගින් දිරිමත් වේ. 
  • නිර්මාණාත්මක හැසිරීම් ආදර්ශනය කිරීම

පුද්ගලයන්ගේ හා ව්‍යවසායකයන්ගේ නිර්මාණාත්මක හැසිරීම් හා ක‍්‍රියාකාරකම් ආදර්ශ ලෙස ගෙන ඒ  තුළින් නිර්මාණශීලිත්වය සඳහා උනන්දුවක් ඇති කර ගත හැකි ය.

02. නවෝත්පාදනය
ස්වභාවයෙන් නිර්මාණය වූ දේ හැර අප සියලූ දෙනා පරිහරණය කරන අනෙකුත් සෑම භාණ්ඩයක් හෝ සේවාවක් ම යම් පුද්ගලයෙකුගේ හෝ ආයතනයක හෝ නවෝත්පාදනයක් වේ. 
නව භාණ්ඩ හෝ සේවා උත්පාදනය කිරීමට ඇති හැකියාව නවෝත්පාදනය බව සරල ව දැක්විය හැකි ය. නවෝත්පාදනයේ ආරම්භය නිර්මාණශීලී අදහසකි. මේ අනුව නිර්මාණශීලී අදහස් ප‍්‍රයෝජනවත් දෙයකට පරිවර්තනය කිරීම නවෝත්පාදනය මගින් සිදුවේ.
නවෝත්පාදනය ව්‍යවසායකයන් සතු සුවිශේෂී ලක්ෂණයකි. ගැටලූවලට විසඳුම් ලෙස ව්‍යවසායකයෙකුගේ නිර්මාණාත්මක අදහස් අලෙවි කළ හැකි භාණ්ඩයක් හෝ සේවාවක් බවට පරිවර්තනය කිරීමක් සිදු වේ.

නවෝත්පාදන සිදුවන ආකාර
  • නව සොයා ගැනීමක්

පෙර නොතිබූ නව භාණ්ඩයක් හෝ සේවාවක් හෝ ක‍්‍රියාවලියක් හෝ බිහි කිරීම.
උදා - ගුවන් යානය, විදුලි බල්බය, දුරකථනය, විද්‍යුත් වෙළෙඳාම, ඩිජිටල් කැමරාව
  • දිගුවක්

පවතින භාණ්ඩයක හෝ සේවාවක හෝ ක‍්‍රියාවලියක හෝ නව භාවිතයක් ඇති කිරීම
උදා- විදුලි දුම්රිය, පිසින ලද ආහාර, ස්මාර්ට් ජංගම දුරකථනය, ස්වයං සේවා අලෙවි ක‍්‍රමය, මේදය රහිත කිරි, විද්‍යුත් ගෙවීමේ ක‍්‍රම
  • අනුකරණය කිරීමක්

පවතින සංකල්පයකට සමාන ව නිපද වූ නිර්මාණාත්මක නව නිපැයුමක් බිහි කිරීම
උදා - අයිස්ක‍්‍රීම් බෙදාහැරීමේ ජංගම රථ ක‍්‍රමයටම බේකරි නිෂ්පාදිත බෙදාහැරීම
  • සංකලනයක්

පවතින සංකල්ප හෝ සාධකවල නව සංයෝගයක් හෝ මිශ‍්‍රණයක් භාවිත කර නව නිපැයුම් කිරීම
උදා - LED විදුලි බල්බ යෙදු වෙසක් තොරණ, හාල් පිටි භාවිතයෙන් බේකරි නිෂ්පාදිත

නවෝත්පාදනය සඳහා පදනම් වන මූලාශ‍්‍රය
නවෝත්පාදන සඳහා භාවිත කරන මූලාශ‍්‍රය සහ ඒ සඳහා ඉදිරිපත් කළ හැකි නිදසුන්එ පහත දැක්වේ.
  • අනපේක්ෂිත සිදුවීම්

කලින් සැලසුම් කළ හෝ අපේක්ෂා කළ දෙයක් නිසා නොව බලාපොරොත්තු නොවූ විටෙක භාණ්ඩ හා සේවා බිහි වීම
උදා - ග‍්‍රැමෆෝනය, පෙනිසිලින්
  • ක‍්‍රියාවලි අවශ්‍යතා

කිසියම් අවශ්‍යතාවක් නිසා පැන නැගුණ ඉල්ලූමක් සපුරාලීමට පවතින ක‍්‍රියාවලිය වෙනස් කිරීමට සිදු වීම
උදා - දර සැපයුම අඩු වීම නිසා විදුලි උපකරණ සහිත බේකරි බිහි වීම
  • වෙළෙඳපළේ වෙනස්වීම්

පාරිභෝගිකයන්ගේ ආකල්ප වෙනස්වීම්, තාක්‍ෂණය වෙනස්වීම්, ආදායම් වැඩිවීම් ආදී හේතු නිසා භාණ්ඩ, සේවා හා ක‍්‍රියාවලි වෙනස් වීම
උදා - නිවෙස්වලට ගොස් ලෙඩ රෝග සඳහා ප‍්‍රතිකාර කිරීම, විද්‍යුත් බැංකු ගනුදෙනු, මේද හා සීනි රහිත ආහාරපාන
  • ප‍්‍රජා පරිසරයේ හා ජන ජීවිතයේ වන වෙනස්කම්

පුද්ගලයන්ගේ වයස, රැුකියාව, අධ්‍යාපනය, පදිංචිය ආදිය වෙනස් වීම
උදා - දිවා සුරැුකුම් මධ්‍යස්ථාන, විශ‍්‍රාමික නිවාස, අන්තර්ජාලය මගින් දුරස්ථ උපාධි පාඨමාලා හැදෑරීම
  • සංජානනය හෙවත් තේරුම් ගන්නා ආකාරය වෙනස් වීම

පුද්ගලයන් යම්කිසි දෙයක්, කරුණක් හා සංකල්පයක් අර්ථ නිරූපණය කරන ආකාරය වෙනස් වීම
උදා - ශාරීරික සුවතා මධ්‍යස්ථාන බිහි වීම, රූපලාවණ්‍ය නිෂ්පාදන සඳහා ඇති නැඹුරුව
  • දැනුම පදනම් කරගත් සංකල්ප

පර්යේෂණ හා අත්හදා බැලීම් මගින් නවතම භාණ්ඩ හා සේවා නිෂ්පාදනය කිරීම
උදා - විවිධ පහසුකම් සහිත ජංගම දුරකථන, පරිගණක දෘඩාංග, රොබෝ යන්ත‍්‍ර

03. අවදානම් භාර ගැනීම
ව්‍යවසායකයා නවෝත්පාදනයේ යෙදෙන විට එහි අවදානමක් ඇත. එනම් එම නව නිපැයුම වෙළෙඳපොළේ සාර්ථක හෝ අසාර්ථක විමට ඇති ඉඩ ප්‍රස්ථාවයි. ව්‍යාපාරයක් ආරම්භ කරන විට ද මෙවැනි අවදානමක් පවතී. එනම් එම ව්‍යාපාරය සාර්ථක වීමට හෝ නොවීමට තිබෙන සම්භාවිතාවයි. මෙම අවදානම මුල්‍ය අවදානමකි.
ව්‍යාපාරය වෙනුවෙන් යොදන මුදල සඳහා ප්‍රමාණවත් ප්‍රතිලාභයක් ලැබේ දැ යි නිශ්චිත ව කිව නොහැකි ය. අවදානමට ප්‍රධාන ම හේතුව අවිනිශ්චිතතාව යි.
නිදසුන් :-
ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අනුමත කර ඇති බැංකුවක මුදල් තැන්පත් කළ විට එම මුදල් ද පොළිය ද ලැබීම නිශ්චිත වේ. නමුත් විශ්වාසයක් නොමැති ස්ථානයක මුදල් යෙදවුවහොත් ආයෝජිත මුදල පවා ලැබීම අවිනිශ්චිත වේ. 
අවදානම හා ප්‍රතිලාභය අතර සම්බන්ධතාව පහත දැක්වෙන අයුරින් දැක්විය හැකි ය.
  • අවදානම ඉහළ නම් ප්‍රතිලාභය ද ඉහළ වේ.
  • අවදානම පහළ නම් ප්‍රතිලාභය ද පහළ වේ.

සූදුකරුවන් මෙන් අධික තණ්හාවෙන් අවිනිශ්චිතතාව පිළිබඳ ව තක්සේරුවකින් තොර ව ඉහළ ප‍්‍රතිලාභ අපේක්ෂාවෙන් අධික අවදානමක් දැරීමට ව්‍යවසායකයා කැමැත්තක් නොදක්වයි.
එසේ ම කිසිදු අවදානමක් නොදරා ලැබෙන අඩු ප‍්‍රතිලාභයෙන් පමණක් ව්‍යවසායකයන් සෑහීමකට පත්වන්නේ නැත. මෙහි දී ව්‍යවසායකයා අවදානම පිළිබඳ හොඳ ඇගයීමක් කර තමන්ට දැරිය හැකි අවදානමක් පමණක් භාර ගනියි.

04. අනාගත දැක්ම
අනාගත දැක්ම යනු අනාගතයේ දී සැබෑ කර ගැනීමට වෙර දරන සිහිනය යි. ව්‍යවසායකයා නිර්මාණශීලී චින්තනයක් සහිත නව වෙනසක් කිරීමට නිතර ම උත්සාහ දරන පුද්ගලයෙකි. තමා සහ තම ක්‍ෂේත‍්‍රය අනාගතයේ දී කුමන තත්ත්වයකට පත්වන්නේ ද යන්න වර්තමානයේ මනසින් දකියි. ඔහුගේ දැක්ම, තමාගේ හෝ තම ව්‍යාපාරයේ අනාගත සාර්ථකත්වය තුළින් වෙනසක් සමාජය තුළ ඇති කිරීම යි. පුද්ගලයාගේ හෝ ආයතනයේ දැක්ම මත අනෙකුත් සියලූ ම කාර්ය දිශානුගත වේ.

05. පරිසර සංවේදී බව හා අවස්ථා හඳුනා ගැනීම
ව්‍යවසායකයන් තම පරිසරය පිළිබඳ නිතර අවදියෙන් සිටින පිරිසකි. ඒ අනුව පරිසරයේ සිදුවන වෙනස්කම් හඳුනා ගැනිමට හා ඒවාට නිසි ප‍්‍රතිචාර දැක්වීමට ඔවුහු සමත් වෙති. ඒවායින් ප‍්‍රතිලාභ අත්කර ගැනීමට ක‍්‍රියා කරති.
නිදසුන් -
කාන්තාවෝ විවිධ රැුකියාවන්හි නිරත ව සිටිති. ඔවුන්ගේ කාර්ය බහුලත්වය තුළින් මතුවී තිබෙන අවස්ථා හඳුනා ගැනීම

06. සුභවාදී වීම
ව්‍යවසායකයා යමක් පිළිබ`ද සිතන්නේත් යමක් කරන්නේත් සුභවාදී ආකල්ප ඇතිව ය. ඔහු සැමවිට ම ධනාත්මක ලෙස සිතයි. පසුගාමී අදහස් හා ඍණ ආකල්ප ඔහු තුළ ඇත්තේ ම නැත. ඔහු අනාගතය පිළිබ`ද සො`දුරු සිතුවම් දකී. අසාර්ථකත්ව, පරාජ හා අභියෝග සුභවාදී ලෙස පිළිගනියි. යම් පුද්ගලයෙක් වීදුරුවෙහි අඩක් හිස් බව දකිද්දී සුභවාදී ව බලන පුද්ගලයා සැබැවින් ම එය අඩක් පිරී පවතින බව දකියි.

07. ස්වකීය සාර්ථකත්වය තමා අනුව තීරණය වන බවට ඇති විශ්වාසය
ව්‍යවසායකයා තමා පිළිබ`ද විශ්වාසයෙන් යුක්ත ව කටයුතු කරන්නෙකි. වාසනාව තමා වෙත පැමිණෙන තෙක් බලා නොසිට තම උත්සාහය තුළින් සාර්ථකත්වය කරා ළ`ගා විය හැකි බව ඔහු තදින් ම විශ්වාස කරයි.  ඕනෑ ම අභියෝගයකට මුහුණ දීමේ පූර්ව සූදානමක් ඇති කර ගනී. තමාගේ ජයග‍්‍රහණ හෝ පරාජ තම කැපවීමේ ප‍්‍රමාණ මත ම සිදුවන බව ඔහු තරයේ විශ්වාස කරයි. තමාගේ දෛවය තමා මත ම ර`දා පවතින බව විශ්වාස කරයි. තම සාර්ථකත්වය හෝ අසාර්ථකත්වය නොපෙනෙන බලවේගවලට භාර නොදෙයි. 

08. අසීරු අරමුණු ඉටු කර ගැනීම කෙරෙහි ඇති නැඹුරුව
ව්‍යවසායකයා තම අරමුණු ඉටු කර ගැනීම ස`දහා තාත්වික ව කටයුතු කරයි. ඔහුගේ අරමුණු පැහැදිලි ය. තම ඉලක්ක ඉටු කර ගැනීමට ඍජු ව ක‍්‍රියා කරයි. පරාජයක් හෝ පසුබෑමක් ඇති වුව ද ඉන් නොසැලේ. කනස්සල්ලට පත් නොවේ.  ඕනෑම ව්‍යවසායකයෙකුගේ සාර්ථකත්වය පසුපස පරාජය, බිඳ වැටීම්, පසුතැවිලි තිබිය හැකි ය. ඒවා සාමාන්‍ය දෑ ලෙස සලකමින් අත්දැකීම් කොටගෙන කෙතරම් අසීරු අරමුණක් වුව ද ඉටු කර ගැනීමට උනන්දුවෙන් ක‍්‍රියා කිරීම ව්‍යවසායකයාගේ දැකිය හැකි සුවිශේෂි වූ ගති ලක්ෂණයකි.

09. ස්වාධීනත්වය
ව්‍යවසායකයෝ ස්වයං පාලනයකින් යුක්ත වෙති. සෑම විටම නිදහස් මත දැරීමට කැමැත්තක් දක්වති. ඔවුහු තමාගේ ම ස්වාමියා වීමට ප‍්‍රිය කරති. තමාගේ අභිමතය පරිදි වැඩ කිරීමට, තීරණ ගැනීමට අවශ්‍ය නිදහස ව්‍යවසායකයා අපේක්ෂා කරයි. අනෙකුත් අයගේ අදහස්වලට ගරු කරමින් ඒවා පිළිගත්ත ද සිය තීරණවලට එළඹීමේදී නිදහස් ව සිතීමට ඔහු ප‍්‍රිය කරයි. තමාගේ ගමන් මග, ගමනාන්තය තමා විසින් ම තීරණ කිරීමට හා පාලනය කිරීමට ඔහුට හැකියාවක් ඇත.

10. නම්‍යශීලිත්‍වය
නම්‍යශීලිත්වය යන්නෙන් අදහස් වනුයේ පරිසරයේ වෙනස්වීම්වලට උචිත වන පරිදි අනුගත වීමට ඇති හැකියාවයි. ව්‍යවසායකයන් පරිසරයේ ඇතිවන වෙනස්වීම්වලට අනුකූලව වෙනස්වීමට සූදානම් ය. පාරිසරික වෙනස්වීම් අනුව ඔහුගේ ගමන් මග හැඩගස්වා ගනී.
නිදසුන් -
ගනුදෙනුකරුවන් පෝලිම්වල කල්ගත කිරීමට අකමැති බවත් ක්ෂණික ව ස්වකීය කාර්යයන් ඉටුකර ගැනීමේ අපේක්ෂාවෙන් සිටින බවත් වටහාගත් ව්‍යවසායකයෝ ස්වයං සේවා වෙළෙ`දසැල්, අන්තර්ජාල වෙළෙඳසැල්, විද්‍යුත් ගෙවීම් වැනි නවෝත්පාදන හඳුන්වා දී තිබීම.

ව්‍යවසායකයන් තුළ පොදුවේ දක්නට ලැබෙන ගති ලක්ෂණ
  • කැපවීම
  • ආත්ම විශ්වාසය
  • සාමාන්‍ය වැටහීම
  • තොරතුරු සොයා බැලීම
  • ස්වයං පෙළඹීම
  • දැඩි ආශාව

කැපවීම
ව්‍යවසායකයා තම කාර්යභාරය ඉටු කිරීමේදී උපරිම කැපවීමකින් කටයුතු කරයි. පෞද්ගලික අපේක්ෂා පසෙකලා තම අරමුණ කරා ගමන් කිරීමට ඔහුට හැකියාව ඇත.

සාමාන්‍ය වැටහීම
පරිසරයේ ඇතිවන වෙනස්වීම්වල බලපෑම් ඉවෙන් මෙන් ක්ෂණිකව දැනගැනීමේ හැකියාව සාමාන්‍ය වැටහීම ලෙස හැඳින්විය හැකි ය. මෙම හැකියාව තම ව්‍යාපාර කටයුතු සාර්ථක කර ගැනීම සඳහා යොදා ගනී.

ස්වයං පෙළඹවීම
ව්‍යවසායකයාට තම කාර්ය වෙත යොමුවීමට හෝ කාර්ය ඉටුකරලීමට තවත් අයෙකුගේ යොමු කිරීමක් අවශ්‍ය නොවේ. සාර්ථකත්ව මගින් මෙන් ම අසාර්ථකත්ව මගින් වුවද අරමුණු ළඟා කර ගැනීම සඳහා තමා තුළින් ම පෙළඹවීමක් ඇති වේ.

ආත්ම විශ්වාසය
ව්‍යවසායකයා තුළ තමා විසින් ඉටුකරන කාර්ය පිළිබඳ ව ඉතා හොඳ විශ්වාසයක් පවතී. තමාට යා හැකි දුර මෙන් ම තම හැකියා පිළිබඳ ව ද ඔහු මනා අවබෝධයකින් කටයුතු කරයි. එම නිසා තම කාර්යභාරය අවශ්‍ය ඉලක්ක කරා ගෙන යාමට හැකි නිවැරදි මාවත තෝරා ගැනීමට ඔහු විශ්වාසයෙන් ක‍්‍රියා කරයි. අන් අය මත නොරැුඳී තමා ගැන විශ්වාස
කරයි. ස්වකීය ශක්තිය හා දුර්වලතා හ`දුනාගෙන තමා, තමාගේ ස්වාමියා ලෙස සලකයි.

තොරතුරු සොයා බැලීම
ව්‍යවසායකයා තම ව්‍යාපාරයේ සහ ව්‍යාපාර ක්‍ෂේත‍්‍රයේ මෙන් ම පරිසරයේ ඇතිවන්නා වූ නව සිදුවීම් හා වෙනස් වීම් පිළිබඳ ව සෑමවිට ම අවධානයෙන් පසුවන්නෙකි. ඒ වෙනස්එ වීම් තුළින් ලබා ගන්නා තොරතුරු තම ඉලක්ක සපුරා ගැනීමට උපකාර කර ගනී. මේ සඳහා ඔහු සතු ව හොඳ ජාල සම්බන්ධතාවක් පවතී.

දැඩි ආශාව
සෑම ව්‍යවසායකයෙක් සතු ව ම ඇත්තේ අරමුණු ඉටු කර ගැනීමේ දැඩි ආශාව යි. ඔහු එම ආශාව සපුරා ගැනීමට වෙහෙස වී ක‍්‍රියා කරයි.

Sunday, January 26, 2020

දැව ගැන

දැව
ඉදිකිරීම් කර්මාන්තයේ දී යොදා ගන්නා ප‍්‍රධාන ද්‍රව්‍යයක් ලෙස දැව හඳුන්වා දිය හැකි ය.
ස්වභාවයෙන් පවතින ගස්වල කඳ සහ අතු පරිවර්තනය කිරීම මගින් ලබා ගන්නා දැව සේම දැව කොටස් යොදාගෙන නිපදවනු ලබන කෘතිම දැව ද භාවිතයට ගනු ලැබේ.
අනෙක් ගොඩනැගිලි ඉදිකිරීම් ද්‍රව්‍ය හා සසඳන කළ වැඩි විවිධත්වයක් ඇති ද්‍රව්‍යයක් ලෙස සැලකිය හැකි ය.
දැව කඳන් පරිවර්තන කටයුතු මගින් ලබා ගන්නා දැව ස්වාභාවික දැව වන අතර දැව කොටස් භාවිතයට ගෙන නිපදවනු ලබන දැව කෘති‍්‍රම දැැව ලෙස හැඳින්වේ.

ස්වභාවික දැව (Natural Timber)
ස්වභාවික ව වැඩෙන සහ වන වගා කරනු ලබන ගස්වල කඳන් පරිවර්තනය කර ලබා ගන්නා දැව ස්වභාවික දැව ලෙස හැඳින්වේ.
ඉදිකිරීම් කර්මාන්තයේ දී භාවිතවන, අවශ්‍යතාවට ගැළපෙන ගුණාංග දැවවල පිහිටා තිබීම හේතුවෙන් දැව බහුල ව යොදා ගනී. දැවවල ඇති ස්වාභාවික ගුණාංග මොනවාදැයි සොයා බලමු.
    ■ ශක්තිය - Strength
    ■ කල්පැවැත්ම - Durability
    ■ දැඩි බව - Hardness
    ■ නැමෙනසුළු බව - ත්‍කැංසඉසකසඑහ
    ■ අලංකාරය (සිත් ඇදගන්නා සුළු) - Flexibility
    ■ කම්පනයට ඔරොත්තු දීම.

ශක්තිය
දැව ආතන්‍ය ප්‍රත්‍යාබල සහ සම්පීඩන ප්‍රත්‍යාබලවලට ඔරොත්තු දෙයි. දැව විශේෂ අනුව එහි ඇති ශක්තිය විවිධ වේ. මෘදු දැව සහ තද දැව වශයෙන් විශේෂ පවතී. ඉදිකිරීම් කටයුතුවල දී මෘදු දැව සහ තද දැව බහුල ව යොදා ගැනේ.

කල්පැවැත්ම
කාලගුණික හා දේශගුණික විපර්යාසවලට ඔරොත්තු දෙමින් දිගු කාලයක් පවත්වා ගැනීම, මෙන් ම දිලීර, බැක්ටීරියා, කෘමි උවදුරුවලට ඔරොත්තු දීමේ හැකියාව නිසා දැව හානියට පත් නොවේ. එවැනි තත්ත්වයන්ට භාජනය නොවීමෙන් දැවවලට කල් පැවැත්මට හැකියාව ලැබේ.

නැමෙන සුලූ බව
දැවයකට බරක් යෙදීමේ දී එහි නැමීම සහ ඇඹරීම සිදු වේ. එම බර ඉවත් වීමෙන් නැවත යථා තත්ත්වයට පත්විය හැකි ය. මෙම තත්ත්වය ප‍්‍රත්‍යස්ථතා ගුණය හේතුවෙන් ද, දැව මාංශයේ පවතින කෙඳිවල තත්ත්වය හා විශේෂ ගුණය හේතුවෙන් ද නැමෙන සුලූ බව දැවවලට ලැබේ.

දැඩි බව
සමහර දැවවල පවතින මාංශයේ තද බව නිසා එම දැව කැපීම, සීරීම, විදීම යන කි‍්‍රයාවන් සඳහාත්, ගෙවීමට ප‍්‍රතිරෝධයත් දක්වයි. මෙම තත්ත්වය දැඩි බව ලෙස හැඳින්වේ.

අලංකාරය
දැව විශේෂවල පවතින වර්ණ වෙනස්කම් මෙන් ම වාර්ෂිකව වැඞීමේ වෙනස්කම් මගින් නිර්මාණය වන වයිරම හා නහර හැඩයන් අනුව පරිවර්තනය කරන ලද ලී හා ලෑලිවල මතුපිට අලංකාර හැඩතල පවතී. මේවා ස්වභාවිකව ම නිර්මාණය වේ. ඒවායින් දැව සඳහා විශේෂ අලංකාරයක් ලබා දේ.

කම්පනයට ඔරොත්තු දීම
කම්පනය නිසා ඇතිවන වික‍්‍රියාවට ඔරොත්තු දීමේ ගුණය අනෙක් ඉදිකිරීම් ද්‍රව්‍ය වලට වඩා දැවවල ඉහළය. එම නිසා විවිධ ඉදිකිරීම් හා තැනීම් කටයුතු සඳහා යොදා ගැනීමට සඳහා දැව සුදුසු වේ.

ස්වභාවික දැව ලබා ගන්නා ශාක සැලකීමේ දී ශී‍්‍ර ලංකාවේ දී ශාක විශේෂ 200 ක් පමණ දැව සහ දර සඳහා භාවිත වේ. මෙලෙස භාවිතවන දැව ශාක වර්ධනය වන ක‍්‍රමය හා කඳෙහි බාහිර සහ අභ්‍යන්තර ස්වරූපය අනුව වර්ග කළ හැකි ය.
  • ඒක බීජ පති‍්‍ර ශාක
  • ද්වි බීජ පති‍්‍ර ශාක
මෙම වර්ග දෙකෙහි දැව සඳහා වන සුවිශේෂ ලක්ෂණය කඳෙහි සිදුවන වර්ධන වෙනසයි.

ඒක බීජ පති‍්‍ර ශාක
ඒක බීජ පති‍්‍රක ශාක කඳ කුහර සහිත ව හෝ බොඩය සහිත ව වැඩේ. මෙම ශාඛ කඳන් පිටතට නොවැඩෙන අතර ඇතුළතින් වැඩී මේරීම සිදු වේ. අරටුව පිටත සිට ඇතුළතට වර්ධනයවන බැවින් මේවා අන්තර්වෘද්ධි ශාක ලෙස ද නම් කරයි. දැව ලබා ගන්නා ප‍්‍රධාන කොටස අරටුව වේ. ඒක බීජ පත‍්‍රික ශාක ලෙස පොල්, කිතුල්, තල් දැව සඳහා ප‍්‍රමුඛ වේ. ඉදිකිරීම්
කර්මාන්තයේ වෙනත් යෙදීම් සඳහා පුවක් සහ උණබට වැනි ඒක බීජ පති‍්‍රක ශාක යොදා ගැනීම ද සිදු වේ.

ද්වි බීජ පති‍්‍රක ශාක
ඒක බීජ පති‍්‍රක නොවන ශාක ද්වී බීජ පති‍්‍රක ශාක ලෙස හැඳින්වේ. කඳ, ඇතුළත සිට පිටතට මේරීම සිදු වේ. ඒ නිසා මෙම ශාක බහිර් වෘද්ධි ශාක යන නමින් ද ව්‍යවහාර වේ. මෙම වර්ගයේ ශාකවල කඳ විශාල ව වැඩෙන අතර සෘතුවෙන් සෘතුවට එසේ වැඩෙන කොටස ශාකයේ මාංසය ලෙස හැඳින්විය හැකි ය. මාංසය වර්ෂයෙන් වර්ෂයට මෝරමින් අරටුව බවට පත් වේ.

දැවවල පවතින ශක්තිමත් බව පදනම් කර ගනිමින් මෙම දැව ප‍්‍රධාන කොටස් දෙකකට බෙදිය හැකි ය.
  1. මෘදු දැව
  2. තද දැව

මෘදු දැව (Soft Wood)
  • ලූණු මිදෙල්ල, ඇල්බීසියා - 
      තාවකාලික වැඩ සඳහා, කොන්කී‍්‍රට් හැඩයම (Shuttering) සඳහා,              මුක්කු ගැසීමට, පලංචි (Scaffolding) සඳහා
  • ගිනි සපු - 
       වඩිම්බු, සීලිම, ඇසුරුම් පෙට්ටි, රාක්ක, සෙල්ලම් බඩු


තද දැව (Hard Wood)
  • පළු, නැදුන්, බුරුත - 
      පරාල, බාල්ක සහ වහල රාමු ආදී වූ ස්ථීර වැඩ සඳහා
  • තෙක්ක, බුරුත, හල්මිල්ල, කොස් - 
      දොර සහ ජනෙල්, සොල්දර, තරප්පු, වෙන්කිරීම් සඳහා යොදා                   ගැනේ.

කෘත‍්‍රිම දැව
දැව සහ දැවවල කොටස් යොදා ගෙන නිපදවනු ලබන දැව කෘත‍්‍රිම දැව ලෙස හැඳින්වේ. මේවා සකස්කරනු ලබන ආකාරය අනුව විවිධ ප‍්‍රභේද පවතී. ස්වභාවික දැව හිඟවීම නිසා යම් යම් කාර්යයන් සඳහා ආදේශ කරගත හැකි දැව වර්ග කිහිපයක් පහත දැක්වේ.

තුනී ලෑලි (Plywood)

 
ආස්තෘත ලෑලි (Laminated board)
බ්ලොක් බෝඩ් (Block board)
 චිප් බෝඩ් (Chip board)
හාර්ඩ් බෝඩ් (Hard board)
මධ්‍ය ඝනත්ව කෙඳි (M.D.F) ලෑලි
(Medium Density Fiberboard)

දැව වර්ගීකරණය (Classification of timber)
අවශ්‍යතා අනුව දැව වර්ගීකරණ කිහිපයක් ඇත.
  • උද්හිද විද්‍යාත්මක වර්ගීකරණය
  • දැව භාවිතය අනුව වර්ගීකරණය
  • දැවවල ආනමන ප‍්‍රබලතා අනුව වර්ගීකරණය
  • පැවැත්ම අනුව වර්ගීකරණය
  • දැව හඳුනා ගැනීමේ ලක්ෂණ අනුව වර්ගීකරණය
  • රාජ්‍ය දැව සංස්ථාවේ වර්ගීකරණය

මෙම වර්ගීකරණ අතරින් රාජ්‍ය දැව සංස්ථාවේ වර්ගීකරණය පිළිබඳව සලකා බලමු.
රාජ්‍ය දැව සංස්ථාවේ වර්ගීකරණය
වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව භාවිත කළ වර්ගීකරණය වූ,
  • ජනපි‍්‍රයතාවය (වයිරම් රටාවේ ආකර්ශනීය බව, පොලිෂ් කිරීමට පහසු  බව)
  • කල්පැවැත්ම
  • හිඟය
යන සුවිශේෂතා අනුව ඒවාට වටිනාකම් දීමෙන් රාජ්‍ය දැව සංස්ථාව දැව ශ්‍රේණි අටකට වර්ග කර තිබේ.
  • සුපිරි සුඛෝපභෝගී පංතිය (Supper Luxury) - කළුවර, තේක්ක, නැදුන්.
  • සුඛෝපභෝගී පංතිය (Luxury Class) - බුරුත, හල්මිල්ල, මහෝගනි.
  • විශේෂ ඉහළ පංතිය (Special Class Upper) - කොස්, කොළොන්, වෙලන්.
  • විශේෂ පන්තිය (Special Class) - පලූ, කුඹුක්, සියඹලා.
  • පළමු පන්තිය (Class 1) - කැටකෑල, වල්දෙල්, පාතක්ක.
  • දෙවන පන්තිය (Class 11) - ගිනි සපු, ඇහැළ, වැලිපැන්න.
  • තුන්වන පන්තිය (Class 111) - අරිද්ද, ඇටඹ, සුළු, කස, දව්, දිය, තාලිය, ගොඩ කදුරු, ගොඩකිරිල්ල, ගොකටු, ගොරක, කහට, කටබොඩ, ලූණුමිදෙල්ල, මලබොඩ, මොර, පයිනස්, රට, අඹ, රබර්, සබුක්කු, තෙළඹු.
  • තුන්වන පහළ පන්තිය (Class 3 Lower) - ඉහළ වර්ගීකරණයට අයත් නොවන ගුණාත්මක තත්ත්වයෙන් පහළ දැව.

විවිධ දැව විශේෂ හා ඒවායේ යොදා ගැනීම්
  • නැදුන්, තේක්ක, බුරුත, මැහෝගනි - ගෘහ භාණ්ඩ තැනීම සඳහා ද
  • බුරුත, කොස්, හල්මිල්ල, කොහොඹ - දොර ජනෙල වැනි ඉදිකිරීම් සඳහා ද
  • කළුවර - ඉතා අනර්ඝ ගෘහ භාණ්ඩ තැනීම හා කැටයම් වැඩ මූර්ති නිර්මාණය සඳහා ද,
  • වල්දෙල්, දොඹ, කීන ආදී දැව - ඔරු, පාරු හා ගොඩනැගිලි ඉදිකිරීම් වැඩ සඳහා ද,
  • ගිනිසපු - වඩිම්බු ලෑලි, පාසල් ළමා මේස හා පුටු, රාක්ක, සෙල්ලම් බඩු ආදිය තැනීම සඳහා ද, භාවිත කරයි.


දැව දෝෂ (Defects in timber)
දැව පරිවර්තනයෙන් පසු ලබාගන්නා ලෑලි සහ ලීවල විවිධ දුර්වලතා දක්නට ලැබේ. එම දුර්වලතා හඳුනා ගැනීමෙන් කාර්යයට උචිත දැව තෝරා ගැනීමේ හැකියාව ලැබෙනු ඇත. දැවයක දක්නට ලැබෙන මෙම දුර්වලතා දැව දෝෂ ලෙස හැඳින්වේ.
දෝෂ සහිත දැව ප‍්‍රයෝජනවත් කාර්යය සඳහා යොදා ගැනීම සුදුසු නොවේ. එවැනි දැව භාවිතයෙන් සකස් කරන ලද දැව භාණ්ඩ කල් පැවැත්ම අඩුවන අතර ඒවායේ අගය ද අඩු වේ. බොහෝ විට ඔප දැමීම ද අපහසු ය.

දැවවල ඇතිවන දෝෂ කිහිපයක්
  • කොස්ස (Cross grain) 
  • ඇටුවම (Buttresses)
  • පලූද්ද (Crack)
      - වට පලූද්ද (Ring shake)
      - අරටු පලූද්ද (Heart shake)
      - තරුපලූද්ද (Star shake)
      - අඩවට පලූද්ද (Cup shake)
  • ගැටය (Knot) 
     - මළ ගැටය (Dead knot)
     - බඳ ගැටය (Live knot)
  • දිරුම (Rot)
  • ඇඹරුම (Twist)
  • එළය (Sap wood)
  • ඉරිමදය (Pith)
  • හරඬුව (Spike)
  • මැලියම් නහර

කොස්ස
දැව නිර්මාණයේ දී හට ගන්නා කෙඳි ‍සෛල මාංසය දික් අතට විහි දී තිබිය යුතු නමුත්, ශාක කඳ කුඩා කාලයේ සුළඟට ඇඹරීම නිසා දැව කෙඳි විවිධ දිසාවනට ඇඹරීයාමට පුළුවන. එසේ පිහිටා තිබීම හේතුවෙන් කොස්ස ඇතිවේ. කොස්ස සහිත දැව යතු ගෑමේ දී කීරි ඇවිස්සීම සිදුවේ. ඒ නිසා හොඳ නිමාවක් ලබා ගැනීම අපහසුය.

ඇටුවම
කඳ පැහැදිලි වෘත්තාකාර හැඩයක් නොගන්නා අතර දෙපසට විහිදුනු විශාල මුල්වලට සම්බන්ධව කඳෙහි පහළ කොටසේ නෙරුම් හට ගනී. මෙම නෙරුම් ඇටුවම ලෙස හැඳින්වේ. ඇටුවම ඉවත්කර දැව ඉරා ගැනීමේ දී ලැබෙන දැව ප‍්‍රමාණය අඩුවීම සිදු වේ.

පලූද්ද
දැව කඳෙහි ඇතිවන විවිධාකාර පිපිරීම් මේ නමින් හැඳින්වේ. මෙවැනි පලූදු වර්ග හතරක් ප‍්‍රධාන වශයෙන් හඳුනා ගත හැකි ය. එනම්,
  • වට පලූද්ද

දැව සඳහා කපා දමනු ලබන කඳන්වල පොත්ත ඉක්මනින් ඉවත් කිරීම නිසා එහි එළය කොටසේ ජලය ඉක්මනින් වාෂ්ප වී ඉවත් වීම හේතුවෙන් ඵලය කොටස හැකිළීමට භාජනය වීමෙන් පිටත සිට ඇතුළට පිපිරීම් ඇති වේ. මෙම පිපිරීම් කඳ වටේට පිහිටා තිබීම නිසා වට පලූද්ද ලෙස ව්‍යවහාර කෙරේ.

  • අරටු පලූද්ද
කඳන්වල ඉරිමදයේ සිට පිටත දෙසට පිපිරීම් ඇතිවීම අරටු පලුද්ද ලෙස හැඳින්වේ.

  • තරු පලූද්ද

දැව සඳහා කඳන් කපා දමා දිගු කාලයක් හිරු එළියට නිරාවරණය වීමට ඉඩ හැරීමෙන් ඉරිමදයේ සිට ඇතිවන පැ`ඵම් තරුවක ආකාරයට පිහිටන විට ඒවා තරු පලුද්ද ලෙස හැඳින්වේ. මේ ලක්ෂණය මෘදු දැවවල බහුල ව දක්නට ලැබේ.

  • අඩ වට පලූද්ද

දැව කඳන්වල වාර්ෂික වළලුවලට සමාන්තරව ඇතිවන පැලීම් මේ නමින් හැඳින්වේ. ගස් වැඩීමේ දී කැම්බියම මගින් නිපදවන සෛල ඇදුනු බලයක් යටතේ තැන්පත් වීමෙන් ගස තුළ සම්පීඩන තත්ත්වයක් ඇති වේ. මෙම බලය නිසා විශාල කඳන් කැපූ පසු වාර්ෂික වළලුවලට සමාන්තරව පැළීම් ඇති වේ.

ගැටය
ගසක අතු හට ගැනීමට දායකවන අංකුර කඳ අභ්‍යන්තරයේ සිට වැඩෙන අතර, ඒ මගින් විශාල අතු ඇතිවීම සිදුවේ. එහෙත් කුමන හෝ හේතු නිසා සමහර අංකුර කඳ තුළ ම මැරී යෑම සිදුවිය හැකි ය. ගස් කඳන් ඉරූ විට වැඩුන අංකුරවලින් අතු හට ගත් ස්ථානවල දක්නට ලැබෙන සජීවි ගැට බඳ ගැට වේ. මෙම ස්ථානවල අලංකාර වයිරම් පිහිටයි. එහෙත් සමහර ලෑලිවල කළු පැහැති කොටස් ලෙස මිය ගිය අංකුර හෙවත් මළ ගැට දක්නට හැකි ය. මෙම මළ ගැටය මතට තෙරපුමක් යොදා ඉවත් කළ හැකි වේ.


එළය
දැවයේ අරටුවවන තද දැව කොටසට වඩා ලා පාටකින් යුක්තවන මෙම කොටස එළය නම් වේ. පොත්තත් අරටුවත් අතර දැව කොටස එළය කොටසට අයත් වේ. මෙම කොටසේ තෙතමනය හා පෝෂ්‍ය කොටස් වැඩිවන අතර ශක්තිය අඩු ය. ඒ නිසා පහසුවෙන් කෘමි හානිවලට ගොදුරු වේ.
හරඬුව
දැව කෙඳි දෑතට විහි දී යෑම හරඬුව වේ. මෙය කොස්ස නැමති දෝෂයේ එක්තරා අවස්ථාවකි. හරඬුව පිහිටි ස්ථානයෙන් දැවය පිපිරී හෝ කැඩී වෙන්වී යාමට පුළුවන.

මැලියම් නහර
ගස් වැඩෙන අවස්ථාවේ දී ගසේ වාර්ෂික වළලු අතර මැලියම් තැන්පත් වීමෙන් මෙම දෝෂය ඇති වේ. පරිවර්තනය කරන ලද ලෑලිවල මෙම මැලියම් නහර දැක ගත හැකි ය. මැලියම් නහර සහිත කොටස් ශක්තියෙන් අඩු අතර ඔප දැමීම හෝ තීන්ත ආලේප කිරීම කළ නොහැක.

ඉරූ දැව හැකිළීමේ දී ඇතිවන දෝෂ
පරිවර්තනය කරන ලද දැව ක්‍රමවත් ලෙස ගබඩා නොකිරීම හා නිසි පරිදි පදම් නොකිරීම නිසා ද දැවවල දෝෂ හට ගනියි. එවැනි දෝෂ කිහිපයක් පහත රූප සටහන් මගින් හඳුනා ගත හැකි ය.
දැව පදම් කිරීම (Seasoning of timber)
දැවවල අඩංගු තෙතමනය ක්‍රමානුකූලව අඩුකර පරිසරයේ ආර්ද්‍රතාවයට සමාන කිරීම දැව පදම් කිරීම ලෙස හැඳින්වේ. 
දැවවල ඇති තෙතමනය, දැව වායුගෝලයට නිරාවරණය වූ විට වාෂ්ප වී ඉවත් වේ. අක්‍රමවත් ලෙස ජලය ඉවත්වීම නිසා දැව ඇද ගැසීම, ඇඹරීම, වක ගැසීම, පැළීම, ඉරි තැලීම, හැකිළීම ආදී හානිවලට පත් වේ. එහෙත් මනාව පදම් කරන ලද දැව දේශගුණික හා කාලගුණික වෙනස්වීම්වලට ඔරොත්තු දෙයි. ඉදිකිරීම් කටයුතු සඳහා යොදා ගන්නා දැව පදම්කර භාවිතයට ගැනීම ඉතා වැදගත් වේ.
පදම් කිරීමේ ප්‍රධාන ක්‍රම තුනකි.

  • ස්වාභාවික පදම් කිරීම හෙවත් පවනේ පදම් කිරීම.
  • පෝරණුවේ පදම් කිරීම හෙවත් කෘත්‍රිම පදම් කිරීම.
  • මිශ්‍ර පදම් කිරීම හෙවත් පවනේ හා පෝරණුවේ පදම් කිරීම.

දැව පදම් කිරීම නිසා,

  • දැවවල වූ අනවශ්‍ය බර ඉවත් කිරීම.
  • ප්‍රමාණවත් ලෙස ශක්තිය වර්ධනය කිරීම.
  • වැඩ කිරීමේ හැකියාව වැඩි කිරීම.
  • පළුදු හා පුපුරායාමට ඇති හැකියාව අවම කිරීම.
  • පවත්නා ආයු කාලය ඉහළ නැංවීම සිදු වේ.


දැව සංරක්ෂණය (Preservation of timber)
දැව ඉතා හිඟ සම්පතක්වන අතර ආර්ථික අතින් වැඩි වටිනාකමක් ඇති ද්‍රව්‍යයකි. එම නිසා දැවවලින් නිර්මිත ගෘහ භාණ්ඩ, ව්‍යුහ හා උපකරණවල දිගුකල් පැවැත්ම වඩාත් අත්‍යවශ්‍ය සාධකයකි. 
දිගු කලක් පැවතීමට හැකි තත්ත්වයට පත් කිරීම දැව සංරක්ෂණය ලෙස හැඳින්වේ. 
කෘමි සතුන් හා දිලීර මගින් දැව සඳහා හානි පැමිණේ. එබැවින් දැව සංරක්ෂණය කරගත යුත්තේ දිලීර සහ කෘමී සතුන්ගෙනි.
සංරක්ෂණය කිරීමට යොදා ගන්නා මාධ්‍ය අනුව දැව සංරක්ෂණ ක්‍රම දෙකක් හඳුනාගත හැකි ය. 

  1. රසායනික ද්‍රව්‍ය භාවිතයෙන් දැව සංරක්ෂණය.
  2. සාම්ප්‍රදායික ක්‍රම උපයෝගි කරගනිමින් දැව සංරක්ෂණය

දැව සංරක්ෂණය සඳහා භාවිතයට ගන්නා රසායනික ද්‍රව්‍ය

  • ක්‍රියෝසෝඑට්
  • පෙන්ටර් ක්ලෝරොෆිනෝල්
  • කොපර් නැප්තනේට්
  • සොලිග්නම්
  • ක්‍රියෝසෝඑට් හා තාර මිශ්‍රණය

සාම්ප්‍රදායික ක්‍රම

  • මඬේ දැමීම
  • ගින්නෙන් තැවීම
  • පිළිස්සීම
  • තම්බා ගැනීම

රසායනික ද්‍රව්‍ය භාවිතයෙන් දැව ආරක්ෂා කිරීම
මේ සඳහා උපයෝගී කරගනු ලබන ද්‍රව්‍ය දැවවලට හානි කරන කෘමි සතුනටත්, දිලීර වර්ගවලටත් වැඩීමට හා දැවවලට හානි කිරීමට අවස්ථා නොදේ. බොහෝ විට මෙම ද්‍රව්‍ය තුනී දියර වර්ගවන අතර, පහසුවෙන් දැවය තුළට කාවැඳීම සිදුවේ. මෙම දැව ආරක්ෂිත ආලේපන වර්ග ක්‍රම කිහිපයකට දැවය තුළට කාවැද්දීම කළ හැකි වේ.

ආලේප කිරීම
දැවයේ සෑම කොටසක් ම ආවරණයවන පරිදි මනාව ආලේප කළ යුතු ය. දින දෙක, තුනකට පසු නැවත ආලේප කිරීමෙන් වඩාත් යහපත් ආරක්ෂණ තත්ත්වයක් ඇතිවේ.

නැහැවීමදෙකෙළවර විවෘත විශේෂයෙන් සකස් කළ නළයක් තුළින් දැවය ගමන් කිරීමට සලස්වා ආරක්ෂක ද්‍රව්‍ය ඉසීම මෙම ක්‍රමයේ දී සිදු කෙරේ.

ගිල්වීම
ආරක්ෂක දියර සහිත ඔරුවක දැවය ගිල්වා තබා ආරක්ෂක දියරය අවශෝෂණයවීමට සැලැස්වීම මගින් දැව සංරක්ෂණය කිරීම මෙම ක්‍රමය වේ.

පීඩනයට පත් කිරීම
සම්පූර්ණයෙන් සංවෘත කළ හැකි විශේෂ නළයක් තුළට දැව කොටස් ඇතුළු කර නළය තුළ උෂ්ණත්වය අවශ්‍ය පරිදි පාලනය කරමින් දැවයේ අඩංගු තරලය වාෂ්ප කර හැරීමෙන් පසුව අධික පීඩනයක් යටතේ ආරක්ෂක ද්‍රව්‍ය දැවයට කාවැදීමට සැලැස්වීම මෙම ක්‍රමයේ දී සිදු කරනු ලබයි.

සම්ප්‍රදායික ක්‍රම
මඬේ දැමීම
අඹ, ලූණුමිදෙල්ල වැනි දැව වර්ග මඬේ ගිල්වා තැබීම නිසා දැවයේ මාංශ අතර අඩංගු ආහාරමය කොටස් වියෝජනයවීමට සැලැස්වීමෙන් කෘමි සතුන්ට දැව කෙරෙහි ඇති ආකර්ශනය දුරුකර දැව ආරක්ෂා කර ගැනීම සිදුවේ.

පිළිස්සීම
වර්තමානයේ දැව පිළිස්සීමෙන් සංරක්ෂණය කිරීමේ ක්‍රමය බොහෝදුරට ඉවත් ව ඇත. ලී, කම්බි, කණු, වරිච්චි බිත්ති සඳහා වූ කණුවල පිට පොත්ත හා දැවයේ යම් කොටසක් පිළිස්සීමට ලක්කර භාවිතයට ගැනීම සිදුවේ.

ගින්නෙන් තැවීම
පොල්තෙල් හෝ වෙනත් තෙල් වර්ගයක් ආලේපකර උණ ලී වැනි දැව වර්ග ගිනිමැලයක් මතින් එහාට මෙහාට කිරීම හා වටේට කරකවමින් තවා ගැනීම මගින් දැවයට කෘමි සතුන්ගෙන් සිදුවන හානි වළක්වාගනු ලැබේ.

තම්බා ගැනීම
දැවයේ සෛල අතරින් විනිවිද ගොස් ඝන බවට පත් වී සිදුරු වසා දමන ද්‍රව බවට පත්කළ දුම්මල වර්ගයක් ආලේප කරනු ලබන තවත් ක්‍රමයකි, තම්බා ගැනීම. විශේෂයෙන් පුරාවිද්‍යාත්මක වටිනාකමක් සහිත දැව හා දැවමය නිර්මාණ සංරක්ෂණයට මෙම ක්‍රමය උපයෝගි කරනු ලබයි.