Monday, November 25, 2019

ස්වයංක්‍රීය කාලගුණික මධ්‍යස්ථානය - Automated Weather Station - AWS

ස්වයංක්‍රීය කාලගුණික මධ්‍යස්ථානය
ස්වයංක්‍රීයව කාලගුණික දත්ත ලබා ගැනීමටත් ඒවා නිශ්චිත ස්ථානයකට සම්ප්‍රේශනය කිරීමටත් හැකි වන පරිදි කාලගුණයෙන් බාධා නොවන සේ (Weather Proof) ආවරණය කරන ලද,
දත්ත එකතුකරණයක් (Data logger)
පුනරාරෝපණය කළ හැකි බැටරියක් (Rechargeable battery)
සංවේදක (Sensors)
යන අංග වලින් සමන්විත ඇටවුමක්, ස්වයංක්‍රීය කාලගුණික මධ්‍යස්ථානයක් ලෙස හදුන්වයි.



මෙම මධ්‍යස්ථාන සදහා විදුලි බලය සපයන්නේ සූර්ය ශක්තිය හෝ සුළං බලයෙනි. සූර්යාලෝකය අඩු කාලවල දී සුළං බලය ප්‍රයෝජනයට ගන්නා අතර සමහර අවස්ථාවල රැහැන් මගින් විදුලි බලය ලබා ගනියි.
සූර්ය කෝෂ හා සුළං ටර්බයින හරහා පුනරාරෝපණය කළ හැකි බැටරි වලට සම්බන්ධ ව පවතී.
දත්ත එකතුකරනය මෙම කාලගුණ මධ්‍යස්ථානයේ හදවත බදු ය. එමගින් සංවේදකවලතොරතුරු එකතු කර ගැනීමත්, එකතු කර ගත් දත්ත සකස් කිරීම හා ගණනය කිරීමත් සිදු කරයි. එමෙන් ම, දත්ත ගබඩා කිරීම, අවශ්‍ය අවස්ථාවල දී දත්ත විවිධ මාධ්‍යයන් ඔස්සේ ලබා දීම සිදු කරයි.
ස්වයංක්‍රීය කාලගුණික මධ්‍යස්ථානයක සියලු ම කාලගුණ උපකරණ කුඹගස (කුළුනකට) සවිකර ඇත. කුඹගසෙහි උස විවිධ අවශ්‍යතා මත 2,3,10m සහ 30m යන උසවලින් සවි කරනු ලබයි. 


  • මිනිසාට බලපෑම් ඇති කරන කාලගුණික දත්ත ලබා ගැනීමට 2m ක් උසින් කුළුන පිහිටුවයි.
  • බෝගවලට හානි කරන කාලගුණික දත්ත ලබා ගැනීමට 3m ක් උසින් කුළුණ පිහිටුවයි.
  • ගස්, ගොඩනැගිලි ආදී බාධකවලින් තොර ව දත්ත ලබා ගැනීමට අවශ්‍ය වූ විට 10m ක් උසින් පිහිටුවයි.
  • විශාල පරාසයක කාලගුණික දත්ත ලබා ගැනීමට අවශ්‍ය්‍ය වූ විට 30m ක් උසින් කුළුණ පිහිටුවයි.


මෙම මධ්‍යස්ථානවල කාලගුණික දත්ත ලබා ගැනීම සදහා සංවේදක සහිත පහත සඳහන් උපකරණ භාවිත කරනු ලැබේ.  
● උෂ්ණත්වමානය
● සුළං දිශා දර්ශකය
● අනිලමානය
● ආර්ද්‍රතාමානය
● වායු පීඩනමාන
● වළාකුළුවල උස මැනීම සදහා Ceilometer
● වර්ෂාමාන / වර්ෂණ ආකාර මනින උපකරණ
● සූර්ය විකිරණතාව මනින උපකරණ (Pyranometer)

සාම්ප්‍රදායික කාලගුණ නිරීක්ෂණ මධ්‍යස්ථාන වෙනුවට ස්වයංක්‍රීය කාලගුණික මධ්‍යස්ථාන භාවිතයේ වාසි 

  • සියලු ම කාලගුණික දත්ත අවශ්‍ය වේලාවට නිවසේ/ කාර්යාලයේ සිට ම ලබා ගත හැකි ය.
  • නිතිපතා සිදු කළ යුතු නඩත්තු කිරීම් ස්වයංක්‍රිය ව සිදු වේ. උදා - වර්ෂාමාන හිස් වීම
  • කාලගුණික දත්තවල උපරිම හා අවම අගයන් මෙන් ම මාසික, වාර්ෂිකව දත්ත අවශ්‍ය විට ස්වයංක්‍රීය ව ලබා දේ.
  • දිනක් තුළ කාලගුණික දත්ත වෙනස් වීම ස්වයංක්‍රීය ව ලබා දේ. උදා- සුළං වේගය වෙනස් වීම හා දිශාව
  • දත්ත ස්වයංක්‍රීය ව එකතු කිරීම හා ඇගයීම සිදු කරයි.
  • ඕනෑ ම දුරක සිට කාලගුණික මධ්‍යස්ථානයේ තොරතුරු අන්තර්ජාලය හරහා ලබා ගත හැකි ය.
  • කම්කරු ශ්‍රමයක් අවශ්‍ය නැත.
  • ඉතා දුෂ්කර පරිසරයක වුව ද ස්ථානගත කර අවශ්‍ය දත්ත ලබා ගත හැකි ය.



Related Posts:

  • තාක්ෂණවේදය සදහා විද්‍යාව - Science for Technology සටහන් මෙන්න ඹබට SFT සිද්ධාන්ත සටහන් තොගයක්ම. ඇතැම් ඒවා පැරණි විෂය නිර්දේශයට අදාළ ඒවා. නමුත් නව විෂය නිර්දේශයටත් ඒවා අදාළයි. ඩවුන්ලෝඩ් කරගෙන කියවලා බලන්න. අදාළ මාතෘකාව click කරලා ඩවුන්ලෝඩ් කරගන්න පුලුවන්. සැ.යු.  - මෙහි … Read More
  • පාංශු සංරක්ෂණ ක්‍රම පාංශු සහ ජල සංරක්ෂණ ක්‍රම ගැන සිංහලෙන්ම පැහැදිලි  කෙරෙන වීඩියෝවක් මෙන්න. බලලා අවබෝධයක් ලබා ගන්නකො එහෙනම්.  අපේ blog අඩවිය ගැන ඔබේ අදහසත් යටින් comment කරගෙන යන්න පුලුවන්නම් ගොඩක් වටිනවා. මෙතනින් ගිහින් බලන්න.… Read More
  • වී වගාව මෙන්න වී වගාව ගැන විස්තර ඇතුළත් පොතක්ම. කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ ප්‍රකාශනයක්. බාගෙන කියවලා බලන්න. පසු අස්වනු තාක්ෂණය යටතේ එන වී වල පසු අස්වනු තාක්ෂණය කොටසට අදාළ කරුණුත් මෙහි අන්තර්ගතයි.  මෙතනින් බාගන්න.… Read More
  • එන්ජිමක ප්‍රධාන සංරචක01. සිලින්ඩර බඳ - CYLINDER BLOCK එක ම කොටසක් ලෙස චීනට්චට්ටි ලෝහයෙන් හෝ වෙනත් මිශ්‍ර ලෝහ මගින් වාත්තු කර ඇත. වාත්තු කිරීමේ දී පිස්ටන් චලිතය සඳහා සිලින්ඩර බෝරයන් ද, දඟර කඳ භ්‍රමණය සඳහා මව්බෝරයන් ද, කැමිදණ්ඬේ ක්‍රියාක… Read More
  • ජෛව පද්ධති තාක්ෂණවේදය උසස් අධ්‍යාපන අවස්ථා උසස්පෙළට BST කරන අපට තියෙන උසස් අධ්‍යාපන අවස්ථා ගැන තාම අපේ දරුවෝ සමහරු දන්නේ නැහැ. ඒ නිසා ඒ පිළිබදව අධ්‍යාපන අමාත්‍යංශයෙන් විශේෂ දැනුවත් කිරීමක් නිකුත් කරලා තියෙනවා. බලලා අවබෝධයක් ලබා ගන්න.  මෙතනින් ගන්න.… Read More

2 comments: