Wednesday, December 11, 2019

විදුලි පාහනය (Electric Soldering Iron)

පෑස්සුම් ද්‍රව්‍ය මගින් පෑස්සීම සිදු කිරීමට නම් පෑස්සුම් ද්‍රව්‍යයට තාපය ලබා දී ද්‍රව කර ගත යුතු ය. මේ සඳහා විදුලි පාහනය (බවුත්) භාවිත කරයි. මෙය සෘජුවම 230v මගින් ක්‍රියාකරවිය හැකි ය. විදුලි පාහනය තුළ තාපය ඉපදවීම සඳහා අවශ්‍ය නික්‍රෝම් කම්බි දඟරයක් යොදා ඇත. මෙම උපකරණ අතට අල්ලන කොටස හෙවත් මිට ප්ලාස්ටික් හෝ ලී වැනි විද්‍යුත් හෝ තාප පරිවාරක ද්‍රව්‍යයකින් තනා ඇත. නික්‍රෝම් දඟරය මගින් රත් වනු ලබන්නේ පාහනයේ තුඩ යි.

පාහනයේ තුඩ අවශ්‍යතාව අනුව විවිධ හැඩ යොදා සදා ඇත.

විවිධ බවුත් වර්ග


විදුලි පාහනය සඳහා ඇති තුඩ තඹ හෝ සෙරමික් තුඩු වේ. තඹවලට වඩා සෙරමික් තුඩු වඩා යෝග්‍ය වේ. එයට හේතුව නම් තඹ තුඩු භාවිතයේ දී ක්ෂය වී හැඩය වෙනස් වන නමුත් සෙරමික් තුඩු එසේ නොවන බැවිනි.
විදුලි පාහනයේ රත් වීමේ ප්‍රමාණය එහි ජව අගය මත රඳා පවති. ඒ අනුව 30W, 40W, 60W, 100W ආදී ජව ප්‍රමාණයෙන් යුත් විදුලි පාහන ලබාගත හැකි ය. සාමාන්‍යයෙන් ඉලෙක්ට්‍රොනික උපාංග එකලස් කිරීම සඳහා 30W හා 40W විදුලි පාහන යෝග්‍ය වේ.
සමහර ඉලෙක්ට්‍රොනික උපාංග පෑස්සීම සඳහා 230V ප්‍රත්‍යවර්ත ධාරාවෙන් ක්‍රියා කරන පාහන සුදුසු නො වේ. ඒ සඳහා සරල ධාරා විදුලියෙන් ක්‍රියා කරන විදුලි පාහන භාවිත කළ යුතු වේ.

ඊයම් උරවනය (De Soldering Pump)
පාස්සන ලද ස්ථානයක ඇති ඊයම්, විදුලි පාහනය මගින් ද්‍රව කොට ඉවත් කිරීමට මෙම උපකරණය භාවිත කරයි. මෙම උපකරණය භාවිත කිරීමෙන් පෑස්සූ උපාංගයට හා පරිපථ පුවරුවට හානියක් නො වන ලෙස උපාංග ගලවා ඉවත් කළ හැකි ය.

පෑස්සීම
මෘදු පෑස්සීමේ දී ප්‍රථමයෙන් පාස්සනු ලබන ස්ථානය හෝ වයර පිරිසිදු කර ගත යුතු ය. තෙල්, මල, දූවිලි ආදිය ඇත්නම් ඒවා ඉවත් කර ගත යුතු වේ. 
පෑස්සුම් ඊයම් ස්වල්පයක් රත් වූ පාහන තුඩට ගෙන පෑස්සිය යුතු ස්ථානයට තබන්න. අනතුරු ව පෑස්සිය යුතු ස්ථානයේ හොඳින් රත් වූ පාහන තුඩ තබා ඊයම් ද්‍රව වන උෂ්ණත්වයට ඉහළ ගිය වහාම පෑස්සුම් ඊයම් පෑස්සුම් තුඩට ස්පර්ශවන සේ තැබිය යුතු ය. එවිට පෑස්සුම් ද්‍රව්‍ය ක්ෂණික ද්‍රව වී අවශ්‍ය ස්ථානයේ ගලා යයි. ඒ විගස ම ඊයම් කම්බිය ඉවත් කොට තවත් මොහොතකින් පාහන තුඩ ද ඉවතට ගත යුතු වේ. එවිට මනාව පෑස්සුම් ක්‍රියාවලියක් සිදු කර ගත හැකි ය. විදුලි පාහනය හා ස්ථානය හොඳින් රත් නොවීමෙන් වියළි පෑස්සුමක් (Dry joint) ලැබෙන අතර එය ශක්තිමත් නො වේ. පාස්සන ක්‍රියා පිළිවෙළ  රූපයේ දක්වා ඇත.

නිවැරදිව පාස්සන ආකාරය


Related Posts:

  • වී වගාවේ තවාන් වී වගාවේ තවාන් ක්‍රම ගැන විස්තර ටිකක් තියෙන ලිපියක් හම්බ වුණා. මේක කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ ප්‍රකාශනයක්.  කියවලා බලන්නකෝ... තවාන් ක්‍රම ගැන අවබෝධයක් ලබා ගන්න මේ ලිපිය උදව්වක් වේවි. මෙතනින් ගන්න. … Read More
  • ජලයේ කඨිනත්වය ජලයේ කඨිනත්වය සහ කැල්සියම් අයන ප්‍රතිශතය හොයන ආකාරය ගැන ලිපියක් මෙන්න තියෙනවා.  ජලය කොටස ඉගෙන ගන්න මගේ දරුවන්ට මේක වැදගත් වේවි. මෙතනින් බාගන්න එහෙනම්.… Read More
  • පසු අස්වනු තාක්ෂණය ජෛව පද්ධති තාක්ෂණවේදය විෂයේ එක ඒකකයක් තමයි පසු අස්වනු තාක්ෂණය. මේ ඒකකයට අදාළ  සටහනක් තමයි මම අද ඔයාලාට දෙන්නේ. කියවලා දැනුම ලබාගෙන සාර්ථකව විභාගයට මුහුණ දෙන්න. ඩවුන්ලෝඩ් කරගෙන යන ගමන් යටින් comment එකක් එහෙම දැම්මා… Read More
  • බද්ධ කිරීම බද්ධ කිරීම ගැන සිංහලෙන්ම තියෙන් වීඩියෝ දෙකක්ම  මෙන්න. මම හදපුවා නම් නෙවෙයි. කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ. මෙන්න 01 02… Read More
  • කෘෂි විද්‍යාව පුණරීක්ෂණ අභ්‍යාස සංග්‍රහය මෙන්න ජාතික අධ්‍යාපන ආයතනයෙන් දීපු කෘෂි විද්‍යාව පුණරීක්ෂණ අභ්‍යාස සංග්‍රහය. කෘෂි විද්‍යාව හදාරන දරුවන්ට වගේම ජෛව පද්ධති තාක්ෂණවේදය හදාරන දරුවන්ටත් සමහර ඒකක සදහා මේක බොහෝම ප්‍රෙයා්ජනවත්.  ඩවුන්ලෝඩ් කරගන්න මෙතන කොටන්… Read More

0 comments:

Post a Comment