Monday, November 25, 2019

ස්වයංක්‍රීය කාලගුණික මධ්‍යස්ථානය - Automated Weather Station - AWS

ස්වයංක්‍රීය කාලගුණික මධ්‍යස්ථානය
ස්වයංක්‍රීයව කාලගුණික දත්ත ලබා ගැනීමටත් ඒවා නිශ්චිත ස්ථානයකට සම්ප්‍රේශනය කිරීමටත් හැකි වන පරිදි කාලගුණයෙන් බාධා නොවන සේ (Weather Proof) ආවරණය කරන ලද,
දත්ත එකතුකරණයක් (Data logger)
පුනරාරෝපණය කළ හැකි බැටරියක් (Rechargeable battery)
සංවේදක (Sensors)
යන අංග වලින් සමන්විත ඇටවුමක්, ස්වයංක්‍රීය කාලගුණික මධ්‍යස්ථානයක් ලෙස හදුන්වයි.



මෙම මධ්‍යස්ථාන සදහා විදුලි බලය සපයන්නේ සූර්ය ශක්තිය හෝ සුළං බලයෙනි. සූර්යාලෝකය අඩු කාලවල දී සුළං බලය ප්‍රයෝජනයට ගන්නා අතර සමහර අවස්ථාවල රැහැන් මගින් විදුලි බලය ලබා ගනියි.
සූර්ය කෝෂ හා සුළං ටර්බයින හරහා පුනරාරෝපණය කළ හැකි බැටරි වලට සම්බන්ධ ව පවතී.
දත්ත එකතුකරනය මෙම කාලගුණ මධ්‍යස්ථානයේ හදවත බදු ය. එමගින් සංවේදකවලතොරතුරු එකතු කර ගැනීමත්, එකතු කර ගත් දත්ත සකස් කිරීම හා ගණනය කිරීමත් සිදු කරයි. එමෙන් ම, දත්ත ගබඩා කිරීම, අවශ්‍ය අවස්ථාවල දී දත්ත විවිධ මාධ්‍යයන් ඔස්සේ ලබා දීම සිදු කරයි.
ස්වයංක්‍රීය කාලගුණික මධ්‍යස්ථානයක සියලු ම කාලගුණ උපකරණ කුඹගස (කුළුනකට) සවිකර ඇත. කුඹගසෙහි උස විවිධ අවශ්‍යතා මත 2,3,10m සහ 30m යන උසවලින් සවි කරනු ලබයි. 


  • මිනිසාට බලපෑම් ඇති කරන කාලගුණික දත්ත ලබා ගැනීමට 2m ක් උසින් කුළුන පිහිටුවයි.
  • බෝගවලට හානි කරන කාලගුණික දත්ත ලබා ගැනීමට 3m ක් උසින් කුළුණ පිහිටුවයි.
  • ගස්, ගොඩනැගිලි ආදී බාධකවලින් තොර ව දත්ත ලබා ගැනීමට අවශ්‍ය වූ විට 10m ක් උසින් පිහිටුවයි.
  • විශාල පරාසයක කාලගුණික දත්ත ලබා ගැනීමට අවශ්‍ය්‍ය වූ විට 30m ක් උසින් කුළුණ පිහිටුවයි.


මෙම මධ්‍යස්ථානවල කාලගුණික දත්ත ලබා ගැනීම සදහා සංවේදක සහිත පහත සඳහන් උපකරණ භාවිත කරනු ලැබේ.  
● උෂ්ණත්වමානය
● සුළං දිශා දර්ශකය
● අනිලමානය
● ආර්ද්‍රතාමානය
● වායු පීඩනමාන
● වළාකුළුවල උස මැනීම සදහා Ceilometer
● වර්ෂාමාන / වර්ෂණ ආකාර මනින උපකරණ
● සූර්ය විකිරණතාව මනින උපකරණ (Pyranometer)

සාම්ප්‍රදායික කාලගුණ නිරීක්ෂණ මධ්‍යස්ථාන වෙනුවට ස්වයංක්‍රීය කාලගුණික මධ්‍යස්ථාන භාවිතයේ වාසි 

