Sunday, December 22, 2019

දිසිඳි පොල් නිෂ්පාදනය (Desiccated coconut production)


උසස් මට්ටමේ ප්‍රමිතීන් පවත්වා ගනිමින් පොල් ගෙඩියේ කුරුට්ට ප්‍රවේශමෙන් ඉවත් කිරීමෙන් පසු කැබලි කර, යන්ත්‍රානුසාරයෙන් මනාව වියළා ඇසිරීමෙන් පිරිසුදු ආහාර ද්‍රව්‍යක් ලෙසට නිපදවන දිසිඳි පොල් , පැහැයෙන් පොල් මදයේ සුදට සමානය. කිරි රසය සමඟ මඳක් පැණි රසය මුසු වු ප්‍රණිත ආහාරයකි. චොක්ලට් , කේක්, බිස්කට්, රසකැවිලි හා ක්ෂණික ආහාර නිෂ්පාදනය සඳහා දිසිඳි පොල් යොදා ගන්නා අතර දිසිඳි පොල් මෙ.ටො. 01ක් නිෂ්පාදනය කිරීම සඳහා සාමාන්‍යයෙන් පොල් ගෙඩි 7,797 ක් පමණ අවශ්‍ය වේ. අමෙරිකා එක්සත් ජනපදය, ඉරානය හා ඊජිප්තුව යන රටවල් ශ්‍රී ලංකාවේ ප්‍රධාන දිසිඳි පොල් මිලදී ගන්නා රටවල්වේ.

දිසිඳී පොල් නිෂ්පාදන කි‍්‍රයාවලියේ පියවර

පොල් ගෙඩි පදම් කිරීම (Seasoning)
පැසුණු පොල් ගෙඩි තෝරා, ඒවා 50 -60 cm ක් පමණ උසට ගොඩ ගසා පදම් වීම පිණිස මාස දෙකක් පමණ පොල් අතුවලින් වසා තැබීම

පොල් ලෙල්ල ඉවත් කිරීම (Dehusking)
පදම් කරගත් පොල් ගෙඩි පොල් උලක් මගින් හෝ පොල්ලෙලි ඉවත්කරන යන්ත‍්‍රයක් ආධාරයෙන් ලෙලි ගසා පොල් ලෙල්ල ඉවත් කිරීම

පොල් කටුව ඉවත් කිරීම (Hatchetting)
පහුණු  කම්කරුවන් ලවා විශේෂිත උපකරණයක (hatchet) ආධාරයෙන් පොල් මදයට හානි නොවන ලෙස පොල් කටුව කුඩා කැබලිවලට කඩා ඉවත් කර ගැනීම

පොල් කුරුට්ට ඉවත් කිරීම (Pairing)
පොල් මදය වටා ඇති දුඹුරු ආවරණය විශේෂිත පිහියක් ආධාරයෙන් කුරුටු ගෑම. මෙහි දී තේරීමක් සිදු කර ප‍්‍රරෝහණය වූ හා හානි වූ පොල් මද ඉවත් කරයි.

කැපීම හා සේදීම
කුරුට්ට ඉවත් කළ පොල් මදය කපා පිරිසිදු වතුරින් හො`දින් සෝදා ගැනීම (පඵදු වූ කොටස් ඇත්නම් මෙම අවස්ථාවේ දී ඉවත් කිරීම සිදු කරයි.)

ජීවාණුහරණය කිරීම (Sterilization)
කපාගත් පොල් මද කැබලි නටන උණු ජලයේ මිනිත්තු 1 1/2 පමණ ගිල්වා තබා ජීවානුහරණය කර ගැනීම. නටන උණු ජලයට අමතර ව 88-93 C ක්‍ අතර උෂ්ණත්වයේ පවතින වාෂ්පවලට මිනිත්තු 5ක පමණ කාලයක් නිරාවරණය කිරීමෙන් Salmonella වැනි අහිතකර බැක්ටීරියාවල කි‍්‍රයාකාරිත්වය නිෂේධනය කළ හැකි ය.

කුඩා කැබලිවලට වෙන් කිරීම (Shredding)
ජීවාණුහරණය කරන ලද පොල් මද කැබලි යන්ත‍්‍රානුසාරයෙන් අවශ්‍ය ප‍්‍රමාණයට හා හැඩයන්ට කපා ගැනීම.
උදා - සියුම් (fine), රළු (coarse), මධ්‍යම (medium) ආදිය

වියළීම
කුඩා කැබලිවලට වෙන්කර ගත් පොල් මද කැබලි වියළනයක තබා ප‍්‍රශස්ත උෂ්ණත්වයට හා කාලයට නිරාවරණය කර රත් වූ වාතයෙන් තෙතමන ප‍්‍රතිශතය 3% ක් පමණ වන තෙක් වියළා ගැනීම.

ඇසුරුම් කිරීම හා ගබඩා කිරීම
වියළන ලද දිසිඳි පොල් ඒවායේ කොටස්වල ප‍්‍රමාණ අනුව හළා ඇසුරුම් කිරීම. අසුරන ලද දිසිඳි පොල් සිසිල් වියළි තත්ත්ව යටතේ ගබඩා කර තැබීම.


මෙහි දී ඉවත් කරන පොල් කුරුට්ට කුරුටු තෙල් (Crude Oil) නිෂ්පාදනයට යොදා ගත හැකි අතර, ඉවත් වන පොල් කටු ජීවාණුහරණ කි‍්‍රයාවලියට අවශ්‍ය උණු ජලය සකසා ගැනීමට භාවිත කළ හැකිය.




Related Posts:

  • තවාන් ජීවාණුහරණය කිරීම තවාන් ජීවාණුහරණය කිරීම සම්බන්ධ ලස්සන වීඩියෝවක් ලැබුණා. මම හදපු එකක් නම් නෙවෙයි මේක කෘෂිකර්ම දෙපාර්තමේන්තුවෙන් හදපු එකක් මෙතනින් ගිහින් බලන්න. … Read More
  • යහපත් කෘෂිකාර්මික පිළිවෙත් (GAP) යහපත් කෘෂිකාර්මික පිළිවෙත් ගැන සිංහලෙන්ම කියලා දෙන වීඩියෝවක් ලැබුණා. ජෛව පද්ධති තාක්ෂණවේදය හදාරන දරුවන්ට ආහාර විද්‍යාව ඒකකයට වැදගත් වෙයි. පහළින් දීලා තියෙන ලින්ක් එක ක්ලික් කරලා වීඩියෝව නරඹන්න. මෙතනින් ගිහින් බලන්න. … Read More
  • නව විෂය නිර්දේශය ඔන්න නැවතත් දිගු නිහැඬියාවකට පස්සේ ආයෙත් Post එකක්. 2019 සඳහා උසස් පෙළ ජෛව පද්ධති තාක්ෂණවේදය විෂය නිර්දේශය වෙනස් වෙලා. කට්ටිය මේ දවස් වල හෝ ගාලා පන්ති එහෙම හොයනවා ඇතිනේ....? කෝකටත් Subject එකට Enter වෙන්න කලින් ඉගෙන ගන්න … Read More
  • ජල පොම්ප නඩත්තුව කාලෙකට පස්සෙ අද දෙන්න යන්නෙ ජල පොම්ප නඩත්තුව සම්බන්ධ වීඩියෝ එකක්. යටින් දාලා තියෙන Link එකට ගිහින් බලන්න. මෙතන ක්ලික් කරලා වීඩියෝ එකට යන්න.… Read More
  • පුනරීක්ෂණ ජාතික අධ්‍යාපන ආයතනයෙන් ඉදිරිපත් කර ඇති ජෛව පද්ධති තාක්ෂණවේදය පුනරීක්ෂණ අභ්‍යාස සංග්‍රහය මෙන්න. මෙතනින් ගන්න.… Read More

0 comments:

Post a Comment