Wednesday, February 5, 2020

ව්‍යවසායකත්වය

ව්‍යවසායකත්වය

ව්‍යවසායකත්වය යනු පරිසරයේ ඇති ව්‍යාපාර අවස්ථා හඳුනාගෙන අවදානම් දරමින් නිර්මාණශීලිත්වය තුළින් නවෝත්පාදන බිහි කිරීමෙහි යෙදෙන මිනිස් චින්තනය හා සම්බන්ධ වූ ක්‍රියාවලියකි.
ඒ අනුව, ව්‍යවසායකත්වය යනු
  • අනාගතය වෙනස් කිරීමට පොළඹවන්නා වූ පුද්ගලයන් ගේ මානසික තත්ත්වයකි.
  • සිතන, තර්ක කරන හා ක්‍රියා කරන ආකාරයකි.
  • පුද්ගලයන්ගේ ධනාත්මක ආකල්ප, හැසිරීම් හා කුසලතා පිළිබඳ එකතුවකි.
  • මිනිස් චින්තනය හා බැඳුණකි. (මනෝ භාවයකි)
  • සහජයෙන් උරුම විය හැකි මෙන් ම අධ්‍යාපනය හා පළපුරුද්ද තුළින් සකස්කර ගත හැකි හා වර්ධනය කරගත හැකි දෙයකි.

ව්‍යවසායකත්වය පහත දැක්වෙන ආකාරයටද විග්‍රහ කළ හැක.
ව්‍යාපාර අදහසක් හඳුනා ගෙන එය යම් ප‍්‍රායෝගික ව්‍යාපාර කටයුත්තක් බවට පරිවර්තනය කිරීමේ හැකියාව ව්‍යවසායකත්වය වේ. එම හැකියාව කි‍්‍රයාවට පරිවර්තනය කිරීමේ දී නිර්මාණශීලිත්වය, නවෝත්පාදක බව, අවදානම් භාර ගැනීම යන ගති ලක්ෂණ ඉතා වැදගත් වේ.මෙහි දී ව්‍යාපාරය සාර්ථක වීම හෝ අසාර්ථක වීම සිදුවිය හැකි ය. සරල ව ගත් කල එය අවදානම ලෙස දැක්විය හැකි ය. අදහස් ක‍්‍රියාවට නැංවීමේ දී අරමුණු පිහිටුවාගෙන කිසියම් සැලසුමකට අනුව කටයුතු කළ යුතු ය. කවර බාධක කරදර පැමිණිය ද එම අරමුණ ඉටුකර ගැනීමට යොමු වීම අත් නොහැරිය යුතු ය.

ව්‍යවසායකයා
ව්‍යවසායකත්ව ක‍්‍රියාවලියේ යෙදී සිටින්නා ව්‍යවසායකයා වේ. ඔහු අදහස් ක‍්‍රියාකාරිත්වයට පරිවර්තනය කිරීම පිණිස සැලසුම් කිරීම හා නිවැරදි තීරණ ගැනීම ඔස්සේ ආර්ථික හා සමාජයීය පරිවර්තනයක් සිදු කිරීම සඳහා සැලකිය යුතු වෙනසක් සිදු කරන්නා වූ පුද්ගලයෙකි. ඔහු ව්‍යාපාර අදහසක් සංවර්ධනය කිරීමට අවශ්‍ය සම්පත් සපයාගෙන එය යෙදවීමේ ප‍්‍රතිඵලයක් ලෙස නව භාණ්ඩ හා සේවා, නව ක‍්‍රියාවලි හා නව ව්‍යාපාර උත්පාදනය කරයි.

නිෂ්පාදන සාධක 
  • භූමිය
  • ශ‍්‍රමය
  • ප‍්‍රාග්ධනය
  • ව්‍යවසායකත්වය

නිෂ්පාදනය සඳහා අවශ්‍ය කෙරෙන ස්වභාව ධර්මයෙන් ලැබී ඇති සියලූ ම ස්වාභාවික සම්පත් භූමිය ලෙස අදහස් වේ.
      නිදසුන් - අමුද්‍රව්‍ය, ඉඩම්, වනාන්තර, පස
නිෂ්පාදනය සඳහා භාවිත කෙරන කායික හෝ මානසික ශක්තිය ශ‍්‍රමය ලෙස හැඳින්වේ.
     නිදසුන් - ඉංජිනේරුවරයකුගේ ශ‍්‍රමය, ලී බඩු නිෂ්පාදනයේ                                      යෙදෙන වඩු කාර්මිකයෙකුගේ ශ‍්‍රමය
නිෂ්පාදනය සඳහා අවශ්‍ය කෙරෙන මිනිසා විසින් නිපදවා ඇති සියලූ ම සම්පත් ප‍්‍රාග්ධනය ලෙස අදහස් කෙරේ.
    නිදසුන් - ගොඩනැගිලි, යන්ත‍්‍ර සූත‍්‍ර, උපකරණ

භූමිය, ශ‍්‍රමය, ප‍්‍රාග්ධනය යන සාධක තිබූ පමණින් නිෂ්පාදනයක් සිදු නොවේ. එසේ නම් මෙම සාධක අවශ්‍ය පරිදි සංකලනය කර භාණ්ඩ හා සේවා නිෂ්පාදනය කර වෙළඳපලට ඉදිරිපත් කිරීම සඳහා ව්‍යවසායකත්වය අවශ්‍ය වේ.
එම තීරණ ගන්නා පුද්ගලයා වන්නේ ව්‍යවසායකයා ය. ඔහු නිෂ්පාදන සාධක භාවිත කර නිපදවන්නේ කවර භාණ්ඩ හෝ සේවා ද, ඒවා කොපමණ ප‍්‍රමාණයක් නිපදවා ගත යුතු ද, ඒ සඳහා නිෂ්පාදන සාධක සංයෝග කරන්නේ කෙසේ ද යනාදි තීරණ ගනියි.
මේ අනුව සෙසු නිෂ්පාදන සාධක සමඟ සැසඳීමේ දී ව්‍යවසායකත්වයේ සුවිශේෂීත්වය වටහා ගත හැකි ය. එනම් සම්පත්, මිනිස් අවශ්‍යතා සහ වුවමනා සපුරාලන භාණ්ඩ හා සේවා බවට පරිවර්තනය කිරීම සඳහා ව්‍යවසායකයන් අත්‍යවශ්‍ය වීමයි.

ව්‍යවසායකත්ව ගති ලක්ෂණ
ව්‍යවසායකයා තම අදහස් ක‍්‍රියාකාරී බවට පත් කිරීමේ දී විවිධ ගති ලක්ෂණ ඉස්මතු කර ගනී.
  1. නිර්මාණශීලිත්වය
  2. නවෝත්පාදනය
  3. අවදානම් භාර ගැනීම
  4. අනාගත දැක්ම
  5. පරිසර සංවේදී බව හා අවස්ථා හඳුනා ගැනීම
  6. සුභවාදී වීම
  7. ස්වකීය සාර්ථකත්වය තමා අනුව තීරණය වන බව පිළිබඳ විශ්වාසය
  8. අසීරු අරමුණු ඉටුකරගැනීම කෙරෙහි ඇති නැඹුරුව
  9. ස්වාධීනත්වය
  10. නම්‍යශීලිත්වය


01. නිර්මාණශීලිත්වය
ගැටලූ හා අවස්ථා දෙස බලා ඒවාට විසඳුම් ලෙස නව අදහස් සංවර්ධනය කිරීමට හෝ නව මාර්ග සොයා ගැනීමට ඇති හැකියාව නිර්මාණශීලිත්වය යි.
නිර්මාණශීලී ව විසදුම් ඉදිරිපත් කිරීමේ දී විවිධ බාධා මතු විය හැකි ය. එවැනි බාධා කිහිපයක් පහත දැක්වේ.
  • විශ්වාස හා ආකල්ප කෙරෙහි තදබල ලෙස ගැලී සිටීම
  • යම් ගැටලූවකට එක ම විසඳුමක් පමණක් ඇතැයි සිතීම
  • ක්ෂණික ප‍්‍රතිඵල අපේක්ෂා කිරීම
  • තර්කානුකූල පදනමක පිහිටා කටයුතු නොකිරීම
  • ප‍්‍රායෝගික වීමට බාධා ඇතැයි සිතීම
  • රීති හා සම්ප‍්‍රදාය අනවබෝධයෙන් පිළිපැදීම
  • වැරදීම් හා විවේචන සඳහා ඇති බිය

බාධාකාරී සාධක හඳුනාගත හැකිනම් ඒවායේ බලපෑම් අවම කර ගැනීමට
කටයුතු කිරීමෙන් නිර්මාණශීලිත්වය වර්ධනය කරගත හැකි ය. එසේ ම පුද්ගලයන්ගේ නිර්මාණශීලිත්වය වර්ධනය කර ගැනීමට ගතහැකි ක‍්‍රියා මාර්ග කිහිපයක් පහත දැක් වේ.
  • විවිධත්ව ග‍්‍රහණය කර ගැනීම

විවිධ ආකාරයෙන් සිතීමට, දැකීමට හා ඒ අනුවඑ කටයුතු කිරීමට කැමැත්තක් දැක්වීම ය. පරිසරයේ ඇතිවන වෙනස්වීම් තුළින් විවිධත්ව ඉස්මතු වේ.
  • අසාර්ථකත්ව ඉවසීම

නිර්මාණාත්මක අදහස්වල ඵලය සාර්ථක හෝ අසාර්ථක විය හැකි ය. අසාර්ථකත්වයන් දරාගැනීමට හැකියාවක් තිබිය යුතු ය. එමෙන් ම ප‍්‍රතිඵල ලබා ගැනීමට ඉක්මන් නොවිය යුතු ය.
  • කුතුහලය දිරිමත් කිරීම

නව සොයාගැනීම්වලට මූලික හේතුව කුතුහලය යි. මෙම කුතුහලය මත පදනම් ව මිනිසුන් විසින් නව සොයාගැනීම් සහ නිර්මාණ සිදු කරනු ලැබේ.
  • ගැටලූ අභියෝග ලෙස දැකීම

සෑම ගැටලූවක් ම නවෝත්පාදනය සඳහා අවස්ථා සපයයි. මේ නිසා ගැටලූ ඉදිරියේ අධෛර්යවත් නොවී ඒවා අභියෝග ලෙස සලකා කටයුතු කළ යුතු ය.
  • නිර්මාණශීලී පුහුණු අවස්ථා

අධ්‍යාපනය හා පුහුණුව තුළින් පුද්ගලයන්ට නිර්මාණශීලිත්වය වර්ධනය කර ගැනීමට හැකියාව ලැබේ.
  • නිර්මාණශීලිත්වය අගය කිරීම තුළින්

පුද්ගලයන්ගේ නිර්මාණශීලිත්වයට මුල්‍යමය ත්‍යාග ලබා දීම, උපහාර ලබා දීම සහ අගය කිරීම ආදී ක‍්‍රම මගින් දිරිමත් වේ. 
  • නිර්මාණාත්මක හැසිරීම් ආදර්ශනය කිරීම

පුද්ගලයන්ගේ හා ව්‍යවසායකයන්ගේ නිර්මාණාත්මක හැසිරීම් හා ක‍්‍රියාකාරකම් ආදර්ශ ලෙස ගෙන ඒ  තුළින් නිර්මාණශීලිත්වය සඳහා උනන්දුවක් ඇති කර ගත හැකි ය.

02. නවෝත්පාදනය
ස්වභාවයෙන් නිර්මාණය වූ දේ හැර අප සියලූ දෙනා පරිහරණය කරන අනෙකුත් සෑම භාණ්ඩයක් හෝ සේවාවක් ම යම් පුද්ගලයෙකුගේ හෝ ආයතනයක හෝ නවෝත්පාදනයක් වේ. 
නව භාණ්ඩ හෝ සේවා උත්පාදනය කිරීමට ඇති හැකියාව නවෝත්පාදනය බව සරල ව දැක්විය හැකි ය. නවෝත්පාදනයේ ආරම්භය නිර්මාණශීලී අදහසකි. මේ අනුව නිර්මාණශීලී අදහස් ප‍්‍රයෝජනවත් දෙයකට පරිවර්තනය කිරීම නවෝත්පාදනය මගින් සිදුවේ.
නවෝත්පාදනය ව්‍යවසායකයන් සතු සුවිශේෂී ලක්ෂණයකි. ගැටලූවලට විසඳුම් ලෙස ව්‍යවසායකයෙකුගේ නිර්මාණාත්මක අදහස් අලෙවි කළ හැකි භාණ්ඩයක් හෝ සේවාවක් බවට පරිවර්තනය කිරීමක් සිදු වේ.

නවෝත්පාදන සිදුවන ආකාර
  • නව සොයා ගැනීමක්

පෙර නොතිබූ නව භාණ්ඩයක් හෝ සේවාවක් හෝ ක‍්‍රියාවලියක් හෝ බිහි කිරීම.
උදා - ගුවන් යානය, විදුලි බල්බය, දුරකථනය, විද්‍යුත් වෙළෙඳාම, ඩිජිටල් කැමරාව
  • දිගුවක්

පවතින භාණ්ඩයක හෝ සේවාවක හෝ ක‍්‍රියාවලියක හෝ නව භාවිතයක් ඇති කිරීම
උදා- විදුලි දුම්රිය, පිසින ලද ආහාර, ස්මාර්ට් ජංගම දුරකථනය, ස්වයං සේවා අලෙවි ක‍්‍රමය, මේදය රහිත කිරි, විද්‍යුත් ගෙවීමේ ක‍්‍රම
  • අනුකරණය කිරීමක්

පවතින සංකල්පයකට සමාන ව නිපද වූ නිර්මාණාත්මක නව නිපැයුමක් බිහි කිරීම
උදා - අයිස්ක‍්‍රීම් බෙදාහැරීමේ ජංගම රථ ක‍්‍රමයටම බේකරි නිෂ්පාදිත බෙදාහැරීම
  • සංකලනයක්

පවතින සංකල්ප හෝ සාධකවල නව සංයෝගයක් හෝ මිශ‍්‍රණයක් භාවිත කර නව නිපැයුම් කිරීම
උදා - LED විදුලි බල්බ යෙදු වෙසක් තොරණ, හාල් පිටි භාවිතයෙන් බේකරි නිෂ්පාදිත

නවෝත්පාදනය සඳහා පදනම් වන මූලාශ‍්‍රය
නවෝත්පාදන සඳහා භාවිත කරන මූලාශ‍්‍රය සහ ඒ සඳහා ඉදිරිපත් කළ හැකි නිදසුන්එ පහත දැක්වේ.
  • අනපේක්ෂිත සිදුවීම්

කලින් සැලසුම් කළ හෝ අපේක්ෂා කළ දෙයක් නිසා නොව බලාපොරොත්තු නොවූ විටෙක භාණ්ඩ හා සේවා බිහි වීම
උදා - ග‍්‍රැමෆෝනය, පෙනිසිලින්
  • ක‍්‍රියාවලි අවශ්‍යතා

කිසියම් අවශ්‍යතාවක් නිසා පැන නැගුණ ඉල්ලූමක් සපුරාලීමට පවතින ක‍්‍රියාවලිය වෙනස් කිරීමට සිදු වීම
උදා - දර සැපයුම අඩු වීම නිසා විදුලි උපකරණ සහිත බේකරි බිහි වීම
  • වෙළෙඳපළේ වෙනස්වීම්

පාරිභෝගිකයන්ගේ ආකල්ප වෙනස්වීම්, තාක්‍ෂණය වෙනස්වීම්, ආදායම් වැඩිවීම් ආදී හේතු නිසා භාණ්ඩ, සේවා හා ක‍්‍රියාවලි වෙනස් වීම
උදා - නිවෙස්වලට ගොස් ලෙඩ රෝග සඳහා ප‍්‍රතිකාර කිරීම, විද්‍යුත් බැංකු ගනුදෙනු, මේද හා සීනි රහිත ආහාරපාන
  • ප‍්‍රජා පරිසරයේ හා ජන ජීවිතයේ වන වෙනස්කම්

පුද්ගලයන්ගේ වයස, රැුකියාව, අධ්‍යාපනය, පදිංචිය ආදිය වෙනස් වීම
උදා - දිවා සුරැුකුම් මධ්‍යස්ථාන, විශ‍්‍රාමික නිවාස, අන්තර්ජාලය මගින් දුරස්ථ උපාධි පාඨමාලා හැදෑරීම
  • සංජානනය හෙවත් තේරුම් ගන්නා ආකාරය වෙනස් වීම

පුද්ගලයන් යම්කිසි දෙයක්, කරුණක් හා සංකල්පයක් අර්ථ නිරූපණය කරන ආකාරය වෙනස් වීම
උදා - ශාරීරික සුවතා මධ්‍යස්ථාන බිහි වීම, රූපලාවණ්‍ය නිෂ්පාදන සඳහා ඇති නැඹුරුව
  • දැනුම පදනම් කරගත් සංකල්ප

පර්යේෂණ හා අත්හදා බැලීම් මගින් නවතම භාණ්ඩ හා සේවා නිෂ්පාදනය කිරීම
උදා - විවිධ පහසුකම් සහිත ජංගම දුරකථන, පරිගණක දෘඩාංග, රොබෝ යන්ත‍්‍ර

03. අවදානම් භාර ගැනීම
ව්‍යවසායකයා නවෝත්පාදනයේ යෙදෙන විට එහි අවදානමක් ඇත. එනම් එම නව නිපැයුම වෙළෙඳපොළේ සාර්ථක හෝ අසාර්ථක විමට ඇති ඉඩ ප්‍රස්ථාවයි. ව්‍යාපාරයක් ආරම්භ කරන විට ද මෙවැනි අවදානමක් පවතී. එනම් එම ව්‍යාපාරය සාර්ථක වීමට හෝ නොවීමට තිබෙන සම්භාවිතාවයි. මෙම අවදානම මුල්‍ය අවදානමකි.
ව්‍යාපාරය වෙනුවෙන් යොදන මුදල සඳහා ප්‍රමාණවත් ප්‍රතිලාභයක් ලැබේ දැ යි නිශ්චිත ව කිව නොහැකි ය. අවදානමට ප්‍රධාන ම හේතුව අවිනිශ්චිතතාව යි.
නිදසුන් :-
ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අනුමත කර ඇති බැංකුවක මුදල් තැන්පත් කළ විට එම මුදල් ද පොළිය ද ලැබීම නිශ්චිත වේ. නමුත් විශ්වාසයක් නොමැති ස්ථානයක මුදල් යෙදවුවහොත් ආයෝජිත මුදල පවා ලැබීම අවිනිශ්චිත වේ. 
අවදානම හා ප්‍රතිලාභය අතර සම්බන්ධතාව පහත දැක්වෙන අයුරින් දැක්විය හැකි ය.
  • අවදානම ඉහළ නම් ප්‍රතිලාභය ද ඉහළ වේ.
  • අවදානම පහළ නම් ප්‍රතිලාභය ද පහළ වේ.

සූදුකරුවන් මෙන් අධික තණ්හාවෙන් අවිනිශ්චිතතාව පිළිබඳ ව තක්සේරුවකින් තොර ව ඉහළ ප‍්‍රතිලාභ අපේක්ෂාවෙන් අධික අවදානමක් දැරීමට ව්‍යවසායකයා කැමැත්තක් නොදක්වයි.
එසේ ම කිසිදු අවදානමක් නොදරා ලැබෙන අඩු ප‍්‍රතිලාභයෙන් පමණක් ව්‍යවසායකයන් සෑහීමකට පත්වන්නේ නැත. මෙහි දී ව්‍යවසායකයා අවදානම පිළිබඳ හොඳ ඇගයීමක් කර තමන්ට දැරිය හැකි අවදානමක් පමණක් භාර ගනියි.

04. අනාගත දැක්ම
අනාගත දැක්ම යනු අනාගතයේ දී සැබෑ කර ගැනීමට වෙර දරන සිහිනය යි. ව්‍යවසායකයා නිර්මාණශීලී චින්තනයක් සහිත නව වෙනසක් කිරීමට නිතර ම උත්සාහ දරන පුද්ගලයෙකි. තමා සහ තම ක්‍ෂේත‍්‍රය අනාගතයේ දී කුමන තත්ත්වයකට පත්වන්නේ ද යන්න වර්තමානයේ මනසින් දකියි. ඔහුගේ දැක්ම, තමාගේ හෝ තම ව්‍යාපාරයේ අනාගත සාර්ථකත්වය තුළින් වෙනසක් සමාජය තුළ ඇති කිරීම යි. පුද්ගලයාගේ හෝ ආයතනයේ දැක්ම මත අනෙකුත් සියලූ ම කාර්ය දිශානුගත වේ.

05. පරිසර සංවේදී බව හා අවස්ථා හඳුනා ගැනීම
ව්‍යවසායකයන් තම පරිසරය පිළිබඳ නිතර අවදියෙන් සිටින පිරිසකි. ඒ අනුව පරිසරයේ සිදුවන වෙනස්කම් හඳුනා ගැනිමට හා ඒවාට නිසි ප‍්‍රතිචාර දැක්වීමට ඔවුහු සමත් වෙති. ඒවායින් ප‍්‍රතිලාභ අත්කර ගැනීමට ක‍්‍රියා කරති.
නිදසුන් -
කාන්තාවෝ විවිධ රැුකියාවන්හි නිරත ව සිටිති. ඔවුන්ගේ කාර්ය බහුලත්වය තුළින් මතුවී තිබෙන අවස්ථා හඳුනා ගැනීම

06. සුභවාදී වීම
ව්‍යවසායකයා යමක් පිළිබ`ද සිතන්නේත් යමක් කරන්නේත් සුභවාදී ආකල්ප ඇතිව ය. ඔහු සැමවිට ම ධනාත්මක ලෙස සිතයි. පසුගාමී අදහස් හා ඍණ ආකල්ප ඔහු තුළ ඇත්තේ ම නැත. ඔහු අනාගතය පිළිබ`ද සො`දුරු සිතුවම් දකී. අසාර්ථකත්ව, පරාජ හා අභියෝග සුභවාදී ලෙස පිළිගනියි. යම් පුද්ගලයෙක් වීදුරුවෙහි අඩක් හිස් බව දකිද්දී සුභවාදී ව බලන පුද්ගලයා සැබැවින් ම එය අඩක් පිරී පවතින බව දකියි.

07. ස්වකීය සාර්ථකත්වය තමා අනුව තීරණය වන බවට ඇති විශ්වාසය
ව්‍යවසායකයා තමා පිළිබ`ද විශ්වාසයෙන් යුක්ත ව කටයුතු කරන්නෙකි. වාසනාව තමා වෙත පැමිණෙන තෙක් බලා නොසිට තම උත්සාහය තුළින් සාර්ථකත්වය කරා ළ`ගා විය හැකි බව ඔහු තදින් ම විශ්වාස කරයි.  ඕනෑ ම අභියෝගයකට මුහුණ දීමේ පූර්ව සූදානමක් ඇති කර ගනී. තමාගේ ජයග‍්‍රහණ හෝ පරාජ තම කැපවීමේ ප‍්‍රමාණ මත ම සිදුවන බව ඔහු තරයේ විශ්වාස කරයි. තමාගේ දෛවය තමා මත ම ර`දා පවතින බව විශ්වාස කරයි. තම සාර්ථකත්වය හෝ අසාර්ථකත්වය නොපෙනෙන බලවේගවලට භාර නොදෙයි. 

08. අසීරු අරමුණු ඉටු කර ගැනීම කෙරෙහි ඇති නැඹුරුව
ව්‍යවසායකයා තම අරමුණු ඉටු කර ගැනීම ස`දහා තාත්වික ව කටයුතු කරයි. ඔහුගේ අරමුණු පැහැදිලි ය. තම ඉලක්ක ඉටු කර ගැනීමට ඍජු ව ක‍්‍රියා කරයි. පරාජයක් හෝ පසුබෑමක් ඇති වුව ද ඉන් නොසැලේ. කනස්සල්ලට පත් නොවේ.  ඕනෑම ව්‍යවසායකයෙකුගේ සාර්ථකත්වය පසුපස පරාජය, බිඳ වැටීම්, පසුතැවිලි තිබිය හැකි ය. ඒවා සාමාන්‍ය දෑ ලෙස සලකමින් අත්දැකීම් කොටගෙන කෙතරම් අසීරු අරමුණක් වුව ද ඉටු කර ගැනීමට උනන්දුවෙන් ක‍්‍රියා කිරීම ව්‍යවසායකයාගේ දැකිය හැකි සුවිශේෂි වූ ගති ලක්ෂණයකි.

09. ස්වාධීනත්වය
ව්‍යවසායකයෝ ස්වයං පාලනයකින් යුක්ත වෙති. සෑම විටම නිදහස් මත දැරීමට කැමැත්තක් දක්වති. ඔවුහු තමාගේ ම ස්වාමියා වීමට ප‍්‍රිය කරති. තමාගේ අභිමතය පරිදි වැඩ කිරීමට, තීරණ ගැනීමට අවශ්‍ය නිදහස ව්‍යවසායකයා අපේක්ෂා කරයි. අනෙකුත් අයගේ අදහස්වලට ගරු කරමින් ඒවා පිළිගත්ත ද සිය තීරණවලට එළඹීමේදී නිදහස් ව සිතීමට ඔහු ප‍්‍රිය කරයි. තමාගේ ගමන් මග, ගමනාන්තය තමා විසින් ම තීරණ කිරීමට හා පාලනය කිරීමට ඔහුට හැකියාවක් ඇත.

10. නම්‍යශීලිත්‍වය
නම්‍යශීලිත්වය යන්නෙන් අදහස් වනුයේ පරිසරයේ වෙනස්වීම්වලට උචිත වන පරිදි අනුගත වීමට ඇති හැකියාවයි. ව්‍යවසායකයන් පරිසරයේ ඇතිවන වෙනස්වීම්වලට අනුකූලව වෙනස්වීමට සූදානම් ය. පාරිසරික වෙනස්වීම් අනුව ඔහුගේ ගමන් මග හැඩගස්වා ගනී.
නිදසුන් -
ගනුදෙනුකරුවන් පෝලිම්වල කල්ගත කිරීමට අකමැති බවත් ක්ෂණික ව ස්වකීය කාර්යයන් ඉටුකර ගැනීමේ අපේක්ෂාවෙන් සිටින බවත් වටහාගත් ව්‍යවසායකයෝ ස්වයං සේවා වෙළෙ`දසැල්, අන්තර්ජාල වෙළෙඳසැල්, විද්‍යුත් ගෙවීම් වැනි නවෝත්පාදන හඳුන්වා දී තිබීම.

ව්‍යවසායකයන් තුළ පොදුවේ දක්නට ලැබෙන ගති ලක්ෂණ
  • කැපවීම
  • ආත්ම විශ්වාසය
  • සාමාන්‍ය වැටහීම
  • තොරතුරු සොයා බැලීම
  • ස්වයං පෙළඹීම
  • දැඩි ආශාව

කැපවීම
ව්‍යවසායකයා තම කාර්යභාරය ඉටු කිරීමේදී උපරිම කැපවීමකින් කටයුතු කරයි. පෞද්ගලික අපේක්ෂා පසෙකලා තම අරමුණ කරා ගමන් කිරීමට ඔහුට හැකියාව ඇත.

සාමාන්‍ය වැටහීම
පරිසරයේ ඇතිවන වෙනස්වීම්වල බලපෑම් ඉවෙන් මෙන් ක්ෂණිකව දැනගැනීමේ හැකියාව සාමාන්‍ය වැටහීම ලෙස හැඳින්විය හැකි ය. මෙම හැකියාව තම ව්‍යාපාර කටයුතු සාර්ථක කර ගැනීම සඳහා යොදා ගනී.

ස්වයං පෙළඹවීම
ව්‍යවසායකයාට තම කාර්ය වෙත යොමුවීමට හෝ කාර්ය ඉටුකරලීමට තවත් අයෙකුගේ යොමු කිරීමක් අවශ්‍ය නොවේ. සාර්ථකත්ව මගින් මෙන් ම අසාර්ථකත්ව මගින් වුවද අරමුණු ළඟා කර ගැනීම සඳහා තමා තුළින් ම පෙළඹවීමක් ඇති වේ.

ආත්ම විශ්වාසය
ව්‍යවසායකයා තුළ තමා විසින් ඉටුකරන කාර්ය පිළිබඳ ව ඉතා හොඳ විශ්වාසයක් පවතී. තමාට යා හැකි දුර මෙන් ම තම හැකියා පිළිබඳ ව ද ඔහු මනා අවබෝධයකින් කටයුතු කරයි. එම නිසා තම කාර්යභාරය අවශ්‍ය ඉලක්ක කරා ගෙන යාමට හැකි නිවැරදි මාවත තෝරා ගැනීමට ඔහු විශ්වාසයෙන් ක‍්‍රියා කරයි. අන් අය මත නොරැුඳී තමා ගැන විශ්වාස
කරයි. ස්වකීය ශක්තිය හා දුර්වලතා හ`දුනාගෙන තමා, තමාගේ ස්වාමියා ලෙස සලකයි.

තොරතුරු සොයා බැලීම
ව්‍යවසායකයා තම ව්‍යාපාරයේ සහ ව්‍යාපාර ක්‍ෂේත‍්‍රයේ මෙන් ම පරිසරයේ ඇතිවන්නා වූ නව සිදුවීම් හා වෙනස් වීම් පිළිබඳ ව සෑමවිට ම අවධානයෙන් පසුවන්නෙකි. ඒ වෙනස්එ වීම් තුළින් ලබා ගන්නා තොරතුරු තම ඉලක්ක සපුරා ගැනීමට උපකාර කර ගනී. මේ සඳහා ඔහු සතු ව හොඳ ජාල සම්බන්ධතාවක් පවතී.

දැඩි ආශාව
සෑම ව්‍යවසායකයෙක් සතු ව ම ඇත්තේ අරමුණු ඉටු කර ගැනීමේ දැඩි ආශාව යි. ඔහු එම ආශාව සපුරා ගැනීමට වෙහෙස වී ක‍්‍රියා කරයි.

2 comments: