Monday, November 25, 2019

ස්වයංක්‍රීය කාලගුණික මධ්‍යස්ථානය - Automated Weather Station - AWS

ස්වයංක්‍රීය කාලගුණික මධ්‍යස්ථානය
ස්වයංක්‍රීයව කාලගුණික දත්ත ලබා ගැනීමටත් ඒවා නිශ්චිත ස්ථානයකට සම්ප්‍රේශනය කිරීමටත් හැකි වන පරිදි කාලගුණයෙන් බාධා නොවන සේ (Weather Proof) ආවරණය කරන ලද,
දත්ත එකතුකරණයක් (Data logger)
පුනරාරෝපණය කළ හැකි බැටරියක් (Rechargeable battery)
සංවේදක (Sensors)
යන අංග වලින් සමන්විත ඇටවුමක්, ස්වයංක්‍රීය කාලගුණික මධ්‍යස්ථානයක් ලෙස හදුන්වයි.



මෙම මධ්‍යස්ථාන සදහා විදුලි බලය සපයන්නේ සූර්ය ශක්තිය හෝ සුළං බලයෙනි. සූර්යාලෝකය අඩු කාලවල දී සුළං බලය ප්‍රයෝජනයට ගන්නා අතර සමහර අවස්ථාවල රැහැන් මගින් විදුලි බලය ලබා ගනියි.
සූර්ය කෝෂ හා සුළං ටර්බයින හරහා පුනරාරෝපණය කළ හැකි බැටරි වලට සම්බන්ධ ව පවතී.
දත්ත එකතුකරනය මෙම කාලගුණ මධ්‍යස්ථානයේ හදවත බදු ය. එමගින් සංවේදකවලතොරතුරු එකතු කර ගැනීමත්, එකතු කර ගත් දත්ත සකස් කිරීම හා ගණනය කිරීමත් සිදු කරයි. එමෙන් ම, දත්ත ගබඩා කිරීම, අවශ්‍ය අවස්ථාවල දී දත්ත විවිධ මාධ්‍යයන් ඔස්සේ ලබා දීම සිදු කරයි.
ස්වයංක්‍රීය කාලගුණික මධ්‍යස්ථානයක සියලු ම කාලගුණ උපකරණ කුඹගස (කුළුනකට) සවිකර ඇත. කුඹගසෙහි උස විවිධ අවශ්‍යතා මත 2,3,10m සහ 30m යන උසවලින් සවි කරනු ලබයි. 


  • මිනිසාට බලපෑම් ඇති කරන කාලගුණික දත්ත ලබා ගැනීමට 2m ක් උසින් කුළුන පිහිටුවයි.
  • බෝගවලට හානි කරන කාලගුණික දත්ත ලබා ගැනීමට 3m ක් උසින් කුළුණ පිහිටුවයි.
  • ගස්, ගොඩනැගිලි ආදී බාධකවලින් තොර ව දත්ත ලබා ගැනීමට අවශ්‍ය වූ විට 10m ක් උසින් පිහිටුවයි.
  • විශාල පරාසයක කාලගුණික දත්ත ලබා ගැනීමට අවශ්‍ය්‍ය වූ විට 30m ක් උසින් කුළුණ පිහිටුවයි.


මෙම මධ්‍යස්ථානවල කාලගුණික දත්ත ලබා ගැනීම සදහා සංවේදක සහිත පහත සඳහන් උපකරණ භාවිත කරනු ලැබේ.  
● උෂ්ණත්වමානය
● සුළං දිශා දර්ශකය
● අනිලමානය
● ආර්ද්‍රතාමානය
● වායු පීඩනමාන
● වළාකුළුවල උස මැනීම සදහා Ceilometer
● වර්ෂාමාන / වර්ෂණ ආකාර මනින උපකරණ
● සූර්ය විකිරණතාව මනින උපකරණ (Pyranometer)

සාම්ප්‍රදායික කාලගුණ නිරීක්ෂණ මධ්‍යස්ථාන වෙනුවට ස්වයංක්‍රීය කාලගුණික මධ්‍යස්ථාන භාවිතයේ වාසි 

  • සියලු ම කාලගුණික දත්ත අවශ්‍ය වේලාවට නිවසේ/ කාර්යාලයේ සිට ම ලබා ගත හැකි ය.
  • නිතිපතා සිදු කළ යුතු නඩත්තු කිරීම් ස්වයංක්‍රිය ව සිදු වේ. උදා - වර්ෂාමාන හිස් වීම
  • කාලගුණික දත්තවල උපරිම හා අවම අගයන් මෙන් ම මාසික, වාර්ෂිකව දත්ත අවශ්‍ය විට ස්වයංක්‍රීය ව ලබා දේ.
  • දිනක් තුළ කාලගුණික දත්ත වෙනස් වීම ස්වයංක්‍රීය ව ලබා දේ. උදා- සුළං වේගය වෙනස් වීම හා දිශාව
  • දත්ත ස්වයංක්‍රීය ව එකතු කිරීම හා ඇගයීම සිදු කරයි.
  • ඕනෑ ම දුරක සිට කාලගුණික මධ්‍යස්ථානයේ තොරතුරු අන්තර්ජාලය හරහා ලබා ගත හැකි ය.
  • කම්කරු ශ්‍රමයක් අවශ්‍ය නැත.
  • ඉතා දුෂ්කර පරිසරයක වුව ද ස්ථානගත කර අවශ්‍ය දත්ත ලබා ගත හැකි ය.



Related Posts:

  • සමෝච්ඡ රේඛා මඟින් භූ විෂමතා ලක්ෂණ හඳුනා ගැනීම තැනිතලාව තැනිතලා ප‍්‍රදේශවල අඩු විෂමතාවක් දක්නට ලැබුණ ද ඇතැම් විට තැනිතලාවේ උස් ස්ථාන ද තිබිය හැකි ය. එවැනි ස්ථාන තැන් උස මඟින් දැක්වේ. සිතියමක තැනිතලා බිමක් හඳුනා ගත හැක්කේ සමෝච්ච රේඛා නොමැති වීම හෝ සමෝච්ච රේඛ… Read More
  • ආගන්තුක ආක්‍රමණශීලී ජීවී විශේෂ  ආක‍්‍රමණික ආගන්තුක ජීවී විශේෂ අතීතයේ හෝ වර්තමානයේ ස්වභාවිකව පැතිරී ඇති ප‍්‍රදේශයෙන්/රටින් පිටත වෙනත් පරිසරයකට හඳුන්වා දී ඇති හෝ පැතිරී ඇති ජෛව විවිධත්වයට තර්ජනයක් ඇති කරන ජීවීන් ආගන්තුක ආක‍්‍රමණශීලී ජීව… Read More
  • සගන්ධ තෙල් නිෂ්පාදනය සගන්ධ තෙල් ශාක ද්‍රව්‍යවලින් නිස්සාරණය කරනු ලබන ජලයේ අද්‍රාව්‍ය වාෂ්පශීලි ද්‍රව සගන්ධ තෙල් වශයෙන් හඳුන්වනු ලැබේ. විවිධ සගන්ධ තෙල්වල ඒවාට ම ලාක්ෂණික වූ ගන්ධයක් ඇත. සගන්ධ තෙල් මඟින් ආහාර වර්ග සුවඳවත් කිරීමෙන් ආ… Read More
  • ව්‍යවසායකත්වය ව්‍යවසායකත්වය ව්‍යවසායකත්වය යනු පරිසරයේ ඇති ව්‍යාපාර අවස්ථා හඳුනාගෙන අවදානම් දරමින් නිර්මාණශීලිත්වය තුළින් නවෝත්පාදන බිහි කිරීමෙහි යෙදෙන මිනිස් චින්තනය හා සම්බන්ධ වූ ක්‍රියාවලියකි. ඒ අනුව, ව්‍යවසායකත්වය … Read More
  • දැව ගැන දැව ඉදිකිරීම් කර්මාන්තයේ දී යොදා ගන්නා ප‍්‍රධාන ද්‍රව්‍යයක් ලෙස දැව හඳුන්වා දිය හැකි ය. ස්වභාවයෙන් පවතින ගස්වල කඳ සහ අතු පරිවර්තනය කිරීම මගින් ලබා ගන්නා දැව සේම දැව කොටස් යොදාගෙන නිපදවනු ලබන කෘතිම දැව ද භාවිතයට ගන… Read More

2 comments: