Saturday, February 22, 2020

ආගන්තුක ආක්‍රමණශීලී ජීවී විශේෂ


 ආක‍්‍රමණික ආගන්තුක ජීවී විශේෂ




අතීතයේ හෝ වර්තමානයේ ස්වභාවිකව පැතිරී ඇති ප‍්‍රදේශයෙන්/රටින් පිටත වෙනත් පරිසරයකට හඳුන්වා දී ඇති හෝ පැතිරී ඇති ජෛව විවිධත්වයට තර්ජනයක් ඇති කරන ජීවීන් ආගන්තුක ආක‍්‍රමණශීලී ජීවීන්
ලෙස හඳුන්වයි.
මෙම ආක‍්‍රමණික ආගන්තුක විශේෂ ගෝලීය ආර්ථිකය කෙරෙහි අහිතකර බලපෑම් ඇති කරයි. සමහර රටවල කෘෂිකාර්මික නිෂ්පාදනයට එම`ගින් සිදුවන හානිය අති විශාලය. තවද මෙවැනි විශේෂ හේතුවෙන් වාර්ෂිකව ලොව පුරා සිදුවන පරිසර හානිය කෙසේවත් මිල කළ නොහැක.

ජෛව විවිධත්ව ලේකම් කාර්යාලය
මහවැලි සංවර්ධන හා පරිසර අමාත්‍යාංශය යටතේ ශ‍්‍රී ලංකාවේ ජෛව විවිධත්වය සුරැකීම සඳහා ස්ථාපනය කර ඇති ලේකම් කාර්යාලය මේ නමින් හැඳින්වේ. එම`ගින් අප රටෙහි ජෛව විවිධත්වය රැක ගැනීම සඳහා පහත සඳහන් ක‍්‍රියාමාර්ග ගෙන ඇත.

  • ප‍්‍රතිපත්ති සැකසීම
  • නීති හා අණපනත් සම්පාදනය
  • ජෛව විවිධත්වය රැුක ගැනීම සඳහා ව්‍යාපෘති ක‍්‍රියාත්මක කිරීම
    • ආක‍්‍රමණික හා ආගන්තුක ජීවී විශේෂ රට තුළට, විදේශීය රට වලින් ඇතුළු වන ස්ථාන වලින් පාලනය කිරීම (එනම් වරාය සහ ගුවන් තොටුපල මඟින්)
    • රට තුළ පවතින ආගන්තුක ආක‍්‍රමණශීලී ජීවී විශේෂ කළමණාකරනය සහ පාලනය.
    • ජාතික සම්බන්ධීකරණ යාන්ත‍්‍රණයක් ඇති කිරීම. මේ සඳහා පළාත් මට්ටමින් සියලූම අදාළ ආයතන සහ දෙපාර්තමේන්තු එකතු කර කවයක් (Cell එකක්) සාදනු ලැබේ.
    • පුහුණු කිරීමේ හා දැනුවත් කිරීමේ වැඩසටහන් ක‍්‍රියාත්මක කිරීම.


ආක‍්‍රමණික ආගන්තුක ජීවී විශේෂ වල බලපෑම
කෘෂිකර්මයට

  • බෝග හානිය - 

පාංශු පෝෂක, ජලය හා ඉඩකඩ සඳහා දැඩි තරගයක් දෙමින් බෝග වගාවන්හි වර්ධනය හා අස්වැන්න සැලකිය යුතු ලෙස අඩු කරයි.

  • තණ බිම්/ගොවිබිම්වල අගය හීන වීම - 

මේනිසා තණ බිම්වල සත්ත්ව ආහාර අගය අඩුවීමෙන් සහ ගොවිබිම්වල ඵලදායී භූමි ප‍්‍රමාණය අඩු වීමෙන් මෙම විශේෂ සත්ත්ව පාලනය සහ කෘෂිකර්මය කෙරෙහි බලපෑම් ඇති කරයි.

  • ජල සම්පත් හීන වීම - 

ආක‍්‍රමණික ආගන්තුක විශේෂ (ජපන් ජබර වැනි) ජලයෙහි ගුණාත්මකභාවය සහ ජලය ගලායාම අඩු කරන අතරම ජලාශ වල ඇති ජලය අඩු වීම වේගවත් කරයි. එමෙන්ම මසුන් සහ විවිධ ජලජ ජීවීන්ගේ ගහන ඉතා අඩු මට්ටමකට පත්කරයි.

ආර්ථිකයට
ආක්‍රමණශ්‍රීලි ආගන්තුක විශේෂ පාලනය කිරීමට සහ කළමනාකරණය කිරීමට අධික පිරිවැයක් සහ විශාල ප්‍රයත්නයක් දැරීමට සිදු වේ. එමෙන් ම බොහෝවිට ඒ සඳහා විශාල කම්කරු ශ්‍රමයක් ද අවශ්‍ය වේ. කෘෂිකාර්මික නිෂ්පාදනය සඳහා යොදා ගත හැකි ඉඩම් ප්‍රමාණය අඩු වේ. ස්වභාවිකව වැවෙන, ආහාරයට ගතහැකි ශාක වර්ග මේ නිසා වඳ වී යයි.

සෞඛ්‍යය සහ සමාජ ගැටලු
ආක්‍රමණශ්‍රීලි ආගන්තුක විශේෂ සෞඛ්‍යමය ගැටලුු ඇති කරයි. සමහර ආක්‍රමණශ්‍රීලි ආගන්තුක විශේෂ හේතුවෙන් පෙර වාර්තා නොවූ රෝග පැතිර යාමේ අවධානමක් ඇත.
ඖෂධීය වටිනාකමක් ඇති දේශීය පැළෑටි ආක්‍රමණශීලී ආගන්තුක විශේෂ නිසා තර්ජනයට පාත්‍රවිය හැකිය. බොහෝ ආක්‍රමණික ශාක ඒවා වැවෙන ප්‍රදේශයේ සුන්දරභාවයට හානි සිදු කරයි. බොහෝවිට මේවායේ ඇති විෂ ද්‍රව්‍ය, බූව, කටු, අධික වර්ධනය ආදිය මගින් ප්‍රදේශවාසි ජනතාවගේ ජීවන පැවැත්මට බාධාවන් ඇති කරයි.

ජෛව විවිධත්වය හා පරිසර පද්ධති
අනෙකුත් විශේෂ අභිබවා නැගී සිටීම නිසා ආක්‍රමණික ආගන්තුක විශේෂවලට පාරිසරික පද්ධති වල ව්‍යුහය සහ විශේෂයන්ගේ සංයුතිය වෙනස් කළ හැක. ගඳපාන (Lantana camara) පඳුරු අසල ඇති අනෙක් පැළෑටි යටපත් කිරීමට විෂ සහිත රසායන ද්‍රව්‍ය පසට වෑස්සීමට සැලැස්වීම උදාහරණයක් ලෙස දැක්විය හැක.
එම ශාක ආහාරයට ගන්නා අලි ඇතුන් වැනි සතුන්ට පවා එමඟින් අහිතකර බලපෑම් ඇති වේ.

ආක්‍රමණශීලී ආගන්තුක ජීවී විශේෂ වල ලක්ෂණ
ඔවුන්ගේ ස්වභාවික පරිසරයෙන් පිටත ද ආක්‍රමණශීලී වන බවට දිගු ඉතිහාසයක් ඇත. විවිධ පරිසර පද්ධති වල විශාල ලෙස ව්‍යාප්ත වී ඇත.
මෙවැනි ජීවීන් ඉතා ශීඝ්‍රයෙන් වර්ධනය හා ප්‍රජනනය වන අතර ඉක්මනින් පරිණතභාවයට ද පත් වේ.
ඔවුන් ඉතා කාර්යක්‍ෂමව තම වර්ගයා බෝ කරන අතර ඉතාමත් සාර්ථක පැතිරීමක් පෙන්වයි.
ඔවුන්ට කටුක තත්ත්වයන් දරාගත හැක. උදා: ජලය නොමැතිව දිගු කාලයක් සිටීමට හැකිවීම හා කටුක පරිසර තත්ත්වයනට ඔරොත්තු දීම සඳහා විවිධ අනුවර්තන තිබීම.
එසේම අනෙකුත් ශාක වර්ධනය අඩාල කරන රසායනික ද්‍රව්‍ය නිපදවීමේ හැකියාවක් ද මෙවැනි ශාක වලට ඇත.

ශ‍්‍රී ලංකාවට ආගන්තුක සහ ආක‍්‍රමණශීලී ශාක විශේෂ
01. කලපු අන්දර (Prosopis juliflora) 
      කුලය -  Fabaceae

02. සැල්වීනියා (Salvinia molesta)
      කුලය - Salviniaceae

03. ජබන් ජබර (Eichhornia crassipes)
      කුලය - Pontederiaceae

04. ගිනිතණ (Panicum maximum)
      කුලය - Poaceae

05. ගල් ගොරකා (Clusia rosea)
      කුලය - Clusiaceae

06. හම්බු පන් /පොතු කොළ (Typha angustifolia)
      කුලය - Typhaceae

07. ගඳපාන (Lantana camara)
      කුලය - Verbenaceae

08. වෙල් ආත (Annona glabra)
      කුලය - Annonaceae

09. පතන් පාලූ (Austroeupatorium inulifolium)
      කුලය - Asteraceae

10. දියපර (Dillenia suffruticosa)
      කුලය - Dilleniaceae

11. අග මුල නැති වැල (Cuscuta campestris)
      කුලය - Convolvulaceae

12. ගිනිකූරු ගස් (Alstonia macrophylla)
      කුලය - Apocynaceae

13. ඉපිල් ඉපිල් (Leucaena leucocephala)
       කුලය - Fabaceae

14. කටකළු බෝවිටියා (Clidemia hirta)
      කුලය - Melastomataceae

15. පාතීනියම් (Parthenium hysterophorus)
      කුලය - Asteraceae

16. යෝධ නිදිකුම්බා (Mimosa pigra)
      කුලය - Asteraceae

17. කටු පතොක් (Opuntia dillenii)
      කුලය - Cactaceae

18. යුලෙක්ස් (Ulex europaeus)
      කුලය - Fabaceae

19. අරුණාදේවී (Sphagneticola trilobata / Wedelia trilobata)
      කුලය - Asteraceae

20. පිච්ච බටු (Cestrum aurantiacum)
      කුලය - Solanaceae

ශ‍්‍රී ලංකාවට ආගන්තුක සහ ආක‍්‍රමණශීලී සත්ත්ව විශේෂ
01. ට‍්‍රවුට් (Oncorhynchus mykiss)

02. ස්කැවෙන්ජර් (Pterygoplichthys disjunctivus)

03. ඹන්නයා (Chitala ornate)

04. පුල්ලි මගුරා (Clarias batrachus)

05. රෝහු (Labeo rohita)

06. තිලාපියා (Oreochromis mossambicus)

07. තිලාපියා (Oreochromis niloticus)

08. රත්කන් ඉබ්බා (Trachemys scripta)

09. රන්වන් ඇපල් ගොලූබෙල්ලා (Pomacea diffusa)

10. කලූතර ගොඩබෙල්ලා (Lissachatina fulica)

ආක‍්‍රමණික ආගන්තුක විශේෂ වෙනත් පළිබෝධ සහ වල්පැළෑටි වලින් වෙනස් වන අයුරු


ආක‍්‍රමණශීලී ආගන්තුක ජීවී විශේෂ පාලනය කිරීමට ඔබට දායක විය හැකි ආකාර
කළයුතු දේ

  • ශී‍්‍ර ලංකාව තුළ තිබෙන ආක‍්‍රමණශීලී ආගන්තුක ජීවී විශේෂ නිවැරැුදිව හඳුනාගැනීමටත්, එමගින් සිදුකරනු ලබන විනාශය පිළිබඳ අධ්‍යයනයටත් පෙළඹෙන්න. ඔබ ගෙවත්තේ හ`දුනාගත් ආක‍්‍රමණශීලී ආගන්තුක ජීවී වෙනත් ප‍්‍රදේශ වලට ව්‍යාප්ත වීමට පෙර විනාශ කරන්න.
  • ආක‍්‍රමණශීලී ආගන්තුක ජීවීන් හ`දුනාගැනීමේ අවිනිශ්චිතතාවයක්, ඉවත් කිරීමට හෝ කළමනාකරණය පිළිබඳ ගැටලූුවක් ඇත්නම් අදාළ ආයතන හෝ බලධාරීන්ගෙන් උපදෙස් ලබාගන්න.
  • ඔබගේ ප‍්‍රදේශයෙහි අසාමාන්‍ය වේගයෙන් වල්පැළෑටි පැතිරීමක් නිරීක්ෂණය කළේ නම් අදාල ආයතන හෝ බලධාරීන්ට වාර්තා කරන්න.
  • ප‍්‍රාදේශීය හා ජාතික වශයෙන් ආක‍්‍රමණශීලී ආගන්තුක ජීවී පාලනය කිරීමට සහ කළමනාකරණ වැඩ සටහන් වලට නොමදව සහය වන්න.

නොකළ යුතු දේ

  • අදාල බලයලත් ආයතන හරහා මූලික පරීක්ෂා කිරීමකින් තොරව විවිධ පැළෑටි වර්ග විදේශ රටවලින් ගේන්න එපා.
  • ආක‍්‍රමණශීලී ආගන්තුක ජීවී විශේෂ වර්ධනය, වගා කිරීම හෝ ප‍්‍රවාහනය කරන්න එපා.
  • ඔබගේ ගෙවත්තෙන් හෝ අවටින් ඉවත් කරන ලද ආක‍්‍රමණශීලී ආගන්තුක ජීවී විශේෂ, මාර්ග අසල වෙනත් භූමි ප‍්‍රදේශ වල හෝ කසළ බැහැර කරන ප‍්‍රදේශ වලට දමන්න එපා.
  • විවෘත බිම් ප‍්‍රදේශ වල හෝ ස්වාභාවික පරිසරවල තිබෙන ආක‍්‍රමණශීලී ආගන්තුක ජීවී විශේෂ මර්දනය කිරීම සඳහා වල් පැළෑටිනාශක, පළිබෝධනාශක, දිලීරනාශක සහ වෙනත් විෂ වර්ග නියමිත මඟ පෙන්වීමකින් හා අවසරයකින් තොරව භාවිතා කරන්න එපා.

උපුටා ගැනීම - කෘෂ්කර්ම දෙපාර්තමේන්තුවේ ප්‍රකාශනයකිනි.

0 comments:

Post a Comment