Practicals.

.

Field Works.

පහසුකම් සපිරි දේශන ශාලා.

BST උගන්වන පංතිය.

Wednesday, December 31, 2014

Arduino ගැන සිංහලෙන්


ජෛව පද්ධති තාක්ෂණවේදය විෂයට නව විෂය නිර්දේශය යටතේ එකතු වෙච්ච කොටසක් තමයි Arduino කියන්නේ. 
අන්තර්ජාලයේ මේ ගැන බලද්දි ඉතා සරල තැන සිට සංකීර්ණ අවස්ථාව දක්වාම හොදින් විස්තර තියෙන වීඩියෝ මාලාවක් දකින්නට ලැබුණා Nisal Hewagamage නමැති youtube චැනලයේ.
ඔබට බොහෝ ප්‍රෙයා්ජනවත් වේවි.

මෙතැනින් යන්න....

Friday, December 26, 2014

විසිතුරු ජලජ පැළෑටි


මෙන්න ඔබට මගෙන් විසිතුරු ජලජ පැළෑටි ගැන වැදගත් තොරතුරු අඩංගු සටහනක්.
ජෛව පද්ධති තාක්ෂණවේදය විෂයේ විෂය ඉගෙනගන්න මගෙ දුවලා පුතාලාට මේක ගොඩක් ප්‍රයෝජනවත් වේවි.

එහෙනම් ඉතින් බාගෙන කියවලා බලන්නකෝ.....

මෙතන කොටලා බාගන්න.


බොන්සායි

බොන්සායි එහෙම නැත්නම් කුරු ගස් කලාව බොහොම ජනප්‍රිය එකක් බව දන්වා නොවැ. කලාත්මක ඇහැකුයි හොද ඉවසීමකුයි තියෙනවා නම් ලස්සන බොන්සායි ගහක් හදා ගන්න එක ඒ තරම් අමාරු දෙයක් නෙවෙයි.
අපේ විෂයට සෘජුව සම්බන්ධ නොවුණත් උනන්දුවක් දක්වන දුවලා පුතාලාට මේ ගැන යමක් දෙන්න ම්නෑ කියලා හිතුණා.
මෙ තියෙන්නේ ශ්‍රී ලංකා බොන්සායි සංගමයෙන් නිකුත් කරපු ප්‍රකාශනයක්.
බොන්සායි කලාව ගැන සරලව ලියවිලා තියෙනවා.
එහෙනම් බාගෙන කියවලා බලන්නකෝ.

මෙතන ක්ලික් කරලා ඩවුන්ලෝඩ් කරගන්න.







Monday, December 22, 2014

පාරිභෝජනය සදහා භුමි අලංකරණය (Edible Landscaping)


හැමෝම ගෙදර ලස්සන කරගන්න මොනවා හරි අලංකරණ පැළ හිටවනවනේ. අලංකරණය එක්කම පරිභෝජනයටත් ගත හැකි පරිදි ශාක භාවිත කිරීම දැන් ලෝකයේම අවධානයට යොමු වෙච්ච කාරණාවක්. 
අපේ ජෛව පද්ධති තාක්ෂණවේදය විෂයේ ඛාද්‍ය ගෙවතු වගාව ලෙස දැක්වෙන්නේ මේක.
මේ ගැන සිංහලෙන්ම තියෙන වීඩියෝ එකක් දෙන්නම්.

මෙතනින් බලන්න.


Root Bolling - ගසක් ගලවා ගෙනයාම


භූමි අලංකරණය ඒකකයේදී යෙදෙන ක්‍රියාකාරකමක්. මේක කරන හැටි සිංහලෙන්ම තියෙන වීඩියෝවක් ලැබුණා. 

මෙන්න මෙතන කොටලා බලන්න.




ධීවර ආම්පන්න


ධීවර ආම්පන්න ගැන සටහනක් මෙන්න ඔයාලාට.
මේක මම ගත්තේ පාසල් පෙළපොතකින් බව සදහන් කරන්න ඕනෑ.
මත්ස්‍ය නිෂ්පාදන ආශ්‍රිත පාඩම් සදහා මේ ලිපිය යම් උපකාරයක් වෙයි කියලා හිතනවා.

එහෙම නම් ඉතින් මෙතන ක්ලික් කරලා බාගන්න.


බිම් මැනීම පුනරීක්ෂණ අභ්‍යාස


මෙන්න ගෙනාවා බිම් මැනීම පුනරීක්ෂණ නිබන්ධනයක්. බාගෙන කරලා බලන්නකෝ.
යටින් comment එකකුත් දාලා ගියොත් නේද හොද?

මෙතනින් ගන්න



Tuesday, December 9, 2014

නිර්පාංශු වගාව


නවීන වගා ක්‍රම යටතේ මෑත ඉතිහාසයේ බොහොම ජනප්‍රිය වෙච්ච ක්‍රමයක් තමයි නිර්පාංශු වගාව.
මේ ක්‍රමයට වගා කටයුතු කරලා අපේ ගොවි මහත්වරු ලොකු ආදායම් ගන්නවා කියලයි ආරංචි.
මේ වගා ක්‍රමය ගැන කෘෂිකර්ම දෙපාර්තමේන්තුවෙන් නිකුත් කරපු ප්‍රකාශනයක් මම ඔයාලාට දෙනවා.
කරන්න රැකියාවක් නැත්නම් නිකන් කාලෙ කන්නේ නැතිව මේ වගේ දෙයක් කළොත් දියුණු වෙන්න පුළුවන්.
ජෛව පද්ධති තාක්ෂණවේදය හදාරන මගේ දරුවන්ට මේක ගොඩක් ප්‍රයා්ජනවත් වෙයි කියලා හිතනවා.


මෙතනින් ගන්න





බිම් මල් වගාව


බිම් මල් වගාව පිළිබදව කෘෂිකර්ම දෙපාර්තමේන්තුවෙන් නිකුත් කරපු පොතක් තමයි මේ.
බාගෙන කියවලා බලන්නකෝ.

මෙතනින් ගන්න

වී වගාවේ තවාන්


වී වගාවේ තවාන් ක්‍රම ගැන විස්තර ටිකක් තියෙන ලිපියක් හම්බ වුණා. මේක කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ ප්‍රකාශනයක්. 
කියවලා බලන්නකෝ...
තවාන් ක්‍රම ගැන අවබෝධයක් ලබා ගන්න මේ ලිපිය උදව්වක් වේවි.

මෙතනින් ගන්න.

බද්ධ කිරීම


බද්ධ කිරීම ගැන සිංහලෙන්ම තියෙන් වීඩියෝ දෙකක්ම  මෙන්න. මම හදපුවා නම් නෙවෙයි. කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ.

මෙන්න

01

02

ආරක්ෂිත ගෘහ තුළ බෝග වගාව

ලෝකයේ කෘෂිකර්මාන්තය තාක්ෂණයත් එක්ක ලොකු දියුණුවක් ලබලා තියෙනවා මේ වෙනකොට.
ඉහළ ගුණාත්මයෙන් යුක්ත හොද අස්වැන්නක් ලබා ගන්න එක ක්‍රමයක් තමයි ආරක්ෂිත ගෘහ එහෙම නැත්නම් හරිතාගාර තුළ බෝග වගා සිදු කිරීම.



ඔයාලා දන්වනේ මේ හරිතාගාර ඇතුලේ පරිසරය නවීකරණය කරලා තියෙනවා විතරක් නෙවෙයි, රෝග සහ පළිබෝධ පැමිණීමත් වලක්වලා තියෙනවා.
මේ හින්දා ඉහළ ගුණාත්මයෙන් යුතු අස්වැන්නක් ලබාගන්න පුළුවන්.
අද මම දෙන්නේ මේ ගැන වීඩියෝ එකක්. මේක කෘෂිකර්ම දෙපාර්තමේනතුවේ වෙබ් අඩවියෙන් හම්බ වුණේ.
සිංහලෙන්ම විස්තර තියෙනවා.

එහෙනම් මෙතන ක්ලික් කරලා බලන්නකෝ.....




පසු අස්වනු තාක්ෂණය


ජෛව පද්ධති තාක්ෂණවේදය විෂයේ එක ඒකකයක් තමයි පසු අස්වනු තාක්ෂණය.
මේ ඒකකයට අදාළ  සටහනක් තමයි මම අද ඔයාලාට දෙන්නේ.
කියවලා දැනුම ලබාගෙන සාර්ථකව විභාගයට මුහුණ දෙන්න.
ඩවුන්ලෝඩ් කරගෙන යන ගමන් යටින් comment එකක් එහෙම දැම්මා කියලා මම එහෙම තරහා වෙන්නේ නැහැ ඔන්න.......

මෙතන කොටලා අරගන්න එහෙනම්....

Monday, December 8, 2014

ජලයේ කඨිනත්වය

ජලයේ කඨිනත්වය සහ කැල්සියම් අයන ප්‍රතිශතය හොයන ආකාරය ගැන ලිපියක් මෙන්න තියෙනවා. 
ජලය කොටස ඉගෙන ගන්න මගේ දරුවන්ට මේක වැදගත් වේවි.

මෙතනින් බාගන්න එහෙනම්.

කෘෂි විද්‍යාව පුණරීක්ෂණ අභ්‍යාස සංග්‍රහය

මෙන්න ජාතික අධ්‍යාපන ආයතනයෙන් දීපු කෘෂි විද්‍යාව පුණරීක්ෂණ අභ්‍යාස සංග්‍රහය. කෘෂි විද්‍යාව හදාරන දරුවන්ට වගේම ජෛව පද්ධති තාක්ෂණවේදය හදාරන දරුවන්ටත් සමහර ඒකක සදහා මේක බොහෝම ප්‍රෙයා්ජනවත්. 

ඩවුන්ලෝඩ් කරගන්න මෙතන කොටන්න


Wednesday, December 3, 2014

ආහාර සෞඛ්‍යාරක්ෂිතතාව


මෙන්න ගෙනාවා ආහාර සෞඛ්‍යාරක්ෂිතතාවට අදාළ  විෂය කොටස් ටිකක් ඇතුළත්  සටහනක්.


ඩවුන්ලෝඩ් කරගන්න ගමන් Comment එකකුත් දාලා ගියොත් නේද හොද....?

එහෙනම් මෙතන කොටලා බාගන්නකෝ.....


දැව


ජෛව පද්ධති තාක්ෂණවේදය විෂයේ දැව ඒකකයට වැදගත් වන සටහනක් තමයි අද දෙන්නේ.
මේ සටහනේ තියෙනවා, දැව වර්ග, දෝෂයන් සහ දැව පදම් කිරීමට අදාළ තොරතුරු සහ ක්‍රමවේදයන්.
එහෙනම් කට ඇරන් බලන් ඉන්නේ නැතිව ඩවුන්ලෝඩ් කරගන්න.

මෙතන ක්ලික් කරන්න.



සත්ත්ව පාලනය


මෙන්න සත්ත්ව පාලනය ගැන පොතක්ම.
මේවා ඉතින් අපිම දුන්නොත් තමයි හරි......... lol......
මෙන්න මේ පොතේ අඩංගු තොරතුරු


මෙන්න මෙතන ක්ලික් කරලා බාගන්න.





ජෛව පද්ධති තාක්ෂණවේදය පුනරීක්ෂණ අභ්‍යාස


මෙන්න ගෙනාවා ජාතික  අධ්‍යපන ආයතනයෙන් ඉදිරිපත් කරලා තියෙන පුණරීක්ෂණ අභ්‍යාස සංග්‍රහය. 
සිද්ධාන්ත හොදින් පාඩම් කරලා එක එක ඒකකය වෙන වෙනම මේකේ තියෙන අභ්‍යාසත් ඒ එක්කම කරන්න. 

එහෙනම් ඉතින් මෙතන ක්ලික් කරලා බාගන්නකෝ.....