  • සියලු ම කාලගුණික දත්ත අවශ්‍ය වේලාවට නිවසේ/ කාර්යාලයේ සිට ම ලබා ගත හැකි ය.
  • නිතිපතා සිදු කළ යුතු නඩත්තු කිරීම් ස්වයංක්‍රිය ව සිදු වේ. උදා - වර්ෂාමාන හිස් වීම
  • කාලගුණික දත්තවල උපරිම හා අවම අගයන් මෙන් ම මාසික, වාර්ෂිකව දත්ත අවශ්‍ය විට ස්වයංක්‍රීය ව ලබා දේ.
  • දිනක් තුළ කාලගුණික දත්ත වෙනස් වීම ස්වයංක්‍රීය ව ලබා දේ. උදා- සුළං වේගය වෙනස් වීම හා දිශාව
  • දත්ත ස්වයංක්‍රීය ව එකතු කිරීම හා ඇගයීම සිදු කරයි.
  • ඕනෑ ම දුරක සිට කාලගුණික මධ්‍යස්ථානයේ තොරතුරු අන්තර්ජාලය හරහා ලබා ගත හැකි ය.
  • කම්කරු ශ්‍රමයක් අවශ්‍ය නැත.
  • ඉතා දුෂ්කර පරිසරයක වුව ද ස්ථානගත කර අවශ්‍ය දත්ත ලබා ගත හැකි ය.



Related Posts:

  • සිද්ධාන්ත සටහන් - ගොවිපළ යාන්ත්‍රිකරණය මෙන්න ගොවිපළ යාන්ත්‍රිකරණය ඒකකයට අදාළ පූර්ණ සිද්ධාන්ත සටහන. මේ නිබන්ධන අපේ පන්ති වලට සහභාගී වන සිසුන්ට නොමිලේ ලබා දීලා තියෙනවා. නමුත් Online පන්ති සඳහා සහභාගී වීමට බලාපොරොත්තු වන අනෙක් අයට අවශ්‍ය වෙන නිසා දැම්මා. අවශ්‍ය අ… Read More
  • විසිතුරු මත්ස්‍ය වගාව විසිතුරු මත්ස්‍ය වගාව සම්බන්ධ Presentation එකක් ඔබට දෙනවා. ජල ජීවී වගාව ඒකකයට අදාළ විසිතුරු මසුන් ගැන තෙරතුරු සමූහයක් රූපසටහන් එක්කම මෙහි තියෙනවා.  මේ Presentation එක මම නිර්මාණය කරපු එකක් නෙවෙයි. ජල ජීවී වගා සංවර්ධ… Read More
  • සිද්ධාන්ත සටහන් - ජල ජීවී වගාව ජලජීවී වගාව ඒකකයට අදාළ සිද්ධාන්ත සටහන මෙන්න. පහළ තියෙන Link එකෙන් Download කරගන්න. මෙන්න මෙතනින් ගන්න. මෙයින් ඔබ යම් ප්‍රෙයා්ජනයක් ලබනවානම් යටින් Comment එකක් දාලා යන්න. එය මට ලොකු ශක්තියක් වේවි. … Read More
  • දියර ඉසින යන්ත්‍ර ක්‍රමාංකනය පළිබෝධනාශක යෙදීමට භාවිත කරන දියර ඉසින යන්ත්‍ර ගැන ගොවිපළ යාන්ත්‍රීකරණය ඒකකයෙදි ඉගෙනගන්නවානේ. ඔන්න දියර ඉසින යන්ත්‍ර ක්‍රමාංකනය කරන ආකාරය ගැන කෘෂිකර්ම දෙපාර්තමේන්තුවෙන් නිකුත් කරපු ලිපියක්. කියවලා බලන්නකෝ.මෙතනින් ගන්න.… Read More
  • ජල සම්පාදන ක්‍රමමෙන්න ජල සම්පාදන ක්‍රම පිළිබඳව ඉතා වටිනා වීඩියෝවක්. ගොවිපළ යාන්ත්‍රීකරණය ඒකකයට වැදගත් වේවි. මේක කෘෂිකර්ම දෙපාර්තමේන්තුවෙන් නිෂ්පාදනය කරපු එකක්.මෙතනින් ගිහින් බලන්න. … Read More

2 comments: